(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුපියල් ලක්ෂ පහක ගනුදෙනුවක් ලබා ගන්නට ගිය ගමන රුපියල් පන්දහසකින් සෑහීමට පත් වන්නට සිදුවී කුලී කාරයේ ගමන් වියදමවත් පියවා ගන්නට නොහැකිවූ තැන බිරියගේ දෝස්මුරයකට ලක්වූ සැමියකු පිළිබඳව පසුගියදා සියනෑවෙන් වාර්තා විය.
මුදලට සිය ජන්මය පවා පාවාදෙන සැමියෙකි. ඕනෑම කටයුත්තකට දායකවීමට මුදලක් අපේක්ෂා කරයි. බිරිය ද ඊට නොදෙවෙනිය. තමන්ගේ තත්ත්වය ද නොසලකා ඇය සැමියාගේ වැඩට එකපයින්ය. මැතිවරණ සටනට දායක වන පුද්ගලයකු හමුවී ඔහුට සේවය සලසන මුවාවෙන් ගාණක් කඩා ගැනීමට මේ සැමියා උපක්රමශීලීව කටයුතු කළේය. ඒ ගමනට බිරිය ද එක් වූවාය. ඇය මේ ගමනට එක්වූයේ ලාභයෙන් අඩක් දෙන බව සැමියා කී නිසාය.
තමන්ගේ යතුරු පැදියෙන් ගියොත් අවතක්සේරුවකට ලක් වෙනු ඇතැයි සිතූ මේ යුවළ නවීන පන්නයේ කුලී රියක් මේ ගමනට යොදා ගත්තේය. තමන් සේවය සලසන අන්දමත් ඊට ලැබෙන ප්‍රතිචාර පිළිබඳවත් මේ යුවළ හමුවන අයට පැවසුවේ තමන්ගෙන් සැලසෙන සේවය වෙනුවෙන් රුපියල් හය ලක්ෂයකට ආසන්න මුදලක් අය කරන බවයි.
අංකූරයෙකු වන සේවා දායකයා ඇගේ බහට ඕනෑ කමින් සවන් දෙන බව පෙන්වීය. යුවළ සිටියේ සතුටිනි. ඔහු තමන්ගේ උගුලේ වැටුණු බව ඔවුන්ගේ සිතුවිල්ල විය.
පැයක හමාරක සාකච්ඡාවෙන් පසු ගෙතුළට ගිය ඔහු ආපසු පැමිණියේය. ඔයාලා ආවානේ ගමන් වියදමට මේක තියා ගන්නැයි කියා රුපියල් පන්දහසක නෝට්ටුවක් සැමියා අත තැබීය. ඔය වැඩේ ඔයාලට වඩා අඩුවෙන් කරන අය ඉන්නවා යැයිද ඔහු කීය.
කරකියාගත හැකි දෙයක් නොවූ සැමියා බිරියගේ අතින් අල්ලාගෙන පිටව යාමට සැරසුණත් බිරිය සැමියාගේ අත ගසා දමා දිව ගොස් රියට නැග්ගාය. ඇයි යෝධයෝ මේකෙන් මේකේ කුලියවත් ගෙවන්න පුළුවන්ද තමුසේ කිව්වේ අලි මදිවට කොටිත් අල්ලනවා කියලා නේදැයි බිරිය අසද්දී නිරුත්තරවූ සැමියා නිහඬවම අසුනට බරවූයේය.
අමනාප වූ බිරිය යාළු කරගන්නට තවත් කෙනෙක් බිලි බාගනිමින් ගේමක් ගහන්නට සැමියා දැන් බලා සීටී.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වැඩි තණ්හාවට ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා