IMG-LOGO

ආයතනයේ ප්‍රශ්න ‘සුටුස්’ ගා විසඳන්න කම්කරුවා ‘බොස්කම’ ඉල්ලයි

(වියලුව වාර්තාකරු) 
පදමට වෙරි වූ කම්කරුවකු තමුන් සමග එකට මත්පැන් පානය කළ ආයතන ප්‍රධානියකුගෙන් ආයතනයේ ඇති ගැටලු විසඳීම සඳහා සතියක කාලයක් තමුන්ට පාලනය භාරදෙන ලෙස කළ ඉල්ලීමක් පිළිබඳ කථා පුවතකි. 


සිද්ධිය මෙසේය. 


එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. එහි ආයතන ප්‍රධානියා ද ඇතුළුව සේවය සඳහා යොදවා සිටියේ 50කටත් අඩු සේවක පිරිසකි. 


ඒ නිසාම ආයතන ප්‍රධානියා මෙන්ම පහළම ශ්‍රේණියේ කම්කරුවා අතරද පැවතියේ මනා සබඳතාවක් මෙන්ම සුහදත්වයකි. 


අහංකාර කමක් නොපෙන්වූ ආයතන ප්‍රධානියා ද ඉහළ ශ්‍රේණියේ නිලධාරීන්ට මෙන්ම පහළ ශ්‍රේණියේ කම්කරුවාට සැලකුවේද එකම ආකාරයෙනි. 


මේ නිසා ඇතැම් කම්කරුවෝ තම තනතුර ඉක්මවා ආයතන ප්‍රධානියාද අභිබවා කටයුතු කළ අවස්ථා පිළිබඳව ද විටින් විට අසන්නට ලැබිණි. 


පසුගිය දිනෙක මෙම පිරිසට ආයතනයේම නිලධාරිනියකගේ නිවෙසේ උත්සවයක් වෙනුවෙන් ආරාධනාවක් ලැබිණි. ආරාධනාවට අනුව ගමනට එක් වූ පිරිමි පාර්ශ්වයේ සියලු දෙනාටම අදාළ නිලධාරිනියගේ සැමියා විසින් ආහාර පානවලට අමතරව මත්පැන් සාදයක් ද සූදානම් කර තිබිණි. 


මත්පැන් බෝතල් එකින් එක හිස් වන්නට පටන් ගැනීමත් සමගම ආයතනයේ පරිපාලන ගැටලු ආදිය පිළිබඳවද එකිනෙකා ආයතන ප්‍රධානියා සමග සාකච්ඡා කරන්නට වූයේ සාදය ඊට කදිම අවස්ථාවක් බවට පත්කර ගනිමිනි. 


තම තනතුරද අමතකවූ කම්කරුවකු එහිදී සියලු පිරිස් ඉදිරියේ ‘සර් පුළුවන්නම් මට සතියකට සර්ගේ තනතුර දෙන්න මම ඔය ප්‍රශ්න ටික සුටුස් ගාලා විසඳලා දෙන්නම්’ යනුවෙන් පවසා සිටියේ එහි සිටි සියල්ලන් සිනහ ගස්සවමිනි. 


ඒ වනවිටත් පදම ඉක්මවා සිටියද උගතෙකු මෙන්ම සිහි බුද්ධියෙන් යුත් පුද්ගලයකු වූ ආයතන ප්‍රධානියා මඳ සිනාවක් පාමින් ඔහුගේ කණ මිරිකා ‘උඹ ඔය යෝජනාව මට නම් කළාට කමක් නෑ හැබැයි  මම මාරුවෙලා ගිය දවසක අලුතින් එන මහත්තයට නම් ඔය වගේ යෝජනා ගේන්න එපා. හැමෝම මම වගේ ඉන්න එකක් නැහැ යැයි කියා සිටියේ ඔහුගේ වෙරි මතද හින්දවමිනි.



අදහස් (0)

ආයතනයේ ප්‍රශ්න ‘සුටුස්’ ගා විසඳන්න කම්කරුවා ‘බොස්කම’ ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 801 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site