IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


පොල් ඉඩම් කට්ටි කිරීම රටේම තහනම් කරන්නයි ඉල්ලති

 (කාංචන කුමාර ආරියදාස)
 
දේශීය පොල් කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා කඩිනමින් ආණ්ඩුව පියවර ගත යුතු බවත් වහාම පොල් ඉඩම් කැබලි කිරීම රට තුළ තහනම් කරන ලෙසත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ඒකාබද්ධ  පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරයි.
 
පොල් ඉඩම් කැබලි කිරීමේ ජනාධිපති තහනම් නියෝගය වහා බලාත්මක කරන ලෙස ඉල්ලා පොල් කර්මාන්ත සුරැකීමේ ජාතික එකමුතුව  දඹුල්ල ප්‍රදේශයේදී අද  විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.
 
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන ගණනාවක නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට තම සංවිධානයේ ස්තුතිය ජනාධිපතිවරයා වෙත පුදකර සිටින බවයි.
 
එමෙන්ම ඉදිරියේදී රටේ විශාල පොල් හිඟයක් ඇති වෙන බවත් පොල් ආශ්‍රිත අනෙකුත් කර්මාන්ත සියල්ල කඩා වැටී ඇති බවත්  නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය. පොල් ඉඩම් කැබලි කිරීම වනසතුන් ගෙන් හානි  ඇතිවීම මෙන්ම විවිධ රෝගාබාධ ඇතිවීම නිසා මෙරට පොල් නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේය . මේ හේතුව නිසා පොල් ගස ආරක්ෂා කිරීමේ ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍ය බවද හෙතෙම වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

ලෝකයේ වැඩිම පොල් පරිභෝජනය කරන රට ලංකාව බවත් වසරකට ඒකපුද්ගල පොල් පරිභෝජනය ගෙඩි 109 ක් බවද කිවේය .ඒ අනුව වසරකට ගෙඩි මිලියන 2000ක් බව කිවේය .පොල් ඉඩම් හෙක්ටයාර් 21616 මේ වනවිට රටට අහිමි වී තිබෙන බවද කිවේය .

 



අදහස් (9)

පොල් ඉඩම් කට්ටි කිරීම රටේම තහනම් කරන්නයි ඉල්ලති

rasika Thursday, 22 March 2018 08:53 AM

පොල් ඉඩම් විතරද ? ගම්මාන හදන්න තට්ටු ගෙවල් ක්‍රමයට එතකොට පොලව කොන්ක්‍රීට් එක නැති වෙනවා .

:       2       20

ranjith Thursday, 22 March 2018 11:24 PM

කොම්පැණි වලට ඉඩම් විනාස නොකර නිවාස සංකීර්ණ ඉදිකරන්න උනන්දු කරන එක සුදුසුය තට්ටු නිවාස ඉදිකර රටේ ඉඩම් ආරක්ෂා කරගත යුතුය.

:       1       59

kumar (galf) Friday, 23 March 2018 05:12 PM

ඉතා හොඳ වැඩක්.

:       4       0

sathyapala Sunday, 25 March 2018 06:09 AM

පොල් ඉඩම් කොටස් කිරීම තහනම් කරාම හරියනවා කියල හිතන මෝඩ දේශපාලුවෝ. ඔය නිතිය ගෙනාවට පස්සේ කරන්නේ ඉස්සරවෙලාම පොල්ගස් කපල අයින් කරනවා. එතකොට ඒක පොල් ඉඩමක් නොවෙයි හිස් ඉඩමක්. ඉන්පසු හිස් ඉඩමක් කොටස්කර විකිණීම වරදක් නොවෙයි. කුඹුරු ගොඩ කිරීම තහනම් කලාට පසු ගොඩ දෙනෙක් කුඹුර වගා නොකර අවුරුදු 3-4 තියල ඉන්පසු එහි කෙසෙල්, කොහිල අලකොල වගාකර ඉඩම කුඹුරක් නොව ගොඩ ඉඩමක් කර ගොඩ කිරීම වෙන බව රටම දන්නා දෙයක්. අනික මොන නිතිය ගෙනාවත් එය ගමේ ගොඩේ අහිංසකයන්ට පමණයි. බලය නිලය මුදල ඇති අය ඕනෙම වරදක් කර බේරී යයි.

:       0       19

nimal Monday, 26 March 2018 06:51 AM

මට මතකයි දැන් කාලෙක ඉඳලා කිහිප වරක් ඔය වැඩේ තහනම් කළා.

:       0       0

Indhika Monday, 26 March 2018 02:09 PM

දැනටමත් හොඳටම පරක්කුයි. එ්ත් කමක් නෑ ඉක්මනට ඕක තහනම් කරන්න. නැති නම් රටින් පොල් ඔක්කොම ගෙනෙන්න වෙනවා. පොල් ත්‍රිකෝණයේ පොල් ඉඩම් ඇත්තෙම නැති තරම් කුට්ටි කරලා විකුණලාම.

:       4       1

sarath hettiarachchi Monday, 26 March 2018 06:48 PM

පළමුවෙන්ම කලයුත්තේ තමන්ට සෙත්පතාත්, අනෙකුන්ට හෙන (වින ) පතාත් . කරන පුජාවන් වලින් මිදීමයි. එවිට තිබෙන පොල් පරිබෝජනයට ප්‍රමාණවත්.

:       0       36

Kalyani Wednesday, 28 March 2018 02:32 PM

මේක ඉතාමත්ම හොඳ වැඩක්...

:       0       0

chandrasiri Thursday, 29 March 2018 06:35 AM

රටක් දියුණු වෙනකොට නගර සංවර්ධනය හා පුළුල් කිරීම විය යුතුය. එවිට නාගරිකයාට පාසල්, ආරෝග්‍යශාලා, බැංකු හා වෙළඳ කටයුතු පහසුවේ. ඉඩම් කොටස් ගන්නේ තරුණ පවුල් කොටස් වශයෙන් ගෙවන්න. තම දරුවන්ට හා තමන්ට පහසුවෙන් ජීවත්වෙන්න. එයට සමාජය ඉඩදිය යුතුවේ. නගර ආසන්න පොල් ඉඩම් නගර පුළුල් කිරීමට නිදහස් කර දුරස්ථ පොල් ඉඩම් වල පලදාව වැඩි කල යුතුය අපේ පොල් වගාවට නිසි කළමනාකරණයක් ඕනේ. මෙය ඉඩම් පරිහරන සැලසුමි කිරීම වේ. එය රජය විසින් කිරීම නොසලකා හැරය.

:       2       18

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 48 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 69 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 200 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 43 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 417 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 217 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site