නිසාන් සමාගමේ හිටපු සභාපති කාලෝස් ගෝසන් මහතාට ජපාන නීතිඥයන් විසින් මුල්‍යමය වැරදි පටවන බවට ජපාන මාධ්‍ය වාර්තා කරයි.
සමාගමේ වත්කම් පෞද්ගලික භාවිතය සඳහා යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් නොවැම්බර් මාසයේ දී ගෝසන් මහතා අත්අඩංගුවට ගැණිනි.
රෙනෝල්ට්, නිසාන්, මිට්ෂුබිෂී යන සමාගම් සමඟ සන්ධානයක් පැවැත්වු බවට නඟන චෝදනා ගෝසන් මහතා විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඔහු වෙනම චෝදනාවක් මත නැවත අත්අඩංගුවට ගැනීමට හැකි බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රශ්න කිරිම් සඳහා තවත් දින 20 ක කාලයක් ඔහු රඳවා තබා ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
නිසාන් සමාගමේ වාර්ෂික සුරකුම්පත් වාර්තාව වැරදියට සකස් කළැයි ඔහුට එරෙහිව අද (10) නව චෝදනාවක් එල්ල වී තිබේ.
(බීබීසි ඇසුරෙනි)
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙච්ච දෙය 21 වෙනි සියවසයේ නවතම යටත් විජිත වාදයේ එක පැත්තක්. ලංකාවටත් විදේශීය සමාගම් වලින් ප්‍රවේශම් වෙන්න වෙනවා. කෙසේ වෙතත් අපි නිදහස ලැබුවට 100ට 100ක්ම නිදහස ලැබිල කියල හිතෙන්නේ නැහැ. 17, 18 සියවස් වල දකුණු ඉන්දියාවට සම්බන්ද පරම්පරා වලින් රට පාලනය වුනා 19 වෙනි සියවසයේ ඉඳන් 20 වෙනි සියවසයේ මැදක් වෙනකම් බ්‍රිතාන්‍යයෙන් පාලනය වුනා. 20 වෙනි සියවසයේ අග භාගයේ අපේ අය පාලනය කරන්න ගිහින් අවුරුදු ගානක් යුද කර ගත්ත. 21 වෙනි සියවසයේ මුල ඉඳන් කර ගන්න දෙයක් නැතිව දැන් චීනෙට කියල පාලනය කර ගන්න වෙලා. අවි අයුධ වලින් කරන එකත් යුද්දයක්. ඒ වගේම වෙළදාමත් යුද්දයක වගේ. ඉවරයක් නැහැ.