IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යාළුවොයි නෑයොයි පැටලිලා මගුල් ගෙදර දෙපාරක් කියලා

(මීරිගම - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
එකම මංගල උත්සවය සඳහා මනාලයා හා මනාලයාගේ මව්පියන් දෙවතාවකදී එකම පිරිසකට අවස්ථා දෙකක් සඳහා ආරාධනා කිරීමේ අපූරු මංගල ආරාධනයක් පිළිබඳව සියනෑවේ ගම්මානයකින් වාර්තාවිය.


නව යොවුන් තරුණයෙකි. කලවයස ඉක්ම වූ පසු විවාහයකට සූදානම් විය. දින නියම කෙරිණි. ආරාධිතයින්ගේ ලේඛනයක් ද සකස් කළේ මව්පියන් හා මනාලයා වෙන වෙනම ය.


මිතුරන්ට ආරාධනාපත්‍ර ලබා දීමටත් නෑදෑයින් ට බුලත් දී ආරාධනා කරන්නටත් මව්පියෝ තීරණය කළහ. 


දින වකවානු ළංවෙද්දී මනාලයා ඔහුගේ මිතුරන්ට මෙන්ම මව්පියන් නෑදෑ හිතවතුන්ට ආරාධනා කිරීමේ කටයුතු ආරම්භ කළහ. නෑදෑ නිවෙස් දෙක තුනකට යද්දී මව්පියන් ට දැනගන්න ලැබුණේ පුත්‍රයා වන මනාලයා එම පවුල්වලට මිතුරන් සේ සලකා මංගල උත්සවය ට ආරාධනා පත් ලබා දී ඇති බවයි. පුතුගේ ආරාධනාව ඉවත ලන ලෙස ඉල්ලූ මව්පියෝ බුලත් හුරුළු දී සියලු නෑදෑයින්ගෙන් සමාව ඉල්ලමින් නැවත ආරාධනා කළේ මංගල උළෙලට සහභාගි වන ලෙසටය.


පසුව මනාලයා හා කළ සාකච්ඡාවකින් මව්පියන්ට දැන ගන්න ලැබුණේ ඥාති පිරිසක් ද මිතුරන් සේ සලකා ගණනය කිරීමෙන් මංගල උළෙලට සහභාගිවන පිරිස 50කින් පමණ ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව හෝටලයට ඇනවුම් කර ඇති නිසා අලුතින් නෑ හිතවතුන් පනහකට ආරාධනා කරන්නට මනාලයා දුව පනිමින් කටයුතු කළ බව ද පසුව වාර්තා විය.


මේ සිද්ධිය ද දැනගත් පවුලේ වැඩිහිටි ඥාතියකු සඳහන් කළේ අද සමාජයේ මව්පියන් දරුවන්ට නෑදෑ හිතවතුන් හඳුන්වා නොදෙන අතර, දරුවන්ද නෑදෑයින් නොහඳුනන නිසා මේ අලකලංචිය සිදුව ඇති බවයි.

 



අදහස් (0)

යාළුවොයි නෑයොයි පැටලිලා මගුල් ගෙදර දෙපාරක් කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site