IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ටුනා මත්ස්‍යයින් ඇල්ලීමේ ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට පියවර

( තිළිණි ද සිල්වා )

‘ටුනා‘ මත්ස්‍යයින් ඇල්ලීම සදහා ධිවරයින් භාවිතා කරන ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම ඇම නිෂ්පාදනය පුත්තලම දිස්ත්‍රික්කයේන් ආරම්භ කිරීමට සැලසුම් කර එම කටයුතු සදහා රුපියල් මිලියන 26 ක මුදලක්  වැය කිරීමට අපේක්‍ෂිත බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටී.

ටුනා මත්ස්‍යන් ඇල්ලීම සදහා වසරකට රුපියල් මිලියන 1107 ක් වටිනා ඇම ආනයනය කරන බව ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී. එම විශාල මුදල රට තුළ රදවාගැනීම සදහා ටුනා මත්ස්‍යයින් සදහා භාවිතා කරන ඇම ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කරනු ලැබිණි .

පුත්තලම ප්‍රදේශයෙන් ආරම්භ කරන මෙම ඇම නිෂ්පාදන ව්‍යාපෘතියේ පළමු අධියරේ ඉලක්කය වසරකට කිලෝ එක්ලක්‍ෂ තිස් පන් දහසක් නිෂ්පාදනය කිරීමය .

එහි පළමු අධියරේ කටයුතු ආරම්භ කිරීම සදහා  මූල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 13 ක් වටිනා චෙක්පත ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා විසින් එම ඇම නිෂ්පාදනය කරන ලිහිණියා ආයතනය වෙත ලබා දෙනු ලැබිය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඉකුත් 20 වැනිදා පැවති ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබද දෙස් විදෙස් ආයෝජකයින් දැනුවත් කිරීමේ ආයෝජන සමුළුව - 2018 හිදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින්  මෙම චෙක්පත් ප්‍රදානය කළේය .

මෙම අවස්ථාවට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන්ආරච්චි , අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහත්වරුන් සහ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂිකා ජේ.එම්.අශෝකා මහත්මියද එක්ව සිටියහ .



අදහස් (4)

ටුනා මත්ස්‍යයින් ඇල්ලීමේ ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට පියවර

kumar (Gulf) Thursday, 23 August 2018 11:31 AM

මේ ඇම කෙසේ වෙතත් ඇම කෑමක්ද දන්නේ නෑ, අන්තිමට ලංකාවේ හදන ඇම ටුනා කෑවේ නැතොත්, ඇමත් නෑ ටුනත් නෑ.

:       3       105

Chaminda Thursday, 23 August 2018 02:49 PM

හොද ජරාවක් කාල වගේ මිලියන 13 වියදම් කරන්නේ ටෙස්ට් කරන්නද නැත්නම් ටෙස්ට් කරපු එක ප්‍රොඩක්ෂන් එකටද ටෙස්ට් කරන්න නම් හිතාගන්න සල්ලි ටික ඉවරයි කියල

:       0       102

Bamunuarachchi Thursday, 23 August 2018 03:11 PM

ඇමදෙන්න අපේ මිනිස්සු හරිම දක්ෂයි. සමහර වෙලාවට ඇමදෙන එකත් ඒ ඇමටම අහුවෙලා කොමිෂමට එනවා

:       0       8

lalith Friday, 24 August 2018 01:13 AM

මේ තරම් ප්‍රමාද උනේ මොකද මේ වැඩේට? චන්ද කාලෙට අපිට දෙන ඇම සාර්ථක ලෙස නිෂ්පාදනය පටන් අරන් බොහොම කාලයක් වෙනවනේ?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 164 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site