2018 වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා ලෙස පැලැටිනම් සම්මානය හිමිකරගත් නුගේගොඩ සක්යා ආයතනයේ හිමිකරු වන බණ්ඩාර දිසානායක මහතාට උපහාර පිදීමේ උත්සවයක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය කළමනාකරණ හා වාණිජ පීඨයේදී අද (26) පැවැත්විණි.
එම විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ මෙම උත්සවයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සමපත් අමරතුංග,එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ පීඨයේ පීඨාධිපති යූ. අරුණ කුමාර යන මහත්වරු අතින් උපහාර පරිනැමූ අතර මීට පෙර සම්මාන හිමිකරගනිමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට කීර්තියක් ගෙනදුන් වෑගපිටිය, රවී ලියනගේ යන මහත්වරුන්ද ඇගයීමට ලක් කරමින් උපහාර තිළිණ පිරිනැමීමක් සිදුකෙරිණි.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර




COMMENTS
බන්දුල සර් කියයිද දන්නේ නැහැ රජය පෞද්ගලික අද්‍යාපනය ප්‍රවර්දනය කරනවා කියා.
ඔහොම නොදී පුළුවන්ද? ජපුරේ ගොඩක් දෙනෙක් වැඩ වෙලාවේ ටියුෂන් කරන්නේ මෙතැනනේ... ඉතිං ඒ ගොල්ලන්ට රජයේ මුදල් වියදම් කරලා සම්මාන දෙන්න ඕනේ නේ...
මෙම සම්මානය දී ඇත්තේ සරසවි ආදි සිසුන්ගේ සංවිධානයකිනි. විශ්වවිද්‍යාලයෙන් නොවේ.
කෙතරම් ආදී සිසුන් හිටියත්, ඔය කියන සංවිධානේ ඉන්නේ ඔය ඇඟ ලොකු මනුස්සයාගේ කට්ටියමනේ. හොඳට හොයලා බලන්න. ඇයි ජපුර විශ්වවිද්‍යාලයේ නම විකුණං කන්නේ. සනාතන සභාවේ අනුමැතියක් තියෙනවද මේකට. මේක තම හිතවතාට දීපු අල්ලසක්.