IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කොම්පියුටරය නිසා පැරදී යළි දිනූ මන්ත්‍රී

 

2000 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයගත් පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත් වී වැඩි කාලයක් නොයවාම ඔවුන් සතුව තිබු පාර්ලිමේන්තු බහුතරය එක්වරම පිරිහී ගියේය. එසේ වූයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හත් අට දෙනෙකු ජනාධිපතිනිය සමග ගැටුම් ඇති කරගෙන විපක්ෂයට ගොස් අසුන් ගත් බැවිනි. 


ඒ වන විට එම ආණ්ඩුවට එරෙහිව ප්‍රධාන විපක්ෂය වූ එ.ජා.ප.යෙන් බරපතළ චෝදනා සහිත විශ්වාසභංගය විවාදයට ගැනීම සියතින්ම ගෙල කපා ගැනීමක් විය හැකි බව චන්ද්‍රිකා ජනාධිපතිනියගේ විශ්වාසය විය. 


“හරි මම කරන්නම්කො හොඳ වැඩක්” යි කී ජනාධිපතිනිය එදින මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළාය. ඒ අනුව එවකට පැවැති පාර්ලිමේන්තුව තමන් සතු විධායක බලතල යටතේ විසුරුවා හැරීමට ජනාධිපතිනිය විසින් තීන්දු කර තිබුණේ එසේ නොකර විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබුවා නම් තම ආණ්ඩුව ස්ථිර ලෙසින්ම පරාජයට පත්වන බව සක්සුදක් සේ පෙනීගොස් තිබුණ බැවිනි. 


“එහෙම වුණොත් අපට මහ මැතිවරණයකට යන්න වෙන්නේ පාරාජිකා වෙච්ච පක්ෂයක් හැටියට. ඊට වඩා හොඳයි අපේ අපරාජිත බවත් රැකගෙන ඡන්දයට යන එකයි” සිතූ චන්ද්‍රිකා මැතිනියගේ විශ්වාසය වූයේ තම පක්ෂයේ අපරාජිතභාවයන් රැකගෙන ඡන්දයකට යාම වඩාත් කාලෝචිත බවය. 


එලෙස උපකල්පනය කරමින් මහ මැතිවරණයකට අවතීර්ණ වුවද පොදු ජන පෙරමුණ මහ මැතිවරණය ආරම්භ කෙරෙන අවස්ථාව වන විටත් ප්‍රධාන විපක්ෂය වූ එ.ජා.ප.යට වඩා අඩි කීපයක් පසුපසින් සිටියේය. ඡන්දය පැවැත්වෙන දිනට සති කීපයක සිටම දකින්නට ලැබුණ එම ප්‍රවණතාව හමුවේ එ.ජා.ප.යේ ප්‍රබලයන් පසු වූයේ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුවය. 


එවර පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා එජාපයෙන් තරග කළ සිඞ්නි ජයරත්න මහතාගේ අදහස වූයේ ද එම ඡන්දයෙන් නිසැකවම ජයගන්නා බවය. ඒත් ඉතින් කියන්න බැහැනේ අන්තිමේදී මොන ගිනි විජ්ජුබ්බරයක් සිද්ධ වේවිද කියලායි සිතූ ඔහු කච්චේරියේ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානයට පත්කෙරෙන තමන්ගේ නියෝජිතයන් හරහා එක් එක් අපේක්ෂකයන්ට වැටී ඇති මනාප සංඛ්‍යාව නිල නොවන මට්ටමින් තමන් වෙත ලබාගැනීමට රහසිගතව වැඩපිළිවෙළක් යොදා තිබුණේය. 


දැන් ඔන්න ඡන්ද විමසීම අවසන් වුණාට පස්සේ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගෙනැවිත් ගණන් කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද සංඛ්‍යාව අඩු නිසා පහුවදා පාන්දර දෙක තුනවෙන කොට ඡන්ද ගණන් කිරීම අවසන් වුණා. දැන් නිල නොවන විදියට මට දැනගන්න ලැබුණා මට ලැබුණු මනාප සංඛ්‍යාව ගැන. ඒ අනුව මමත් ඉන්නේ ජයග්‍රාහී අපේක්ෂකයන් අතරේ. 


සිඞ්නිගේ නියෝජිතයන් මගින් එම නිල නොවන සංඛ්‍යා ලේඛනය ඔහු අතට පත් වන විටත් දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵල ලේඛනය පරිගණකය මගින් ලහි ලහියේ සැකසෙමින් තිබුණේය. ඒ අනුව පෙනෙන්ට තිබුණේ සිඞ්නිගේ නම ජයග්‍රාහී අපේක්ෂකයන් අතරින් හැලී ගොස් ඇති බවය. එහෙත් තම නියෝජිතයන් විසින් තමන් වෙත සැපයු නිල නොවන ප්‍රතිඵල සියයට සියක්ම නිවැරැදි යැයි ඔහු තුළ දැඩි විශ්වාසයක් විය. 


“එහෙම කොහොමද වෙන්නේ? මෙතන මොකක් හරි මගඩියක් සිද්ධ වෙලා තියෙනවා.” යි සිතූ ඔහුට ඒ සමගම මතකයට නැගුණේ ඊට පෙර පැවැති වයඹ පළාත් සභා ඡන්දයේදී සිදුවී ඇතැයි කියන කොමිපියුටර් ජිල්මාට් පිළිබඳ නොයෙකුත් විකාර රූපී සිතිවිලි සමූහයකි. 


එසැණින් යක්ෂාවේෂ සිඞ්නි ජයරත්න දිසා ලේකම්වරයාගේ නිල කාමරයට කඩාවැදුණේය. දිස්ත්‍රික්කයේ ප්‍රධාන තේරීම් බාර නිලධාරියා වු හෙතෙම ඒ මොහොතේ පසුවූයේ කොළඹ ප්‍රධාන මැතිවරණ කාර්යාලය සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමිනි. 


“මොකක්ද දිසා ලේකම්තුමා මේ සිද්ධ වෙන්නේ? මගේ මනාප කොහොමද කොම්පියුටර් රූම් එකේදි වෙනස් වුණේ. ඡන්ද ගණන් කරන කොට මට මනාප මෙච්චරක් තිබුණ බවට ඔබතුමාගේ නිලධාරීන් සහතික කරලත් තියෙනවා” යි කී ඔහු තමන් සතුව තිබුණ ගණන් හිළවු සහිත ලේඛනය ද ඒ සමගම දිසා ලේකම්වරයාට පෙන්වූවේය. 


ඒ සමගම ඔහු කියා සිටියේ මේ පිළිබඳ සොයා නොබලන්නේ නම් ඒ මොහොතේ සිටම දිසා ලේකම්වරයාගේ මේසය උඩට නැග මාරාන්තික උපවාසයක් අරඹන බවය. 
“ඉන්න ඉන්න මිස්ට ජයරත්න මම මේ ගැන දැන්මම සොයා බලන්නම්” යි කී දිසා ලේකම්වරයා සිඞ්නි අස්වසා ප්‍රධාන පාලක මැදිරිය වෙත දුව ගියේ සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමටය. 


අන්තිමේදී බලන විට සිදුවී තිබුණේ මනාප ඡන්ද ලේඛනයේ දත්තයන් පරිගණකයට ඇතුළත් කරන විට කුමන හෝ හේතුවක් නිසා සිඞ්නි ගේ මනාප සංඛ්‍යාව අඩුවෙන් සටහන්ව තිබීමය. ඒ අනුව ඔහු එම වැරැද්ද වහා නිවැරැදි කිරීමට පියවර ගත් අතර එවර ඡන්දයෙන් මනාප 28,109ක් ලැබූ සිඞ්නි ජයරත්න පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජයග්‍රාහි එ.ජා.ප. අපේක්ෂකයන් අතරින් තුන්වැනියාට තේරී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වීම එහි ඊළඟ ප්‍රතිඵලය විය.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

කොම්පියුටරය නිසා පැරදී යළි දිනූ මන්ත්‍රී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29533 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18228 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11753 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 728 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 216 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 866 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site