(තලාතුඔය – ටී.එච්. සරත්)
ගෙල බැඳි රන් මාලයට පෙන්ඩණයක් ගෙන දෙන බව පවසා වයස අවුරුදු හැටක පමණ කාන්තාවක් තලාතුඔය නගරයට කැඳවාගෙනවිත් ඇයගේ රන් මාලය ද රැගෙන පලාගිය පුද්ගලයකු පිළිබඳව පුවතක් තලාතුඔය නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසලකින් වාර්තා වේ.

නිවසට යාම සඳහා මහනුවර බස් නැවැතුමේ සිටි කාන්තාවක අසලට පැමිණි පුද්ගලයකු තමා ඇති තරම් මුදල් හදල් ඇති අයකු බවත් තමන්ගේ මව සහ පියා මියගොස් ඇති බවත් තමා මව්පියන් වෙනුවෙන් පින් දහම් කරන බවත් පවසා එම කාන්තාවගේ ගෙල බැඳි රන් මාලයට පෙන්ඩණයක් අරන් දීමට කැමැති බවත් පවසා ඇය තලාතුඔය නගරයට කැඳවාගෙනවිත් තිබේ.
අනතුරුව මෙම වංචාව සිදුකළ තැනැත්තා නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසල් කිහිපයකට ඇය ගෙන ගොස් එක් ස්වර්ණාභරණ වෙළෙඳසලකින් රන් පෙණ්ඩන්වල මිල ගණන් විමසා තමන්ට උසස් ප්‍රමිතියකින් යුත් වටිනා පෙන්ඩණයක් අවශ්‍ය බව පවසා ඇත.
ස්වර්ණාභරණ වෙළෙඳසල් හිමිකරු විවිධාකර රන් පෙණ්ඩන් පෙන්වා ඇති අතර කාන්තාවගේ රන් මාලය ගලවා එයට සරිලන සේ පෙන්ඩණයක් තේරීමට එකින් එක පෙණ්ඩන් මාලයට දමා හැඩ බලා ඇත. එහෙත් තමන්ට ගැළැපෙන රන් පෙන්ඩණයක් නැතැයි පවසා ඇති ඔහු ප්‍රමාණයෙන් විශාල ධර්මචක්‍ර මුද්‍රාව ඇති පෙන්ඩණය අවශ්‍ය බව පවසා වෙනත් ස්වර්ණාභරණ වෙළෙඳසලකට යමු යැයි කියා ඇයගේ රන් මාලය ද තම අතට ගෙන පිටව ගොස් ඇය මහමඟ තනිකර අතුරුදන් වී තිබේ.
එම කාන්තව නැවත පෙර කී ස්වර්ණාභරණ වෙළෙඳසලට පැමිණ සිද්ධිය පවසා ඇති අතර ඔවුන් සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කළ ද එම පුද්ගලයා මුහුණු ආවරණයක් පැළඳ සිටි නිසා හඳුනාගැනීමට නොහැකිව ඇත. අනතුරුව ඇය බස් රථයක නැගී පිටව ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
452
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්පොළේ කත රත්රන් ගැටේකට අහුවෙලා