IMG-LOGO

නවයේ සිසුන්ට පහරදෙන්න දහයේ අයියකුට රු.150කට කොන්ත්‍රාත්තුවක්

(ගල්ගමුව - නිහාල් ජයවීර)
නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය පිරිසකගෙන් පහරකෑමට ලක්වූ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය පිරිසක් දහය ශ්‍රේණියේ සිසුවකුට මුදල් ලබා දී පහර දුන් ශිෂ්‍යයන්ට පෙරළා පහර ගැස්සවීමේ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ පාසලකින් දැන ගැනීමට ලැබිණ.


දැන ගැනීමට ලැබෙන පරිදි හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍ය පිරිස පාසලේ ප්‍රාථමික අංශයේ සෙල්ලම් මිදුලට ගොස් එහි වූ ඔංචිල්ලා පදිමින් සිට ඇත. එහි ගිය නමය ශ්‍රේණියේ ශිෂ්‍ය පිරිසක් ඔවුන්ට පහර දී සෙල්ලම් මිදුලෙන් එළවා දමා තමන් එහි ඔංචිල්ලා පදින්නට පටන්ගෙන තිබේ.


මින් උරණ වූ පහරකෑමට ලක්වූ සිසුන් පහර දුන් සිසුන්ට හොඳ පාඩමක් ඉගැන්වීමට රුපියල් විස්ස, පනහ ආදී වශයෙන් එකිනෙකාගෙන් එකතුකොට ගෙන රුපියල් 150ක් සාදාගෙන දහය ශ්‍රේණියේ අයියා කෙනෙකු මුණ ගැසී කාරණාව දන්වා මුදල් ගෙවා කොන්ත්‍රාත්තුව භාර දී තිබේ.


දහය ශ්‍රේණියේ අයියා ද සෙල්ලම් මිදුලට ගොස් එහි ඔංචිල්ලා පදිමින් සිටි නමය ශ්‍රේණියේ මල්ලිලාට පහර දී තමන්ට භාර දුන් වගකීම අකුරටම ඉටුකොට තිබේ. තමන් භාර දුන් කොන්ත්‍රාත්තුව නිසි ලෙස ඉටු කරනවා දැයි දැකීමට හා එකට එක කළ බව පෙන්වීමට හත ශ්‍රේණියේ මල්ලිලා ද අයියා පසුපස එහි ගොස් ඇති බව ද කියැවේ.


කෙසේ වෙතත් දහය ශ්‍රේණියේ අයියාගේ පහරදීම ගැන සෑහීමකට පත් නොවුණු හත වසරේ මල්ලි කෙනකු තමන් දුන් මුදලින් අඩක්ම ආපසු ඉල්ලාගෙන ඇති බව ද දැන ගැනීමට ලැබී තිබේ.
සිද්ධිය පාසලේ ගුරුවරුන්ට දැන ගැනීමට ලැබීමෙන් පසු සියලු පාර්ශ්ව කැඳවා නඩුව විභාග කරද්දී මේ කරුණු අනාවරණය වී තිබේ.

 



අදහස් (0)

නවයේ සිසුන්ට පහරදෙන්න දහයේ අයියකුට රු.150කට කොන්ත්‍රාත්තුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site