(ජේ. කේ. එල්. චාමින්ද)
සංචාරක හොටල්හිමියන් ලබාගත් ණය ගෙවීමේ සහන කාලය සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් හිමියන්ට පමණක් ලබාදීමට රජය තීන්දු කිරීම නිසා සංචාරක කර්මාන්තයේ නිරත සුළු පරිමාණ හොටල් හිමියන්ට දැඩි අසාධාරණයක් වී ඇති බව උණවටුණ ප්‍රදේශයේ සුළුපරිමාණ හොටල් හිමියෝ පවසති.
ණය ගෙවීමේ සහන කාලය සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති හෝටල් හිමියන්ට පමණක් ලබාදීම මෙකී කර්මාන්තයේ නිරත අනිකුත් හෝටල් හිමියන්ට කළ බලවත් අසාධාරණයක් බවද ඔවුහු පෙන්වා දෙති.
උණවටුන සංචාරක කලාපයේ සංචාරක ව්‍යාපාරයේ නිරත ව්‍යාපාරිකයින් අති බහුතරයක් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී නොමැති බවද ඔවුහු පවසති.
උණවටුණ සංචාරක ව්‍යාපාරිකයින්ගේ සංගමයේ කැඳවුම්කරු රූපසේන කොස්වත්ත මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීවේය.
“පාස්කු ඉරිදා වූ බොම්බ ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තයට 99%ක බලපෑමක් එල්ල වී තියෙනවා. මෙම කර්මාන්තයේ නිරතවූවන්ගේ ආදායම බිංදුවයි. සෘජුව හා වක්‍රව සංචාරක කර්මාන්තයේ විශාල පිරිසක් නිරත වෙලා ඉන්නවා. එය හොටල් හිමියාගේ සිට තැඹිලි විකුණන වෙළෙන්දා දක්වා බලපාලා. සංචාරක කර්මාන්තයේ බිඳවැටීම බලපාන්නේ හොටල් හිමියන්ට පමණක් නෙවෙයි. හොටල් හිමියන් නොවන සංචාරක ව්‍යාපාරිකයින්ටත් බලපානවා.
මේ ප්‍රශ්න රජය තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් විසින් ලබාගෙන ඇති ණය 2019 වර්ෂයේ කාලවකවානුව අත්හැරලා 2019න් පසුව එම ණය ගෙවන්න යම්කිසි ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. එය විශාල සහනයක්. ආදායම උපයනවිට එම ණය ගෙවන්න වෙන්නේ.
අපට තියෙන ප්‍රශ්නය සංචාරක ව්‍යාපාරිකයින් ලෙස හඳුනාගෙන තියෙන්නේ හෝටල් හිමියන් පමණක් ද? මේ සහනය ලබාදෙන්න හදන්නේ සංචාරක මණ්ඩලයේ ලියපදිංචි හෝටල්වලට පමණයි. එය ආසාධාරණයි. උණවටුණ ප්‍රදේශයේ ඉතා සුළු පිරිසක් තමයි සංචාරක මණ්ඩලයේ ලියපදිංචිවෙලා තියෙන්නේ. දැනට වසර 30ක පමණ කාලයක සිට සංචාරක කර්මාන්තයේ නිරත හෝටල් හිමියන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අය සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිවෙලා නැහැ. නමුත් මේ අයගේ ආදායම නැතිවෙලා, ගත්ත ණය ගෙවා ගන්න බැරිවෙලා. උණවටුණේ 90%ක් ඉන්නේ සුළු පරිමාණ සංචාරක ව්‍යාපාරිකයින්. ඒ අයටත් මේ සහනය ලබාදිය යුතු වෙනවා. මෙවැනි ඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමේ දී සියලු සංචාරක ව්‍යාපාරිකයින්ට මේ සහනය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයි රූපසේන කොස්වත්ත මහතා සඳහන් කළේය.
COMMENTS
මේ හදන්නේ අනවසර ලැගුම්හල් වලටත් රජයේ සහනය කඩාවඩා ගන්න. මෙච්චර කාලයක් තිස්සේ කාමර කුලියට දීලා... ඒත් ලියාපදිංචි වෙලා නෑ. මේවා ඇතුළේ මොනවා වුණාද දන්නේ දෙවියන් තමයි. දෙයක් වේ නම් දිය යුතු, සුදුස්සාටම ලැබිය යුතු...
මදු මාධවගෙන්, අමිත් වීරසිංහගෙන් , නාමල් කුමාරගෙන් ණය ගෙවීමේ සහන කාලය ඉල්ලා ගන්න.......
සංචාරක මණ්ඩලේ ලියාපදිංචි වුණාම එ්කේ නිලධාරීන්ට දොළ පිදේනි දෙනවා හැරෙන්න වෙන කිසිම වැඩක් කරන්න වෙන්නේ නැහැ. එ්ක නිසා මොලේ තිබෙන කිසිම ව්‍යාපාරිකයකු ඕකේ ලියාපදිංචි වෙන්නේ නැහැ. දෙනවා නම් හැමෝටම දෙන්න. අපි විදේශ විනිමය ඩොලර් වලින් හම්බකරලා දෙනකොට ඒවා ලංකාවේ ආර්ථිකයට එකතු වෙනකොට ඒවා එපා කියල කිව්වේ නැහැනේ... හෝටල් හිමියන්ට ඕකේ ලියාපදිංචි වෙන්න කියල බලකරන්න එපා.. එහෙම කරන්න අවොත් අපි ඉදිරියට එන ඡන්දවලදී අනිවාර්යයෙන් අපව අසාධාරණයට ලක්කරන විදිහට කටයුතු කරන පක්ෂ වලට විරුධව අපි, අපේ සේවකයෝ සහ මෙම කර්මාන්තයෙන් යැපෙන පුද්ගලයින් සියලුදෙනා පෙළ ගස්සවනවා. මේ ඔක්කොම ප්‍රශ්නවලට මුල ආණ්ඩුවට රටේ ආරක්ෂාව හරියට තහවුරු කරගන්න බැරිවීමයි.. නැත්නම් අපි ආණ්ඩුවෙන් සහන ඉල්ලුවේ නැහැ..
නිසි ක්‍රමවේදය අනුගමනය කරල ව්‍යාපාර කලානම් මේ ණය ඔබටත් හිමියිනේ. රටක නීතියක් තියෙද්දි ඒකට පිටුපාන්නේ ඇයි. සංචාරක ආයතන සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී නිසි ප්‍රමිතියෙන් පවත්වාගත යුතුයි කියල තියෙද්දි ඊට අදාල ගාස්තු ගෙවීමට තියන ලෝබ කමට රජයට ගෙවන්න තියන ඒවා නොගෙවා මේවා පැහැර හරිනවා. අනතුරකදී සහනයක් දෙන්න ගියාම ඒකට පොර කනවා.
දිලුම් නිවැරදියි. බොරු අදායම් බදු බල්ලෙක් මවාගෙන තමන් කරන වයාපාරය රජයේ ලියාපදිංචිය කරන්නේ නැහැ. ණයක් ගන්න ගියහම වන සහන අහිමිවෙනවා ...!!!
සංචාරක මණ්ඩලේ ලියාපදිංචි කරහම තමන්ගේ අධයාමෙන් 1% සංචාරක මණ්ඩලේට ගෙවන්න ඕනේ , ඊට පස්සේ එකේ නිලධාරියෝ එනවා ඔවුන්ට පගාව වශයෙන් මුදල් සහ කෑම බිම දෙන්න ඕනේ එහෙම නැත්නම් මේක නැත අරක නැත කියමින් එක එක ප්‍රශ්න දමනවා , අපට එගොලන්ගෙන් වෙන සැලකියයුතු සේවයක් නැත , අඩුම තරමේ කලාපයේ වෙන රටවල සිදුවෙන විදිහට ක්‍රමවත් සේවකයන් පුහුණුකිරීමේ වැඩ පිලිවෙලක්වත් මොවුන්ට නැත , අපේ සල්ලි වලින් නිලධාරියෝ රට සවාරි ගසති නමුත් යුරෝපයේ අපේරටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මේ ගොල්ල කරන දෙයක් නැත , අපි අපේ මහන්සියෙන් ප්‍රචාරක කටයුතු කරගෙන බැංකු ණය ලබාගෙන අපේ ව්‍යාපාර ගොඩ නගාගන්නවා, මේකත් හරියට සංචාරක මණ්ඩලේ පළාත්සභා වැනි සුදු අලියෙකි ,අපි රටට ඩොලර් යුරෝ සොයල දෙනකොට මේකේ ලියාපදිංචි නොවුන කියල කිසිම භේදයක් නොමැත , සුළුපරිමාණ ව්‍යාපාරයන්ට රජය ණය සහනය දුන්නොත් ඔවුන් ව්‍යාපාරය වලට මුදල් ආයෝජනය කර වැඩි වැඩියෙන් විදේශ මුදල් රටට්ට ලබාදේවි නැත්නම් ඒවා කලාපයේ වෙනත් රටවලට යාවි .
බැංකු ණය ගන්න විස්තර ඉදිරිපත් කරනව මොනවගේ කාරණාවකටද ණය ලබා ගන්නෙ කියලා...සංචාරක ව්‍යාපාරයකට අදාලව ණය පහසුකම් ලබාගෙන ඇතිනම් එම ණය සඳහා පමණනක් මෙම පහසුකම ලබා දෙන්නේනම් හොඳයි.එවිට සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිද නැද්ද වැඩක් නෑ,, මොකද ලියාපදිංචියක් නැතිව මෙම කර්මාත්තයෙන් විශාල ආදායමක් රටට හොයල දෙන අංශ තියෙන නිසා....