(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව යලි ගුවන් ගමන් ඇරඹීමට සැලැසුම් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවසීය.
මේ සම්බන්ධයෙන් මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා සංචාරක අමාත්‍යංශයට අදාල යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව දෙරට අතර ගුවන් ගමන් සංචාරක බුබුළක් ලෙස ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙරට සෞඛ්‍ය අංශ හා ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මක කිරීම කෙරෙහි දෙරටේම අවධානය යොමුව ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීයා සිටියේය.
ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය මේ වන විට එරටට පැමිණිය හැකි හා එරටින් පිටව යා හැකි ගුවන් මගීන් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එකඟතාව පල කරන්නේ නම් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ හැකි බව ඉන්දීය මහ කොමසාරිස්වරයා රජයට යෝජනා කර ඇතැයි සංචාරක අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් හා කොව්ඩ් 19 පාලනය කිරීමේ කමිටුව සමගද කඩිනමින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලංකාව-ඉන්දියාව අතර යළි ගුවන් ගමන් අරඹන්න යයි