චරිත සහතික ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරිනියගේ නිවසට පාපැදියකින් යන අතරමග තමන් යන දෙසටම සුදු සාරියක් ඇඳ ළගන්නා සුළු ලතාවට යමින් සිටි ලලනාවගේ ගමන් විලාසයට උපහාසයක් කළ තරුණයන් දෙදෙනෙකුට ග්‍රාම නිලධාරිනියගේ නිවසේදී දවල් තරු පෙනුණු අපූරු පුවතක් අපේ ගම් පළාතෙන් වාර්තා වේ.

දෙදෙනාම එකම ගමේය. එක ළඟය. රැකියාවට අයදුම් කළේ ද එකටය. එකම ආයතනයකටය. මේ නිසාම ඔවුනට සම්මුඛ පරීක්ෂණය තිබුණේ ද එකම දිනයකය.
ඔවුනට සම්මුඛ පරීක්ෂණය සඳහා ගෙන යාමට චරිත සහතික දෙකක් අවශ්‍යව තිබිණි. එකක් ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන්ය. අනෙක තමන් පදිංචි ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරිගෙන්ය.
ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් චරිත සහතික ලබාගත් ඔවුන්ට ඊළඟට චරිත සහතික ලබා ගැනීමට තිබුණේ ග්‍රාම නිලධාරීගෙන්ය. ඔවුනට සිටියේ ග්‍රාම නිලධාරිනියකි. ඔවුන් දෙදෙනා ග්‍රාම නිලධාරිනියගේ නිවසට පාපැදියකින් ගියේ තමන් දෙදෙනාට චරිත සහතික ලබාගැනීමටය. ඒ යන අතරතුරේදී ඔවුන් යන අන්තයටම ඔවුනට පිටුපා සුදු සාරියක් ඇඳගත් ලලනාවක් ළගන්නා සුලු අයුරින් ලතාවට ගමන් ගනිමින් සිටියාය.
ලලනාව ළඟට ළංවත්වම තරුණයන් දෙදෙනා කොහොමද අක්කගෙ ගැස්සිල්ල යයි අසා ග්‍රාම නිලධාරිනියගේ නිවසට ගියහ.
තමන් විහිළු කළ ලලනාව ද ග්‍රාම නිලධාරිනියගේ නිවසට එනු දුටු මේ තරුණයන් දෙදෙනාට දෙවියන් සිහි වූයේ ඒ තමන්ගේ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිනිය බව හඳුනා ගැනීමත් සමගමය. ඇය පිටුපස හරවා පැමිණීම නිසා ඔවුන් දෙදෙනාට රාජකාරි ගමනක් ගොසින් සිය නිවසට එමින් සිටි ග්‍රාම නිලධාරිනිය හඳුනා ගැනීමට නොහැකි වී තිබිණ.
තරුණයන් දෙදෙනා දුටු ගමන්ම ග්‍රාම නිලධාරිනිය තමන්ට මගදී හමුවී විහිළු කළ දෙදෙනා බව පසක් වූවාය. ඇයි මොකද මේ දෙන්නා යයි ඇය ඇසුවේ ඔවුන් දෙස වඩාත්ම විමසිලිවත් වෙමිනි.
ඇය මග හැර යාමට ද මගක් නොවූයෙන් කරකියාගත නොහැකිව සිටි ඔවුන් දෙදෙනා ඔළුව කස කසා කීවේ තමන්ට චරිත සහතික දෙකක් ලබා ගැනීමට අවශ්‍ය බවය.
දෙන්නටම දෙන්න හොඳ චරිත සහතික තියෙන බව මට අද පෙනුණා. ඒ නිසා ඒ චරිත සහතික දෙන්න ඕන තමන්ගේ මවුපියන් ඉදිරියේයි. ඒ නිසා කරුණාකර චරිත සහතික අවශ්‍ය නම් මවුපියන් එක්ක එන්න යයි ග්‍රාම නිලධාරිනිය කී විට මහත් ලජ්ජාවට පත්වූ ඔවුන් දෙදෙනා මිටෙන් හල කුරුල්ලන් දෙදෙනකු විලසින් තමන් ආ පාපැදියෙන්ම පලා ගියහ. එදාට පසුව ඔවුන් තවමත් චරිත සහතික ලබා ගැනීමට එම ග්‍රාම නිලධාරිනිය හමුවීමට ගොස් නැති බව ද දැනගන්නට ඇත.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2561
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ග්‍රාම නිලධාරිනියගේ ගැස්සිල්ල සොයා සහතිකේ ගැස්සිලා