(මොහොමඩ් ආසික්)
කුළුබඩුවල ගුණාත්මක භාවය පරීක්ෂා කර තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා ’මිනි ලැබ්’ නමින් කුඩා විද්‍යාගාර 90ක් දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙනතිබේ.
කුළුබඩුවල මිල නිරන්තරයෙන් පහළයාම වළක්වා ඒ සඳහා සාධාරණ මිලක් ගොවියාට ලබාදීමට මෙමඟින් කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂක ජනක ලින්දරමහතා පවසයි.
වර්තමානයේ දේශීය කුළුබඩු නිෂ්පාදනවලින් 90%ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ගෙවතු ආශ්‍රිත සුළු ගොවියන් විසින් වන අතර එම නිෂ්පාදනවල ගුණාත්මක භාවයේ යම් යම් අඩුපාඩු පවතින බව පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා වෙළෙඳපොළ මිල තීරණය කිරීමේ ප්‍රධානතම සාධකය වන්නේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය බවද පෙන්වා දෙයි.
මෙලෙස කුළුබඩුවල ගුණාත්මක තත්ත්වය අඩුවීමෙන් වැඩිආදායමක් ලබා ගත හැකි යුරෝපා වෙළඳපළ අවස්ථා අහිමිවීමද සිදු වේ. එසේම නිෂ්පාදනය කරනකුළුබඩු අලෙවි කිරීමට යාමේදී ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන අතර ගැනුම්කරුවන්හටද ඉහළප්‍රමිතියෙන් යුත් කුළුබඩු සපයා ගැනීම ගැටළුවක් වී තිබේ.
පුද්ගලික අංශය සතුව මෙම විද්‍යාගාර පහසුකම්පැවතුණද කුළුබඩුවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ඉහළ මිලක් අය කරයි. එය සුළු ගොවියන්ට හා සුළුව්‍යාපාරිකයන්ට දැරිය හැකි නොවේ. මෙම ගැටළු සඳහා මූලික විසඳුමක් ලෙස දිවයිනපුරා මෙම මිනිලැබ් පිහිටුවන බව අධ්‍යක්ෂක ලින්දර මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.
දිවයින පුරා මේ වන විට මිනිලැබ් 90 ක් පිහිටුවා ඇති බවත් තත්ව පරීක්ෂා කිරීමට පුහුණු නිලධාරීන් මේ සඳහායොදවා තිබෙන බවත් මෙහිදී අදාල ගොවියන්ගේ කුළුබඩු සාම්පලපරීක්ෂාවට ලක් කරන බවත් අධ්‍යක්ෂ ලින්දර මහතා කීය.
ගම්මිරිස් , කරාබු , එනසාල් , කෝපි ඇතුළු කුළුබඩු බෝග සඳහා මේ අයුරින් ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදුකෙරේ. වර්ණය, ලීටරයක පරිමාවේ බර, තෙතමන ප්‍රතිශතය හා පළිබෝධ හානි ආදිය පිළිබඳ පරික්ෂාවට ලක්කර සහතිකයක් නිකුත් කිරීම මෙහිදී සිදු කරයි.
ඒ අනුව කුළුබඩු අංක 1, 2, 3 ආදී ලෙස ශ්‍රේණි ගත කරනු ලබයි.කුළුබඩුවල පවත්නා අඩුපාඩු පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමද ගුණාත්මක කුළුබඩු සපයන ගොවීන්ට වැඩි මිලක්ගෙවන ගැනුම්කරුවන් සම්බන්ධ කර දීමද මීට අමතරව සිදු වේ. මෙම සියලු සේවා නොමිලේ ලබාදෙන බවද ජනක ලින්දර මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
ඉතා හොඳවැඩක්... තවද එළවලු, පලතුරු, පලාවලට කෘමිනාශක යොදා ඇති ප්‍රමාණ ගැන සොයා බැලීමට මේ ආයතනවලට අවශ්‍ය උපකරණ ආදිය ලබාදීම කාලෝචිත වේයයි සිතමි.
ඇති විශිෂ්ට පියවරක්. ඔය ක්‍රියාමාර්ගය වී වලට ගෙනෙන්න බැරිද? හොඳ ගොවීන්ට නියම මිලක් ලබාගන්නත් කම්මැලි හොර ගොවීන් ඉවත්වීම හෝ නිවැරදි ප්‍රමිතියෙන් වී නිපයුමටත් හේතුවක් වේවි. වගා කරන ඉඩම් ප්‍රමාණයත් පොහොර භාවිතයත් නිකම්ම අඩු කරගන්න පුළුවන් වෙනවා නියතයි.
ජනතාවගෙන් බොහොමයක් නිවසේ සකස් කරන ආහාර සඳහා භාවිතා කරන්නේ වෙළඳපොලෙන් ලබා ගන්නා කුළුබඩු වේ. එමෙන්ම චීනආහාර මෙන්ම අනෙකුක් ආහාර සපයන ස්ථානවලද භාවිතා කරන්නේ අපවිත්‍ර නොසේදූ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු කුළුබඩු වර්ගයි. එළවළු, පළතුරු මෙන්ම කුළුබඩු වල ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීමෙන් රටේ ජනගහණයට වැළඳෙන රෝගවලින් 90%ක්ම වාගේ සුවවේ යයි සිතමි.. රටේ නාගරික තරුණ පරපුර බහුතරයක් චීන අවන්හල්වලින් ආහාර අනුභව කරන බැවින් මෙම කටයුත්ත ඉතා ඉක්මණින් සිදුකිරීමට තීරණය කිරීම නිරෝගී ජනතාවක් බිහිකිරීමට ඉතාමත් වැදගත් කාර්යයකි.
ලංකාවේ කුළුබඩු ලෝකයේ උසස්ම කුළුබඩු. ඒක මේ රටේ පස, දේශගුණය අදී සාධක එක්ක පැවතෙන දෙයක්. ලෝකයේ හතරවෙනියට මිල වැඩිම කුලුබඩුව වෙන ශ්‍රී ලාංකික කුරුඳු 90% අපනයන කරන්නේ මේ රට. ලංකාවේ ගම්මිරිස් වල තියෙන පයිපෙරයින් ප්‍රමාණය ඉතා වැඩියි. ඒවා කාටවත් වෙනස් කරන්නවත් කොපි කරන්නවත් පුලුවන් දේවල් නෙවෙයි. මේ දේවල් එක්ක ලංකාවේ කුළුබඩුවලට ආදරය කරන මිනිස්සු ලෝකෙ වටේම ඉන්නවා. අපේ රටේ හොඳ තත්වයේ කුළුබඩු හොඳ මිලකට ගන්න විදේශීය පාරිභෝගිකයන් ඇතිතරම් ඉන්නවා. ඒ මගේ අත්දැකීම. තමන්ගේ නිෂ්පාදනය හොඳ තත්වයෙන් සපයන වගාකරුවොත් ඉන්නවා. හැබැයි තමන්ගේ නිෂ්පාදනය කොච්චර හොඳ තත්වෙන් හැදුවත් ඒක විදේශීය පාරිභෝගිකයට යව්න්නෙ මෙහෙ ඉන්න අතරමැදියෙක්. එවුන් තියෙන වෙලඳපොලේ මිල හෝ ඊට සුළු වශයෙන් වැඩි මිලක් මිසක් සරිලන මිලක් ගෙවන්නේ නෑ. ඒ ගොවියා ඊළඟ සැරේ හොඳ තත්වයෙන් නිෂ්පාදන හදන්නේ නෑ. වෙළඳපළට හොඳ කුළුබඩු එන්නෙ නැති ප්‍රධාන හේතුවක් ඕක...
නිෂ්පාදකයාටම තමන්ගේ කුළුබඩු විදේශීය පාරිභෝගිකයට යවන්න ක්‍රමයක් හැදුවොත්... ඔව්, එහෙම කරන්න පුළුවන්, කරන අය ඉන්නවා. ඒ අයට අපේ රාජ්‍ය ආයතන කරපු ආසන්නම උදව්ව මම කියන්නම්... ශ්‍රී ලංකා ශාක නිරෝධායතනයේ නිර්දේශ මත පදනම් වෙලා 2019.02.28 වෙනි දින ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සියළුම ශාක ආශ්‍රිත නිෂ්පාදන සඳහා නිරෝධායන සහතිකය අනිවාර්ය කරනවා. ඒක ගන්න එ්කේ ගැටලුවක් නෑ. ඒත් පහසුවෙන් ගන්න තැනක් නෑ. ඒත් ගන්න පුළුවන් කටුනායකින් හා ගන්නෝරුවෙන් විතරයි. හිතන්න, ගොවියා තමන්ගේ ගම්මිරිස් ටික දෙන්න විදේශිකයෙක් හොයා ගත්තා කියලා. තැපැල් කාර්යාලයෙන් යවන්නත් පුලුවන්... හැබැයි නිරෝධායන සහතික නැතුව යවන්න දෙන්නේ නෑ. ඒක වැඩි ගාණක් නෑ. රු-162... හැබැයි ගන්න කටුනායක යන්න ඕනෑ. එතැනින් එහාට වැඩේ ඉවරයි. ඒක නිසා මේ දේවල් ගැන වගකිවයුතු අය අවධානය යොමු කරන්න ඕනෑ. නැත්නම් අපේ කුළුබඩු ටික අඩුවට පිටරට යනවා. ඒ රටවල මිනිස්සුන්ට හොඳ බඩු ගන්නත් නෑ.
මොන ලැබ් ගෙනාවත් ජරාවට පගාවට යට වෙච්ච රටක හැමදෙයක්ම පොතේ විතරයි.. ක්‍රියාවට නැත..
එ්ක ඉතා හොඳ අදහසක්... මම කුළුබඩු ඉම්පෝර්ට් කරන කෙනෙක්. අපි ලැබ් රිපෝර්ට් එකක් ගන්න ගියාම කෘමිනාශක නැහැ, සල්ෆර් නැහැ කියා මේ ප්‍රයිවට් ලැබ් එකෙන් රුප්පියල් 40,000ක් ගන්නවා.