(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජංගම මාළු වෙළෙඳාමේ නිරත ලොරියක රියැදුරා හා ගෝලයා එකිනෙකාට පහරදී ගනිද්දී මාළු මිලදී ගැනීමට ආ කාන්තාවක කොස්සකින් පහරදී දෙදෙනා දෙපැත්තට කළ පුවතක් මීරිගම ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.
කොරෝනා සමයේ ආරම්භ කෙරුණු මාළු වෙළෙඳාම දිගටම පවත්වාගෙන යාමට ලොරි හිමියා කටයුතු කළේය. තමන්ට ඒ සඳහා දිගටම යෙදීමට අපහසු බැවින් රියැදුරකු යෙදවීමට පියවර ගත්තේ තමන්ගේ ගෝලයා සමගය.
වෙළෙඳාමේ ගිය අවස්ථාවේ ලොරිය නවතා තිබියදී රියැදුරා කිසියම් අවශ්‍යතාවකට ලොරිය පිටුපසට ධාවනය කළේය. ගෝලයා කෑ ගසා කීවේ නතර කරන ලෙසයි. ඒ පිටිපස මාළු මිලදී ගැනීමට ආ කාන්තාවක මාළු තෝරමින් සිටි නිසාය. ගෝලයාගේ කෑගැසීමෙන් කෝපයට පත් රියැදුරා බැස ආවේ පොල්ලක්ද ඇතිවය.
ඔහු ගෝලයාට පහර කීපයක් එල්ල කළේය. ඉන් බේරීමට ගෝලයා කළේ රියදුරාගේ අත සපා කෑමය. දෙදෙනා පොර බදමින් සිටියදී මාළු මිලදී ගැනීමට ආ කාන්තාව ගෙතුලට දිව ගියාය. ඇය ආවේ කොස්සක් අතැතිවය. දෙදෙනාටම කොස්සෙන් පහර දුන්නේ රණ්ඩුව බේරා ගන්නටය. ඒ සමගම රණ්ඩුව නැවතිණි. රියැදුරා ගියේ ලොරිය එතැනම තිබියදීය.
මාළු වෙළෙඳාමද දින කිහිපයක් නවතා දැමීමට සිදුවූයේ රියැදුරකු සොයා ගන්නාතුරුය. රියැදුරා රැකියාවක් නැතිව බලා සිටියදී ගෝලයා යළිත් වෙනත් රියැදුරකු සමග දැන් වෙළෙඳාම ආරම්භ කර ඇතත් එදා සිද්ධිය වූ කාන්තාවගේ නිවස පැත්තට යාමට අදිමදි කරමින් සිටී.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මාළු ලොරියේ ගෝරිය බේරන්න කතක් පිරිමි දෙන්නකුට කොසු පහරදීලා
bongo Friday, 21 August 2020 09:17 AM
මේ නැන්දාට.., බලපත්‍රයක් සමග ආයුධයක් ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
rathnasekaraMonday, 24 August 2020 07:38 PM
බලපත්‍රයක් සමඟ කොස්සක් දෙන්න ඕනෙ.