
ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල මාසික ඉහළ යෑම හේතු කරගනිමින් ජූනි මාසයේදී උද්ධමනය 6.3%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මේ වසරේ මැයි මාසයේ පැවැති 5.2% සිට ජූනි මාසයේදී සියයට 6.3 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වසරේ මැයි මාසයේදී 11.1%ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජූනි මාසයේදී 13.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජූනි මාසයේදී 0.8%ක් නොවෙනස්ව පැවැතී ඇත.
ජූනි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස 1.4%ක් ලෙස වාර්තා වූ අතර ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම ඒ සඳහා බලපා ඇත.
ජූනි මාසයේදී ආහාර කාණ්ඩයේ එළවළු, සීනි, මාළු, බිත්තර සහ සහල් ඇතුළත්ව ආහාර අයිතම හතක මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
තවද, ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය මැයි මාසයේදී පැවැති 3.7% සිට ජූනි මාසයේදී පැවැති 4.4% දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය මැයි මාසයේදී පැවැති 4.8% සිට ජූනි මාසයේදී 4.6% දක්වා පහළ ගියේය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd