ඌබර් සමාගමට යුරෝ 400,000 ක දඩ මුදලක් නියම කර ඇති බව ප්‍රංශ දත්ත ආරක්ෂක අධිකාරිය පවසයි.
ලොව පුරා සිටින මිලියන 7ක පාරිභෝගිකයන්ගේ සහ රියදුරන්ගේ පෞද්ගලික දත්ත අනාවරණය කිරීම හේතුවෙන් මෙම දඩ මුදල් නියම කර ඇත.
මෙම සිදුවීම නිසා ඌබර් සමාගම මේ වන විට ලොව පුරා සිටින පරිශීලකයන්ගේ උදහසට ලක් වී ඇති ආයතනයක් බවට පත්වී ඇත.
ඌබර් සමාගම නඩු විභාගය නිසා සිදුවන අපකීර්තිය වැළැක්වීමට දැනටමත් ඩොලර් මිලියන 148 ක් ගෙවා ඇති බවත් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා පොරොන්දුවී ඇති බවත් එක්සත් ජනපද බලධාරීහු කියති.
පසුගිය මාසයේ නෙදර්ලන්තය යුරෝ 600,000ක දඩ මුදලක් ඌබර් සමාගමට පනවා තිබූ අතර, බ්‍රිතාන්‍යද මෙම සමාගමට පවුම් 385,000 ක දඩ මුදලක් නියම කර ඇත.
(63226)
2025 නොවැම්බර් මස 21
67
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
164
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඌබර් සමාගමට යුරෝ 400,000 ක දඩ මුදලක් නියමකරයි
Dilshan Attanapola Sunday, 23 December 2018 04:14 PM
මෙවන් වූ බර සමාගම ශ්‍රී ලංකාවේ ද අසාධාරණ වෙළඳ තරඟයක නිරත වෙමින් සහ එහි සේවය සපයනු රියදුරන්ට ඉතා අඩු ගෙවීමක් කරමින් ඔවුන්ගේ ශ්‍රමය සූරා කමින් තම ව්‍යාපාර කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යන්නේ ශ්‍රී ලංකාවේ නීතිමය රාමු වී ඇති අඩුපාඩුකම් නිසයි. යුරෝපයේ මෙන් ශක්තිමත් නීති රාමුවක් ඇත්නම් ලංකාවෙත් මෙම ආයතනය වැරදි රාශියකට දඩ මුදල් ගෙවීමට සහ ලංකාවෙන් පිටුවහල් කිරීමට තරම් වැරදි රාශියක් කරමින් තවමත් කිසිදු බාධාවකින් තොරව ලංකාවේ හැසිරෙනවා
දිසානායක මුදියන්සේලාගේ සිසිර දිසානායක Monday, 24 December 2018 03:31 AM
ශ්‍රී ලංකාව තුළත් මෙම සමාගම ඉන්දියානු හස්තයක් මගින් ක්‍රියාත්මක වන අතර, ඌබර් සමාගම ලංකාව සලකණුයේ ඉන්දියාවේ කුඩා නගරයක් වශයෙනි. (ඉන්දියාවේ උප නගරයකටත් වඩා ව්‍යාපාරික කටයුතු පහල මට්ටමක තිබීම -හයර් ප්‍රමාණය අඩුවීම හේතුවයි) දැනට ලංකාවේ වැඩිම ටැක්සි ආදායම උපායාගන්නා මෙම ඉන්දියානු ඌබර් (ලංකා) අදිසි හස්තය ලංකාවේ කිසිවෙකුටත් නොදැනෙන පරිදි එක රැයින් සමස්ත ආදායමින් සියයට 25ක් ලංකාවේ විදේශ විනිමය ඉන්දියාව විසින් කාටත් හොරෙන් සාක්කුවේ දමාගන්නා අතරම එම ආකාරයෙන්ම තවත් කටයුතු කළ හැකිදැයි ඔවුන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටිනුයේ ඉදිරියටත් මෙයට වඩා දෙයක් සිදුවූවාවත් ලංකාවේ මහ බැංකුව හෝ අනිකුත් මූල්‍ය විශාරදයන් හාංකවිංසියක්වත් නොදන්නා නිසාය.
Dilshan Attanapola Monday, 24 December 2018 06:20 AM
ශ්‍රී ලංකාව තුල අසාධාරණ වෙළඳ තරගයක නිරත වෙමින් සහ මගියා වත් රියදුරා වත් දෙදෙනාම සූරාකමින් ඌබර් සමාගම ලංකාවේ ගෙනයන අත්තනෝමතික ක්‍රියා පටිපාටියට විරුද්ධව ක්‍රියා කළ හැකි ශක්තිමත් නීති රාමුවක් ලංකාවේ තිබුණා නම් මීට වඩා දඩ මුදලකට හෝ රටින් පිටුවහල් කිරීමට ඔවුන් ලක් විය හැකිව තිබුණා. අවාසනාවකට යුරෝපා රටවල සහ ආසියාවේ සමහර රටවල මෙන් නොව මෙම සමාගමට විරුද්ධව ලංකාවේ නීතිය යටතේ ගත හැකි ක්‍රියාමාර්ග ඉතාමත් අල්පයි.