(වැල්ලව ශිවා බණ්ඩාර)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශනයට ගිය නිලධාරියාට මත්පැනින් සංග්‍රහ කිරීමට ගිය සිද්ධියක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සෑම වසමකින්ම අතිශයින් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු වූ පුද්ගලයින් ඉන් මුදවා ගැනීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ. මෙහිදී සිදු වන්නේ ඔවුන් ඉන් මුදා ගැනීමේ අරමුණින් එම පුද්ගලයින්ගේ නිවාසවලට උපදේශන නිලධාරීන් පැමිණ ඔවුන් සමග සුහද වී උපක්‍රමශීලීව ඔවුන් එම තත්ත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීමයි.
ඒ අනුව අදාළ නිලධාරියා එම නිවසට පැමිණ සුහදව ආගිය තොරතුරු කතා කරමින් පසුවී ඇත. මද වේලාවකින් තම මස්සිනා මෑතක දී රට සිට පැමිණි බව පවසා මහත්තයට ඉතින් අපිත් සලකන්න එපැයි පවසා ඇත.
ගෙතුළ සිටින බිරිඳට බිත්තරයක් ඔම්ලට් හදන ලෙස පවසා ඇති අතර මද වේලාවකින් ඔම්ලට් සමග විදේශීය මත්පැන් බෝතලයක් රැගෙන අදාළ පුද්ගලයා පැමිණ ඇත.
මහත්තයට ඉතින් අපිට වගේ දීල බෑනේ යැයි පවසද්දි උපදේශන නිලධාරියාට දෙලොව රත්වී ඇත.
2025 නොවැම්බර් මස 21
301
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
330
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1262
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මත් නිවාරණ වැඩසටහනේ උපදේශකට බයිට් එක්ක බෝතලයක්දීලා