IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අලුත් ගුරුවරියට විදුහල්පතිගෙන් සිංහල පාඩමක්

(තිහගොඩ - උපසේන ලියනගම)
කොරෝනා උවදුර නිසා පාසල් ප්‍රමාද වී පටන් ගත්තද අවශ්‍ය ගුරුවරුන්ගේ නොපැමිණීම නිසා සිංහල ඉගැන්වීමට ආදේශක ගුරුවරියක යොදවා ගැනීමෙන් වූ අපූරු සිදුවීමක් වාර්තා වූයේ උඩරට ප්‍රදේශයේ පාසලකිනි.


මේ ගුරුතුමිය පාසලේ කෘෂිකර්මය ඉගැන්වුවත් අවශ්‍යතාව නිසා සා.පෙළ පන්තියට සිංහල ඉගැන්වීමට යොමුකොට විදුහල්පතිවරයා ද පන්තිය දෙසට ගියේ ඒ ගැන තවදුරටත් සෙවීමටය. පද්‍ය සාහිත්‍යයේ කවියක් තේරුම් කළ ගුරුවරිය ‘‘දිඹුල මල නිසා වෙහෙසෙනු වැනි දියැද’’ යන්න කියා දිඹුල මල යනු දියේ පිපෙන මල් බවත්, ඒ මල්වලට දිය ඇදීමේ පලක් නොවන බවත් මෙහිදී කවියා පැවසී යැයි කීය.


දිඹුල මල යනු අත්තික්කා මල් බව දන්නා විදුහල්පතිවරයා, මේ පාඩමෙන් අන්දමන්දව ගුරුතුමිය පසෙකට කැඳවා කීවේ ‘‘දිඹුල මල්’’ යනු අත්තික්කා මල් බවය.


‘‘අත්තික්කා ගස්වල මල් කොයින්ද සර්’’ ඇය විමසුවෙන් ඒක තමයි අත්තික්කා ගස්වලට වතුර ඇදීමෙන් පලක් නැතැයි කවියා කීවේ’’ විදුහල්පති කී විට ඇය ලජ්ජාවට පත්ව ආපසු පන්තියට ගියේ මහත් තැතිගැන්මකිනි.
කෙසේ වෙතත් මේ ආරංචිය සෙසු ගුරුවරුන්ට ආරංචි වීමෙන් පසු ඔවුන් ‘‘දිඹුල මල’’ කී විට ඇය මහත් කලබලයට පත් වෙනවාලු.

 



අදහස් (1)

අලුත් ගුරුවරියට විදුහල්පතිගෙන් සිංහල පාඩමක්

ana Wednesday, 19 August 2020 08:57 AM

අත්තික්කා මල් තිබෙන බවත්, එය ප්‍රාග් උදුම්බරය නම් පුෂ්ප මංජරියට අයත් බවත් කෘෂිකර්ම ගුරුවරියක නම් දැන සිටිය යුතුයි. අත්තික්කා පමණක් නොව සෑම නුග කුලයේ ශාකයකම මෙම වර්ගයේ පුෂ්ප මංජරී තියෙන්නේ. නමුත් එම මල් කුඩා නිසා සහ ආවරණයක් තුළ ඇති නිසා දැකිය නොහැකිය. නමුත් සාහිත්‍යමය ලෙස අත්තික්කා මල් නැති ලෙස පිළිගැනීමේ වරදක් නැහැ...

:       8       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site