(රංජන් කස්තුරි)
ද ෆිනෑන්ස් සමාගම වැසීයාම වළක්වා ප්‍රතිසංවිධානය කිරිමට පියවර ගන්නැයි එම සමාගමේ සේවක පියවර ගන්නැයි එම සමාගමේ සේවක සංගමය ශ්‍රිලංකා මහබැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.
ද ෆිනෑන්ස් සේවක සංගමය ඒ සඳහා වන යෝජනාවලියක් ද මහබැංකුවට ඉදිරිපත් කළ බව සංගමයේ ලේකම් ශානක සිල්වා මහතා කීය.
ඒ අනුව ද ෆිනෑන්ස් සමාගම නව ආයෝජකයින් කැඳවීම, රුපියල් බිලියන 12 ක සහනදායී ණය මුදලක් ලබාදි නව ආයෝජකයින්ට සමාගමේ කොටස් වලින් 90% ක ප්‍රතිශතියක් ලබාදිම ආදී යෝජනා ඊට ඇතුළත් බවද ඔහු කිය.
මෙලෙස කරන මුලික ආයෝජනයෙන් වසර පහකට පසුව සමාගම කොටස් වෙළඳපොළ හරහා 15% ක සංශෝධිත නව කොටස් නිකුතුවක් සිදුකිරිම, වසර පහක සහන කාලයකට පසුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදලින් ලබාදුන් ණය මුදල් වසර 10 ක් ඇතුළත සාමාජිකයන් හරහා ගෙවා නිම කිරිම ආදී යෝජනා ද සේවක සංගමයේ යෝජනාවලියට ඇතුළත් කළ බවද ලේකම්වරයා කීය.
සමාගමට නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කළ යුතු අතර එම අධ්‍යක්ෂක මණ්ඩලය සමන්විත විය ආකාරයත් සඳහන් කළ බවද ශානක සිල්වා මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩිනම් විසඳුමක් ලැබේවා.!
මේ ෆිනෑන්ස් සමාගම්වල ලොක්කෝ අනුන්ගේ සල්ලිවලින් තමන්ගේ පවුල් පරම්පරා ගානකටම ගොඩදාගන්නවා. අහිංසක තැන්පත්කරුවන්ට මුකුත් නැහැ. මේවා සදහටම වහන්න ඕන. ජනතාවගේ මුදල් බිලියන් වලින් බොරු ප්‍රතිසංවිධාන කරන්නේ නැතිව.
වහාම අහිංසක ජනතාවගේ මුදල් ලබාදෙන්න රජය මැදිහත් විය යුතුයි..
මේ ආයතන කඩාවැටෙන්න හේතුවෙන්න ඇත්තෙත් මේ සේවකයින්ම නේද? ඉතින් ඒ අයගේ යෝජනාවලින් ආයේ වැඩකරනවා කියන්නේ ආයෙත් නිකම් සල්ලි නාස්තියක් විතරයි...