IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සංචාරක රියදුරන්ට වන හිරිහැර වළක්වන්නැයි ඇමැති දන්වයි

 (තිළිණි ද සිල්වා )
 සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සඳහා වහා පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා  එම අමාත්‍යාංශය ලේකම්වරියට සහ සංචාරක සංවර්ධනය අධිකාරියේ සභාපතිනියට අද (26) ලිපි යවමින් දැනුම් දී ඇත.
 
ඊට  අදාළව ගත් පියවර සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීමට ද කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා අමාත්‍යාංශය ලේකම් මරීනා මොහොමඩ් සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු යන මහත්මීන්ට උපදෙස් දී ඇත.
 
දිවයිනට පැමිණෙන සංචාරකයන් අදාළ කුලී රථයේ සිටියදී ම එම කුලී රථ රියදුරාට වෙනත් කුලී රථ රියදුරන් හෝ මැර කණ්ඩායම් පහරදෙන හා තර්ජනය කරනු ලබන සිදුවීම් ඇතුළත් ඇතුළත් දර්ශන කීපයක් පහුගිය කාලය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙන හෙයින් මේ පිලිබද සොය බලා අදාළ වගකිවයුත්තන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිවරයා  දැනටමත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 
 
ඊට අමතරව මෙවැනි සිදුවීම් වැළැක්වීමට අමාත්‍යංශය පාර්ශවයෙන් ගත හැකි සෑම පියවරක් ම ගන්නා ලෙස ඇමතිවරයා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දී තිබේ.
 
දිවයින පුරා ඇති සංචාරක කලාප ආශ්‍රිත ව කුලී රථ සේවවේ නිරත ඇතැමුන් දුරකථන යෙදවුම් ( mobile app) හරහා සංචාරකයන් කුලි රථ සේවාවන් ලබා ගැනීමට විරෝධය පළ කිරීමත් සමග මෙම ගැටුම් නිර්මාණය වී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
 
අවාසනාවන්ත තත්ත්වය වන්නේ සංචාරකයන් සිටියදීම මෙවැනි සිද්ධීන් ශ්‍රී ලංකාව දැඩි අපකීර්තියකට පත් වන බවත් මේ තත්ත්වය සංචාරක කර්මාන්තයට ද ප්‍රබල ලෙස බලපාන හෙයින්  දිවයින පුරා සිටින සංචාරක රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බව යැයි අමාත්‍යවරයා පෙන්වා දේ.

දැනටමත් කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව මෙම වැඩසටහන් ආරම්භ කර තිබෙන අතර දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින්නේ යැයිද හෙතෙම කියා සිටියේය.

 
 
 



අදහස් (7)

සංචාරක රියදුරන්ට වන හිරිහැර වළක්වන්නැයි ඇමැති දන්වයි

ලලිත Wednesday, 26 February 2020 10:08 AM

මේකම ඇති මට ඔබතුමා ගැන ප්‍රසාදයක් ඇතිවෙන්න. ඔය මාෆියාව වහාම නැවැත්විය යුතුයි. හැබැයි කියනවා වගේම මේක ක්‍රියාත්මක වෙන්නත් ඕන. ලංකාවේම මේ සර්විස් එක ව්‍යාප්ත වෙන්න ඕන. මිනිසුන් ගසා කන අමනයන්ට විරුද්ධව. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා. අපි හැමෝම අමාරුවෙන් සල්ලි හම්බ කරන්නේ. එහෙම තියෙද්දී මේ කොහෙවත් ඉන්න අනන්‍යතාවයක් නැති රස්තියාදු මිනීමරුවන්ට අපි මොකටද සල්ලි පුදන්නේ ? ඇයි එයාලට බැරි මීටර් වලට, නැත්තන් ඇප් වලට දුවන්න. කොල්ල කන්න බෑනේ එතකොට මිනිස්සුන්ව. වහාම මිනිස්සුත් මේ වගේ රස්තියාදු අයව වර්ජනය කරන්න ඕන. මීටර් නැත්තන්, ඇප් එකකින් නොවේ නම් ඔය සර්විස් එක භාවිත කරන්න එපා. මේවා බොරු මාධ්‍ය සංදර්ශන වලට විතරක් කරන්න නම් එපෝ ඇමතිතුමෝ. කොන්ද පන තියෙන ඇමති කෙනෙක් නම් අර තර්ජනයට ලක් උන මිනිස්සුන්ට සදාරණයක් කරලා අර රස්තියාදු අයව අත්අඩංගුවට ගන්න එකෙක් නෑර.

:       30       327

DarshanaWednesday, 26 February 2020 02:24 PM

සහතික ඇත්ත, රජයෙන් එහෙම වෙන්නේ නැත්නම් ඉස්සරහට දෙක තුනක් මැරෙන බවත් කියන්න ඕනෑ. ඇප් මගින් වාහනේ දුවලා සාධාරණ විදියට හරි හම්බකරන මිනිස්සු අපි. තවදුරටත් ඔය ජඩකම් චණ්ඩිකම් ඉවසන්නේත් නැත. ඇප් මගින් යන වාහනයක් යන විදේශික කාන්තාවන් ඉතා ආරක්ෂිතයි. ඔවුන්ට රියදුරාගේ විස්තර පින්තූරය සමග බලාගන්න ලැබෙන නිසා.... සමහර තරුණ ළමයි ඒවා තම දෙමව්පියන්ට යවනවා මම පුද්ගලිකව දන්නවා. ඒ අනුව ඕනෑම විටක ඔවුන්ට හිරිහැරයක් වෙනවා නම් හොයාගන්න පුළුවන්.... නමුත් ඔය මීටර් නැති මාෆියාකාරයින්ගේ ත්‍රිරෝදවල එහෙම නැත. ඔවුන් තමයි අසාධාරණ ගණන් අයකරලා විදේශික කාන්තාවන්ට හිරිහැර කරන්නේ.

:       9       435

yaha Wednesday, 26 February 2020 07:24 PM

මෙයා ඔහොම කිව්වට ඕවා මෙහෙයවන එක අයෙක් තමයි මෙයා.. බොරුවට මාධ්‍ය කතා විතරයි. මේවාගෙන් හම්බ කරන අය තමයි මේ...

:       10       134

Sahan Thursday, 27 February 2020 06:12 AM

මේ මැර කණ්ඩායම අාවේ ඔයාලා ආණ්ඩුව ගත්තට පසුවනේ. ඔය මැරයින් මේ අාණ්ඩුවේනේ. ඒ අයට කෝල් කරලා කියන්න..

:       0       538

rana Thursday, 27 February 2020 06:28 AM

ලියන්නට පෙර මේ ලෙස හැසිරීමට බලය ගන්නේ කෙසේද කියා ටිකක් බලන්න. කරුණාකර ඇස්, කන් නාසා වසාගෙන ජීවත් වෙන්න එපා...

:       0       37

Chathuri Thursday, 27 February 2020 01:46 PM

හරි හොඳ එක්කෙනා... රියදුරන්ට ප්‍රථම තමන් හරියට ඇමතිකම් දරන්න චණ්ඩිකම් කරන්නද බලයට එන්නේ...? බිරිඳත් එක්ක එකතු වෙලා. අනුන්ගේ දේපල බලහත්කාරයෙන් අරන් ඒ නඩුව තවම තියෙනවා නේද? පොහොට්ටුවේ ඉන්න සේරම එකයි. පන්සල් බදාගන ඉන්න පල්හොරු. ජනතාව යහමගට ගන්න නීතියක් තියෙන රටක්ද? හිරේ ඉන්න ඕන සේරමලා රටේ නායකයන් මීලගට කොරෝනා එන්නේ නුඹලා වගේ අයටයි.

:       4       114

Kumar Sunday, 01 March 2020 03:47 PM

යාල උද්‍යානයට ඇතුල් වෙන ස්ථානයේ ඉන්න සෑම රියදුරන්ටම ගොරවන මුරකරයාගේ කටවහන්න පුලුවන්ද? ඒ විතරක් නොවෙ ඒකා ජනාධිපතිතුමාගේ ගමේ කෙනෙක් කියලත් කියනවා. මෑතකදී උද්‍යානයට සෆාරි ගිය මිතුරෙක් මේ කතාව කිව්වෙ. ඉතින් ඇමතිතුමා කියනවා වගේ ඒකාගෙ කටවහන්නකො.

:       0       17

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 83 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 109 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site