IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අඩු-වැඩි උද්ධමනය කියාදෙන පාඩම

සත්‍ය තත්ත්වය අත්දැකීමෙන් දන්නා නිසා බොහෝ වැඩිහිටියෝ උද්ධමනය කුමක්දැයි දනිති. ඔවුන් මෙසේ එය ඔවුන්ගේ දරුවන්ට පැහැදිලි කරනු ඇත. “ ඒ දවස්වල අපේ පර්ස් එක (පසුම්බිය) අරගෙන ගිහින් මල්ලක් පිරෙන්න බඩු ගේනවා. ඒත් අද මල්ලක් පිරෙන්නේ සල්ලි ගෙනිහිල්ලා පසුම්බියකට බඩු දාගෙන එනවා”. ඇත්තෙන්ම අපි උද්ධමනය කියන්නේ ද එය යි.

කෙසේ නමුත් දැන් ඒ කාලය පහු වී ඇත. වර්තමානය වනවිට ආර්ථික විද්‍යාව හදාරන සිසු සිසුවියන්ට ද උද්ධමනය තේරුම් ගැනීම අපහසු වීම පුදුමයක් නොවේ. නව සියවසේ ආරම්භයත් සමඟ උපත ලැබූ පරම්පරාවට උද්ධමනය සම්බන්ධයෙන් කලින් පරම්පරාව තරම් අත්දැකීම් නැත. මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තත්ත්වයක් නොවේ. ලෝකයේ බොහෝ උද්ධමන ප්‍රවණතා දෙස බැලු‍වත් තත්ත්වය මේ හා සමාන ය. ජාත්‍යන්තර වෙළෙඳපොළට සම්බන්ධ කුඩා වෙළෙඳපොළක් වීම නිසා ගෝලීය උද්ධමන ප්‍රවණතා සමඟ ශ්‍රී ලංකාවේ උද්ධමනය ද ඊට සමීපව ගමන් කරයි.


අඩු උද්ධමන යුගය
මගේ තර්කය ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදෙන්න. 1978 න් පසු වසර 20ක් පමණ යනතුරු මෙරට උද්ධමනය ඉහළ අගයක් ගත්තේ ය. එයිනුත් වසර බොහෝමයක උද්ධමනය ඉලක්කම් දෙකේ අගයක් ගත් අතර බොහෝ විට උද්ධමන අනුපාතය සියයට 15කට ආසන්න විය.ඇතැම් වසරවලදී එය සියයට 20 ඉක්මවීය. 2009 වසරට වසර කිහිපයක් තිබියදී ද රට තුළ ඉහළ උද්ධමන අනුපාතයක් වාර්තා විය. පසුගිය වසර 12 ක කාලයේ දී මෙරට උද්ධමනය පහළ සහ තනි ඉලක්කම් අගයක පැවැතුණි. ඇතැම් අවස්ථාවලදී උද්ධමනය සියයට 5ත් අඩු අගයක් ගත්තේ ය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය ලෝක උද්ධමනය සමඟ සමීප ව ගමන් කරන බව ද සඳහන් කළ යුතු ය. ඉහළම ලෝක උද්ධමනයක් වාර්තා වූයේ 1970, කාලයේදී ය. එම කාලයේදී ලෝක උද්ධමනය සියයට 10 ඉක්මවූ අතර එම තත්ත්වය 1980 දශකයේ මුල් වසර කිහිපය තුළදී ද දක්නට ලැබිණි. 1981-1995 කාලයේ ලෝක උද්ධමනයේ සාමාන්‍ය අගය සියයට 8.3ක් විය. ඉන් අනතුරුව ලෝක උද්ධමනය සියයට 5ක් දක්වා අඩුවිය. පසුගිය වසර 25 ක කාලයේදී ලෝක උද්ධමනය සියයට 3 දක්වාත් ඉන් අනතුරුව සියයට 2 දක්වාත් අඩුවිය. කෙසේනමුත් 2009 ට පෙර වසර කිහිපයක දී ලෝක උද්ධමනය කෙටිකාලීනව වර්ධනය විය.

ලෝකය මේ වනවිට අඩු උද්ධමකාරී යුගයක් පසු කරමින් සිටියි. සංවර්ධනය වන රටවල් බොහොමයක් මේ වනවිට අඩු උද්ධමනකාරී තත්ත්වයකට මුහුණ දී සිටී. කෙසේ නමුත් අවධමනයක් වාර්තා වනු ඇතැයි ඉහළ/දියුණු ආර්ථික බිය පළ කරයි - සාමාන්‍ය මිල ගණන්වල ක්‍රමික පහළ යෑම. යූරෝ කලාපයේ බොහෝ රටවල් සහ ස්කැන්ඩිනේවියානු රටවල් පසුගිය කාලයේදී අවධමනයක් වාර්තා කළේය. ජපානය ද දීර්ඝ කාලයක සිට අවධමන අර්බුදයකට මුහුණ දී සිටියි. 2010 දශකයේදී උද්ධමනයක් වාර්තා නොවීම හේතුවෙන් ඇමෙරිකාව වාර්ෂිකව සියයට 2 උද්ධමන අනුපාතයක් ඉලක්ක කරයි. පසුගිය වසරේදී ලොවපුරා ව්‍යාප්ත වීමට පටන්ගත් කොරෝනා වසංගතය හේතුවෙන් උද්ධමන අනුපාතය බිංදුවේ මට්ටමට ඉහළ අගයක පවත්වා ගැනීම සඳහා දියුණු රටවල් ගත් බොහෝ උත්සාහ ව්‍යර්ථ විය.


බලාපොරොත්තු සඵල වීම
උද්ධමනය පහළ වැටීමේ දීර්ඝකාලීන ප්‍රවණතාව යනු ලෝක ආර්ථිකය පසුබැසීමකට මුහුණ දී සිටින බවට සාක්ෂියකි. ලෝක උද්ධමනය 1970 දශකයේ දී උච්ඡතම අවස්ථාවට පැමිණියේ ය. ඉන් අනතුරුව පසුගිය වසර 30ක කාලයේ දී ලෝක උද්ධමනය අඩු වන ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත. ලෝක ආර්ථිකය 2008/09 කාලයේ දී ගෝලීය අර්බුදයට මුහුණ දෙන තෙක්ම ලෝක උද්ධමනය පහළ අගයක් වාර්තා කළේය. එවැනි තත්ත්වයක් තුළ පසුගිය වසරේ දී ලෝක අර්ථිකය කොරෝනා වසංගතයට මුහුණ දුන්නේ ය.

ලෝක ආර්ථිකය පසුබැසීමකට සිටින විට උද්ධමනය පහළ වැටෙනු ඇත. ඊට ප්‍රධානම හේතුව පෞද්ගලික වියදම්, ගෘහ ඒකකවල පරිභෝජන වියදම් සහ ව්‍යාපාරවල ව්‍යාපාරික වියදම් ක්‍රමයෙන් අඩුවීම ඊට ප්‍රධාන හේතුවයි. පාරිභෝගිකයන් ඔවුන් ආහාර, පානවර්ග, ඇඳුම් පැළඳුම්, සපත්තු, ප්‍රවාහන, නිවාඩු හා සංචාර සහ නේවාසික ආයෝජන (නිවාස මිලදී ගැනීම් යනාදිය) යනාදිය වෙනුවෙන් කරන වියදම් සීමා කර ඇත. මේ නිසා නිමැවුම් මිලදී ගැනීම එන්න එන්නම අඩු වේ. ඒ හා සමානව නිෂ්පාදකයන් අමුද්‍රව්‍ය, අමතර කොටස්, බලශක්තිය සහ ප්‍රවාහනය යනාදිය වෙනුවෙන් කරන වියදම් ද කපා හරියි. මේ හේතුවෙන් ලැබෙන තොග පිටතට යන තොග , සරලවම සැපයුම් හා නිමැවුම් සීමා වේ. එමෙන්ම නව ආයෝජන ද සීමා වේ. මේ හේතුවෙන් පහත වැටෙන පාරිභෝගික ඉල්ලු‍මට සරිලන පරිදි ඇණවුම් ද දිගින් දිගටම පහළ වැටේ.

ඉල්ලු‍ම පහළ වැටෙන අතරවාරයේදී නිමැවුම ද පහළ වැටෙමින් තිබේ. නිමැවුම පහළ වැටෙමින් තිබෙන අතරවාරයේදී රැකියා අහිමි වීම සහ ආදායම් අහිමි වීම සිදුවන අතර ආර්ථික වර්ධනය පහළ අගයක් ගෙන තිබේ. මේ කරුණු හේතුවෙන් පාරිභෝගික වියදම් තවදුරටත් පහළ වැටෙන අතර ඒ හේතුවෙන් ව්‍යාපාරික වියදම් ද පහළ වැටෙමින් තිබේ. ඉල්ලු‍ම දිගින් දිගටම අඩුවීම යනු උද්ධමනය අඩුවීමයි.

ගැටලු‍ව ඇත්තේ අඩු උද්ධමනයේ පමණක් නොවේ. “අඩු උද්ධමන බලාපොරොත්තු” මේ තත්ත්වය තවත් දරුණු අතට හරවයි. මහජනතාවට උද්ධමනය අඩු යැයි දැනුණු විට ඔවුහු “බලාපොරොත්තු” ගොඩනගා ගනිති. ජනතාව සිය බලාපොරොත්තු මත කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස උද්ධමනය තවදුරටත් පහළ යයි. අනාගතයේදී උද්ධමනය තවදුරටත් අඩුවනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති. මේ නිසා ජනතාව සිය වියදම් කිරීම කල් දමන/පමා කරන අතර ඒ හේතුවෙන් ආර්ථික පසුබැසීම වේගවත් වී උද්ධමනය තවදුරටත් පහළ වැටේ. එම හේතුව නිසාම රටක් අවධමන තත්ත්වයක‌ට හසු වූ විට ඉන් මිදීම පහසු නොවේ.


අතරමැදින් එල්ල වන බාධා
ආර්ථික පසුබෑම තිබෙන එකම බාධාව නොවේ. ඊට අමතරව තවත් බොහෝ බාධා තිබේ. ඒවා ධනාත්මක හෝ ඍණාත්මක විය හැකි ය. ඉහතින් සඳහන් කර ඇති පරිදි දශක තුනක් තිස්සේ දීර්ඝකාලීනව උද්ධමනය පහත වැටුණු අතර 2005-2008 සමයේදී එය වෙනස් විය. ඉන් අනතුරුව ලෝකය ඉහළ උද්ධමන ප්‍රවණතාවක් අත්වින්ඳේ ය. ඉහළ තෙල් මිල ගණන් සහ ලෝක තෙල් ඉල්ලු‍ම ශීඝ්‍රයෙන් ඉහළ යෑම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය.

ආයෝජන සම්බන්ධයෙන් පැවැති විවිධ මත සහ අනුමාන ද ඊට අඩු වැඩි වශයෙන් හේතු විය. ආයෝජන සාම්ප්‍රදායික කොටස් වෙළෙඳපොළ සහ බැඳුම්කර වෙළෙඳපොළවල සිට තෙල් සහ රත්තරං යනාදියේ ආයෝජනය කරන බවට මත හා අනුමාන පළ විය. තෙල් සංචිතවල කරන ලද ආයෝජන වැඩිවීමත් සමඟ ලෝකයේ නිෂ්පාදන සහ පරිභෝජන කටයුතුවලට බාධා එල්ල විය. එමෙන්ම ලෝකය විකල්ප බලශක්තිවලට යොමු වීමත් සමඟ ජෛව ඉන්ධන, ආහාර  මිල ගණන් යනාදිය ද ඉහළ ගියේ ය. එම නිසා 2008/09 ගෝලීය මූල්‍ය අර්බුදයට පෙර උද්ධමනය පහළ වැටීමේ ප්‍රවණතාවේ වෙනසක් දක්නට ලැබිණි.

කෙසේ නමුත් 2020 න් පසුව සාමාන්‍ය තත්ත්වයක් ලෙස උද්ධමනය පහළ වැටීම වේගවත් විය. ඒ අතර කොරෝනා වසංගතය හේතුවෙන් ඇතැම් රටවල අවධමන තත්ත්වයක් ද ඇති වී තිබේ. ලෝක ආර්ථිකයේ පසුබැසීමේ දරුණු බව මෙයින් පෙන්නුම් කරයි. කොරෝනා වසංගතය හේතුවෙන් එම දරුණු බව දෙගුණ තෙගුණ වී තිබෙන අතර බොහෝ රටවල් අවධමන තත්ත්වයකට ඇද දමා තිබේ. මේ තත්ත්ව රටින් රටට වෙනස් වීමට ඉඩ තිබේ. ඒ ඒ රටවල දේශීය සාධක, ලෝක ආර්ථික පසුබැසීමක් හමුවේ ගන්නා ප්‍රතිපත්ති යනාදිය රටින් රටට වෙනස් වේ. ලෝකය අඩු උද්ධමන යුගයකට පිවිස සිටියද ඇතැම් රටවල් තවමත් ඉහළ උද්ධමන තත්ත්වලට මුහුණ දී සිටින්නේ එබැවිනි. ඇතැම් රටවල උද්ධමනය ඉලක්කම් දෙකක අගයක් ගෙන තිබේ. සිම්බාබ්වේ සහ වෙනිසියුලාවේ උද්ධමනය ඉතා ඉහළ අගයක් ගනී.


නව අවස්ථා
උද්ධමනය අඩු වීම නිසා අර්බුදවලින් පිරුණු දියුණු රටවලට සහ සංවර්ධනය වෙමින් තිබෙන රටවලට “වැඩි වැඩියෙන් මුදල් මුද්‍රණය” (සල්ලි අච්චු ගැසීම) සඳහා සුවිශේෂී අවස්ථාවක් ලබා දී තිබේ. අප මේ තත්ත්වය “නූතන මුදල් න්‍යාය” යනුවෙන් වරදවා වටහාගෙන ඇත. අඩු උද්ධමන යුගය යනු මුදල් මුද්‍රණයට අවස්ථාව සපයන (සල්ලි අච්චු ගැසීමට අවස්ථාව සලසන) තත්ත්වයකි.

මුදල් මුද්‍රණය කිරීමෙන් අර්බුදවලින් පිරි ආර්ථිකවල අයවැය සහ මූල්‍ය උත්තේජනයට ද සහාය වේ. පෞද්ගලික වියදම් සීමා වී ඇති බැවින් ආණ්ඩුව වියදම් වැඩි කළ යුතු අතර මුදල් මුද්‍රණය කිරීමෙන් ආණ්ඩුවට සහාය ලබාගැනීමට හැකියාව ලැබේ. මුදල් උත්තේජනය තුළින් බැංකු පද්ධතියට මුදල් ගලා එන අතර ඒ තුළින් පහළ පොලී අනුපාත යටතේ පෞද්ගලික ණය වැඩි කළ හැකි ය. ඒ අනුව පාරිභෝගිකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ පෞද්ගලික වියදම් වැඩි වන අතර ආර්ථිකයේ ඉල්ලු‍ම් අංශයේ වර්ධනයක් ද බලාපොරොත්තු වේ. මේ නිසා ආර්ථික පසුබැසීමෙන් ජනතාවගේ ජීවිත මත එල්ල වී තිබෙන පීඩනය අඩු කිරීමට අයවැය සහ මූල්‍ය උත්තේජනවලින් බලාපොරොත්තු වේ. මේ තුළින් ආර්ථික පසුබැසීමෙන් ගොඩ ඒමට ද හැකියාව ලැබේ.

මේ සියල්ල සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැක්කේ උද්ධමන පීඩනයක් නොමැති නිසා බව කිව යුතු ය. උද්ධමන පීඩනයක් තිබුණේ නම් රජයේ වියදම් වැඩි කිරීමෙන් සහ මුදල් මුද්‍රණය කිරීමෙන් උද්ධමනය වැඩි විය හැකි ය. ආර්ථිකයක පුළුල් කිරීමේ මාවත තුළ ද මෙවැන්නක් සිදුවිය හැකි ය.

සහනශීලී උද්ධමන පීඩනයක් තුළ ආර්ථික පසුබැසීමක් සිදු වූ විට අයවැය පුළුල් වීමක් සහ මුදල් අච්චු ගැසීම ඇතුළු  මූල්‍ය වර්ධනයක් සඳහා ඉල්ලු‍මක් ඇති වේ. කෙසේ නමුත් ඉහළ යන උද්ධමන පීඩනයක් සහ ආර්ථික පුළුල් වීමක් තිබේ නම් අයවැය පාලනය කළ යුතු අතර මූල්‍ය විනය අවශ්‍ය කෙරේ. මෙය සමස්ත ආර්ථික ක්‍රියාකාරකම්වල චක්‍රයේ ස්වභාවයයි. එය ව්‍යාපාරික චක්‍රයකි.

 

(***)
(සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ
ලිපිය සිංහලට පරිවර්තනය කළේ
හර්ෂණ තුෂාර සිල්වා)

 



අදහස් (0)

අඩු-වැඩි උද්ධමනය කියාදෙන පාඩම

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 70 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 138 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 97 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 54 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site