(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ආවරණයට ගිය ඡායාරූප ශිල්පියකු පරීක්ෂා කළ පොලිස් නිලධාරියකු ඔහු සතුව තිබූ දිගු දුර විහිදුම් කාචය දැක මේ බෝතලේ මොනවාදැයි අසද්දී ඔහු සමග රාජකාරී කළ පොලිස් කාන්තාවන් දෙදෙනා මුහුණු වසාගෙන සිනාසීමේ පුවතක් පසුගියදා කොළඹ බෙත්තාරාම ක්‍රීඩාංගනයේදී දැකිය හැකිවිය.
බංගලිදේශ ශ්‍රී ලංකා තරගයයි. නරඹන්නන් මත්පැන් ගෙන ඒම වැළැක්වීම සඳහා දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක නිලධාරීන්ට දැඩිලෙස උපදෙස් දී තිබිණි. මාධ්‍යකුටිය බලා ඡායාරූප ශිල්පියකු ගමන් කරමින් සිටියේය. මුර කපොල්ලේ සිටි පොලිස් නිලධාරියා ඔහුගේ බෑගය පරීක්ෂාවට ලක් කළේ දැඩි විමසිල්ලෙන් යුතුවය.
බෑගයේ පැත්තක දිගු දුර විහිදුම් කැමරා කාචය තිබිණි. එය දුටු වහාම මේ බෝතලේ මොනවාද, මේවා ගෙනියන්න දෙන්න බැහැයි ගෝරනාඩු කළේ එය මත්පැන් බෝතලයක් බවට වරදවා වටහා ගැනීමෙනි.
කැමරා ශිල්පියා මේ සම්බන්ධයෙන් පැහැදිලි කර දෙන්නට උත්සාහ ගත්තත් නිලධාරියා ඔහුට ඇහුම්කන් දෙන්නට සූදානම් නොවීය. බෑගයට අත දමා කාචය අතට ගත් නිලධාරියා මේක ආපහු යද්දී ගෙනියන්න පුළුවන් කියද්දී අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් කාන්තාවන් දෙදෙනාට සිනා ගියේ තම සගයාට සිදුවූ වරද වටහාගත් පොලිස් කතුන් දෙදෙනා සිනාසෙද්දී නිලධාරියාට තමන්ට යමක් වැරදී ඇති බව හැඟී ගියේය. කාචය යළි බෑගයට දැමූ ඔහු කැමරා ශිල්පියා ඉක්මනින් පිටත්කර හැරියේ ලජ්ජාව වසා ගනිමිනි.
ගමේ ගොඬේ හැදුණු වැඩුණු මම මේ රටමඟුල් ගැන දන්නේ නැතැයි ඔහු පොලිස් කතුන්ට කියනවා කැමරා ශිල්පියාට ඇසුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බොන අය අල්ලන සිහියෙන් ඉඳලා පොලිස් නිලධාරියා අමුතු බෝතලයක් දැකලා
Asoka Tuesday, 27 August 2019 12:42 PM
ඔය පොලිස්කාරයන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ලංකාවේ තියෙන දුෂිතම දෙපාර්තුමේන්තුව.