ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයට ලැබීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 75න් ඩොලර් මිලියන 54ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ආයතනය වෙත ලැබුණු මුදල් එම මුදල් ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ තැන්පතුවලින් 20% ක් ගෙවීම සඳහා භාවිත කළ බව ද මහ බැංකුව පවසයි.
ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය සඳහා ගැනුම්කරුවන් කැඳවූ අවස්ථාවේදී අදාළ ගැනුම්කරුවන් ඇමෙරිකානු ඩොලර් මිලියන 61 සිට 75ක් දක්වා ලංසු තැබූ බව ද මහ බැංකුව සඳහන් කරයි.
ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කරන ලද පාර්ශවයට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් එම පාර්ශවය ඉදිරිපත් කරන ලද ලංසුව ඊළඟට තැබූ වැඩිම ලංසුවට වඩා ඇමෙරිකානු ඩොලර් මිලියන 14කින් වැඩි වූ බව ද මහ බැංකුව කියයි.
ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය නිර්දේශ කළ එකම පාර්ශවය වූයේ වත්මන් ගැනුම්කරු බවත් එම මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන්ට හොඳම ප්‍රතිලාභ ලබාදීම සඳහා මුදල් මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක මුල් ලංසුව ඩොලර් මිලියන 75 ක් දක්වා ඉහළ දැමීමට මැදිහත් වූ බව ද මහ බැංකුව පවසයි.
මේ අතර නොයෙකුත් හේතු නිසා ප්‍රමාද වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක මුදල මේ මස තුළ දී ලැබෙනු ඇතැයි ද මහ බැංකුව තවදුරටත් කියයි.
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.