
(ටී.කේ.ජී. කපිල)
ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගී තත්වය නිසා බහරේනය සහ ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර අතහැර දමා තිබූ ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ගුවන් ගමන් යළිත් ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබේ.
ඒ අනුව මෙම ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ගුවන් යානා සතියකට දෙවරක් බහරේනය සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ධාවනය වීම සිදු වේ.
එම නිසා බහරේනයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන්වල නිරත වීමට පහසුකම් හිමි වේ.
එසේම මැදපෙරදිග නව ගුවන් සේවාවක් වන ජසීරා ගුවන් සේවයද ශ්‍රී ලංකාව සමග පළමු වරට ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කරමින් කුවේට් සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් මේ මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
ඒ අනුව කුවේට් සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සතියකට දින දෙකක්, එනම් සෑම සතියකම සදුදා සහ බදාදා දින වල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පුරවැසියන්ට එන්න ක්‍රමවේදයක් නැතිනම්, ඔය ගුවන් යානා කුමටද? යුද්ධයට නැති කඩුව කොස්කොටන්නද? විදේශගත ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න බැරි ආණ්ඩුව කුමටද?
පින්තූර දාලා ජනතාව රවට්ටපු යුගයේ ඉතිහාසයයි.