ප්‍රධාන නගර දෙකක් අතර ධාවනය වූ පෞද්ගලික බස්රථයකි. පෙරදිනවල එහි සේවය කළ කොන්දොස්තර හදිසි අසනීපයකට ලක්ව ඒ වෙනුවට තම හිතවත් තරුණයකු සේවය සඳහා එවූයේ රාජකාරී තොරතුරු කියාදී රියැදුරු ද දැනුම්වත් කරමිනි. 


බසය ගමනාරම්භයත් සමගම ටිකට් කැඩූ ඔහු එහි මුඛ ආවරණයක් ද පැළඳ සිටි මැදිවියේ පුද්ගලයකුගෙන් ටිකට් දී මුදල් ගැනීමට ගියත් ඔහු සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. තරුණයාට මඳ තරහක් ඇතිවිය. 


‘‘මේ වසංගතය නිසා සෙනග අඩුයි. පාඩුවට දුවන්නේ. ටිකට් ගන්නා ඔහු පෙරැත්ත කරනු දුටු රියැදුරු ඉදිරිපස කන්නාඩියෙන් මෙය දැක බසයේ වේගය බාලකොට කොන්දොස්තර කැඳවීය. 


බසයේ පොලුවල එල්ලී මකුළු විලාශයෙන් ආ කොන්දොස්තරට රියැදුරු කීවේ ඒ බසයේ අයිතිකරු බවයි. 


දැඩි ලැජ්ජාවට පත් තරුණයා සෙසු මගීන්ගෙන් ටිකට් ගැනීමට ගිය විට බසයේ හිමිකරු ‘පුතා උඹ හරි. ඔහොම තමයි රාජකාරි කරන්න ඕනෑ. මටත් ටිකට් එකක් දෙන්න’ කියමින් රුපියල් සියයේ නෝට්ටුවක් තරුණයාට දිගු කළ විට බස් හිමිකරු හඳුනන මගීන් සිනාසෙන්නට පටන් ගත්තාලු.

(තිහගොඩ උපසේන ලියනගම)