IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩුකරයි

බලපත්‍රලාභී වාණිජ බැංකු, ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යා යුතු මුදල් තැන්පතු ප්‍රමාණය සියයට 2.00 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඊයේ (16) සිට ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (16) රැස් වූ අතර එහිදි මෙම තීරණය ගෙන තිබේ.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතියේ මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර එමඟින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මුල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.

ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550කින් අඩු කිරීම ඇතුළුව දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතරව අද දින මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් පහළ දමා ඇත.

අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමේ ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

මුදල් මණ්ඩලය ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධන අඛණ්ඩව සුපරීක්ෂණය කරන අතර ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරීත්වයේ තිරසර නඟසිටුවීමකට සහාව වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

055 



අදහස් (2)

ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩුකරයි

Buddhika P Wednesday, 17 June 2020 12:09 PM

ප්‍රබලම තීරණයක් තමයි, ද්‍රවශීලතා අනුපාත අඩු කිරීම. මේක ඉතාම, අවදානම් තීරණයක්. මේ තීරණේ විදේශ ආයෝජකයින්ට ඉතාම අහිතකර ලෙස රට ගැන වැරදි චිත්‍රයක් ඇති කරවනවා. කලකට පෙර තිබුණු, 11% - 10% මට්ටමේ ඉඳලා තමයි මේ 2% බස්සලා තියෙන්නේ. මේ වගේ දේවල් සඵල විදියට කරන්න පුළුවන්, ජපානය, ඇමෙරිකාව, ජර්මනිය වගේ විශාල ආර්ථිකයක් ඇති රටවලට විතරයි. ඉන්දියාවේ මේ අනුපාතේ 18% වෙනවා. මේ මොනවා කෙරුවත් ආර්ථිකයට ගලා යන්නේ ආසන්න වශයෙන් ඩොලර් බිලියන භාගයක මුදලක් විතරයි. අපේ ජාතික ආදායම ඩොලර් බිලියන 90 - 100ක් විතර වෙනවා. ලංකාවේ බැංකු 30ක් විතර තියෙනවා. ෆිනෑන්ස් කොම්පැනි 50ක් විතර තියෙනවා. ගොඩ ෆිනෑන්ස් කොම්පැනි දෙතුන් සීයක් තියෙනවා. සාමාන්‍ය ඉතුරුම් මට්ටම පහළ බහිනවා. බැංකු ටිකේ බෝනස් ගෙවලා ඉවර වුණාම ඕක ඉවරයි. අනික අපි නවත්තන එක ඉම්පෝර්ට් භාණ්ඩයකටම, අපේ එක්ස්පෝර්ට් භාණ්ඩයක් රට අය නවත්තනවා. රිටර්න් එක දෙනවා. ආර්ථිකේ අපේ වුණාට රිමෝර්ට් එක තියෙන්නේ, පිට අය අතේ. විනිමය අනුපාත නිදහස් කරලා, අපනයන දිරිමත් කිරීම විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මේ පැලැස්තර නැතුව හොඳම දේ තමයි, ඇත්ත කියලා, ආර්ථික අවපාතේ මිනිස්සුන්ට දැනෙන්න අරින එක අවුරුදු 5කට...

:       251       21

Rohana Saturday, 20 June 2020 04:35 AM

දේශපාලන මැදිහත්වීම් නිසා ජාතික ආර්ථිකයට කුමන බලපෑමක් ඇතිවෙයිද? හොඳද? අයහපත්ද? මේ ගැන වෙනම විග්‍රහයක් කලහැකි අයෙක් සිටීද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 79 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 140 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 102 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site