IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කලපු ආශ‍්‍රිතව සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න වැඩ පිළිවෙළක්

(ඩයනා උදයංගනී)

කලපු ආශ‍්‍රිතව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ වැඩ පිළිවෙළක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත් එක්ව ආරම්භ කර තිබේ.

පරිසර හිතකාමී අයුරින් මෙම වැඩ පිළිවෙළ ක‍්‍රියාවට නංවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පැවසීය.

කලපු ආශ‍්‍රිතව සංචාරක ව්‍යාපාරය ධීවරයා මෙන්ම ධීවර ව්‍යාපාරයත්, කලපුව මෙන්ම පරිසර පද්ධතියත් රැකගනිමින් ධීවර ජනතාවගේ ආර්ථික, සමාජීය සංවර්ධනය වැඩිදියුණු කරලීමේ අරමුණින් ක‍්‍රියාත්මක කළ යුතු බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

ධීවර අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක කරන කලපු සංවර්ධන වැඩසටහනට සමගාමීව මෙම පරිසර හිතකාමී කලපු සංචාරක ව්‍යාපෘතිය ද ක‍්‍රියාවට නංවන බව වෙදආරච්චි මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීම සඳහා අමාත්‍යාංශ දෙකේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට නියමිත අතර මෙහි ආරම්භක පියවර ලෙස ඒ සම්බන්ධයෙන් ධීවර ප‍්‍රජාව, ධීවර සංගම් හා අදාළ ප‍්‍රදේශවල ජනතාව දැනුම්වත්කිරීමට නියමිතය.



අදහස් (1)

කලපු ආශ‍්‍රිතව සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න වැඩ පිළිවෙළක්

theshan Monday, 18 February 2019 02:53 AM

මේක කරන්න බැරි වැඩක් සහ ලංකාව වගේ මුදල් පමණක් අරමුණු කරගෙන ව්‍යාපාර කරන කට්ටිය ඉන්නකන්... මේකෙන් වෙන්නේ කලපු ආශ්‍රිතව පරිසර පද්ධතිය විනාශ වෙනවා. ඒ වගේම මේ කලපු ආශ්‍රිතව පාරම්පරික සුළු සහ මධ්‍ය පරිමාණ ධීවරයන් අමාරුවේ වැටෙනවා. දැන්ටමත් කලපු ගණනාවක් විනාශ මුඛයට යමින් පවතින්නේ... මේ ඒවාවල හෝටල් ගහන්න දුන්නොත් සහ බෝට්ටු සවාරි දුන්නොත් විදේශීය සංචාරකයන් කෙසේ වෙතත් දේශීය සංචාරකයන් මේක නැත්තටම නැතිකරලා දානවා. මොකද අරගෙන යන කුණු දාලයි එන්නේ? මෙතනදී දාන්න වෙන්නේ කලපුවට කුණු දැම්මම එ්කත් ඉවරයි. ඒ නිසා ඔය තිබ්බ විදිහට තිබුණුදෙන්... මේ අදහසට ගොඩක් විරුද්ධ වෙයි සහ අකමැති වෙයි. නමුත් අවුරුදු 30කට අසන්න කාලයක් කලපු සහ මුහුද ආශ්‍රිත නගරයක ජීවත් වුණු පුදගලයෙක් හැටියට කියන්නේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 59 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site