IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තේ තවාන් 500ක් අලුතින්

(විනීතා එම් ගමගේ)
 
තේ වගාකරුවන්ගේ වාර්ෂික තේපැළ අවශ්‍යතාව සපයා දීමේ අරමුණින් තේ තවාන් 500 අලුතින් ආරම්භ කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පියවර ගනිමින් සි‍ටින බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ලංකාදීපයට පැවැසීය.
 
පැළ මිලියන 20ක් වන මෙරට වාර්ෂිකව නිෂ්පාදනය වෙතත් මිලියන පණහක අවශ්‍යතාවයක් රටේ පවතින බව ද කී හේරත් මහතා තේ පැළ නිෂ්පාදනය පැල මිලියන පණහක් දක්වා වැඩි කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ යැයි ද කීය.

පෞද්ගලික අංශයේ සහයෝගිතාව ඇතිව කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාවට නංවන මෙම වැඩපිළිවෙළේ දී තෝරාගත් තවාන්කරුවන්ට රැපියල් ලක්ෂ පහක මූල්‍යාධාරයට අමතරව අධිකාරිය මගින් තාක්ෂණීක දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබා දෙන බවත් හෙතෙම  කියා සිටියේය. 
 
උසස් ගුණාත්මක තත්ත්වයේ පැල නොමැති කම නිසා වගාකරුවන් විවිධ ගැටළුවලට මුහුණ දෙන බවත් ඇතැම්විට තත්වයෙන් බාල හොඳ අස්වැන්නක් නොදෙන තේපැළ වගාකිරීමට පවා පෙළඹෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.
 
මෙම ව්‍යාපෘතියේ සෑම තේතවානක්ම අවම වශයෙන් තේපැළ 50000 සමන්විත වන අතර මෙම තේපැළයක් රුපියල් 25ක් බැගින් වූ මුදලකට කුඩා තේ වතුසංවර්ධන අධිකාරිය විසින් ඉදිරි වසර 3ක කාලය තුල මිලටගනු ඇත.

වසර 3ක ගිවිසුම් කාලයෙන් අනතුරුව සාධාරණ මුදලකට තේපැළ අලෙවිකිරීමට තවාන්කරුවන්ට අවස්ථාව හිමිවේ.

 



අදහස් (1)

තේ තවාන් 500ක් අලුතින්

සරත් ඇරෑපොල Saturday, 14 November 2020 02:32 AM

ලිපියේ 4 වැනි ජේදය ඉතාම නිවැරදියි. සමහරක් පැල ව්‍යාපාරිකයින් විකුණන පැලවලින් දළු ගන්න පුළුවන් වෙන්නේ පෝර දැමූ මාසයට පසුමාසයේ සති දෙකක කාලයකට පමණයි. එවැනි අඩු අස්වැන්නක් සහිත තේ වර්ග සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමටත් කටයුතු කළයුතුමයි. යමෙක් එවැනි පැළ විකුණනවා නම් එවැනි අයට දඬුවම් කිරීමත් සුදුසුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site