(හර්ෂණ තුෂාර සිල්වා)
ලබන වසරේ සිට ණය තොරතුරු කාර්යාංශයට නව ගණනය කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ණය තොරතුරු කාර්යාංශය සම්බන්ධයෙන් විශාල සැලකිල්ලක් තිබෙන බවත් එම නිසා ඊට නව්‍යතාවක් එක් කිරීමේ අරමුණින් ගණනය කිරීමේ පද්ධතියක් හඳුන්වාදෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (29) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කරුණාරත්න මහතා එම අදහස් පළ කළේය.
එහිදි ඔහු මෙසේ ද කීය.
“ජනවාරි මාසයේ සිට ණය තොරතුරු කාර්යාංශය ගණනය කිරීමේ පද්ධතියක් මගින් වාර්තා කිරීම් කරනවා. එය ණය තොරතුරු කාර්යාංශයේ එක් අංගයක් පමණයි. එහිදි 250ත් 800ත් අතර ගණනය කිරීම් කරනවා. 250 යනු අවදානම් වැඩි අගය වන අතර අවදානම අඩු බව 800න් කියැවෙනවා. ඒ අනුව ණය දෙන ආයතනවලට ඉතා හොඳ තීරණ ගැනීම සඳහා අවස්ථාව සලසනවා”.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ දෙයක්. සියලුම බිල්පත්, බැංකු ණය, ලීසිං ආදී සියලුම ගෙවීම් මේ සඳහා ඇතුළත් විය යුතුයි. නිසි මූල්‍ය විනයක් පවත්වා ගැනීම සඳහා මෙය අත්‍යාවශ්‍ය දෙයකි.
කෙනෙක්ට ණයක් ගන්න ඕනි නම්, බැංකුවෙන් දෙන්නෙත් නැත්නම් ඒ අය වැඩි පොලියට කොහෙන් හරි ගන්නවා. අන්තිමට හම්බකරන ඔක්කොම පොලී ගෙවලා ආණ්ඩුවලට බැන බැන ඉන්නවා. ණය ගන්න එන අයව හොරු විදිහට දකින්නේ නැතිව, පුද්ගලයෙක් අදායමෙන් කීයක් පොලි ගෙවනවද බලලා සහනයක් දෙන එකයි. ඔන්න අලුත් ආණ්ඩුව ඇත්තට මිනිස්සු ගැන හිතනවා නම් කරන්න වැඩ...
එක් එක් පුද්ගලයන් පසුගිය වසරවල් තුළ (වසර 5, 10, 20 , 30 ,40 ත් 50 ත් අතර කාලයක් තුළ) කොපමණ පොළී ගෙවා ඇද්ද යන්නත් සැලකිය යුතුයි. එම පොළිය නොගෙවූ වාරික පොළී පියවීම සඳහා නව insurance ක්‍රමයක් ඇතිකර පුද්ගල අමාරුකම් අවස්ථාවලදී එමගින් පියවිය යුතුයි. රජයට තවත් ආදායමක් සහ බැංකු වලින් එම පොළිය අඩුකර අවධානම අඩුකළ හැකිය. ණය ලබා ගන්නන්ටත් පහසුයි. ඒ ඒ පුද්ගලයා ඒ ඒ බැංකුවට ගෙවා ඇති (පසුගිය වසරවල් තුල ) පොළී ගණනය රජයෙන් 50 % පියා හෝ මව ඇති හෝ නැති දරුවන්ගේ අධ්‍යාපන ණය ලබාදීමට හෝ පියවීමට යෙදවීම යෝග්‍ය වේ (ඉහත කි insurance මගින් ). credit report සඳහා බැංකුව නොව සෑම පුද්ගලයෙක්ම ගෙවීමක් සිදුකරයි.
මේකෙන් කිසි වැඩක් නැහැ. ගමේ දවසට පොළියට මහා පරිමාණයෙන් ණය දෙනවා දෛනික එකතු කිරීම්.මේක මහා උගුලක් එත් මිනිස්සු මේවට යන්නේ මේ කිසි තේරුමක් නැති දේවල් නිසා. එක වාරිකයක් ගෙවන්න බැරි උන ගමන් ණය තොරතුරු කාර්යාංශයට යනවා. බැංකුවක් නය දෙන්නේ ඇපයක් තියාගෙනයි. මොන එහෙකටද ණය තොරතුරු බලන්නේ? ව්‍යාපාර දියුණු වෙනවා, කඩා වැටෙනවා. දැනට මේකේ නැති කෙනෙක් නැතුව ඇති. මේකේ නම නැති කෙනෙක්ට ණය දීම කළු නික සෙවීමක් වගෙයි. බැංකු මීට වඩා ජනතාවාදී විය යුතුයි. ගිනි පොළී සමග පුද්ගලික ව්‍යාපාර වලින් ජනතාව බේරගන්න ඕනේ. පිටකොටුවේ දවසට 10% යි. රුපියල් 90 ක් උදේට දුන්නම හවසට 100ක් දෙන්න ඕනේ. මුළු ව්‍යාපාරයම දුවන්නේ මේවගේ අයගෙන්