IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘තේ කර්මාන්තයේ දියුණුවට නව දැක්මක් අවැසියි‘

(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

ගෝලීය අභියෝග හමුවේ තේ කර්මාන්තයේ දියුණුව උදෙසා නව දැක්මක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (9) ප්‍රකාශ කළේය. 

කෝප්පයකට දමා තේ දමා දෙන සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ගොස් තේ කර්මාන්තය පූර්ණ නවීකරණයකට යා යුතු බව අගමැති පැවැසීය.

මෙරට තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නැමැත්තෙන් පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ’ ආරම්භ සැසියේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සහභාගී වෙමින් ඔහු එම අදහස් පළ කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

“තේ කර්මාන්තයට අලුත් දැක්මක් අවශ්‍යයි. එහිදි අපට බොහෝ දේ පිළිබඳ බලන්න වෙනවා. අපිට පුළුල් දැක්මක් අවශ්‍යයි. ජනගහනය, ජනවිකාශය, ඉල්ලුම සැපයුම, අලෙවිකරණය, ප්‍රවර්ධනය, තේ වගාව, ඉඩම්, ශ්‍රමය, දේශගුණ විපර්යාස අදී බොහෝ දේ ගැන අපට බලන්න වෙනවා. අපට තේ තිබෙන්නේ එක වෙළෙඳපොළයි. එය කොළඹ තේ වෙළෙන්දන්ගේ වෙළෙඳපොළ නෙමෙයි. එය ගෝලීය තේ වෙළෙඳපොළයි. අපි සැලැසුම් සකස් කළ යුත්තේ ගෝලීය වෙළෙඳපොළ දෙස බලලා. එය දීර්ඝකාලීන සැලැස්මක් විය යුතුයි. අපිට ඒ සඳහා තරුණ අමාත්‍යවරයෙක් සිටිනවා. ඔහුගේ පියා ගාමිණි දිසානායක මහතා මහවැලියට දායකත්වය දුන්නා. ඔහුගේ පුතා නවීන් දිසානායක අපේ තේ කර්මාන්තය ඉදිරියට ගෙන යාවි කියා මා විශ්වාස කරනවා” 



අදහස් (10)

‘තේ කර්මාන්තයේ දියුණුවට නව දැක්මක් අවැසියි‘

Senarath Wednesday, 09 August 2017 10:18 AM

ලොකු කතා නම් තියෙනවා. ඒ වුණාට තේ ගොවියා බින්දුවට වැටුණු වෙලාවේදී පොරොන්දු වුණු කිලෝවට රුපියල් 80 දුන්නද ?

:       50       347

Senarath Wednesday, 09 August 2017 10:18 AM

ලොකු කතා නම් තියෙනවා. ඒ වුණාට තේ ගොවියා බින්දුවට වැටුණු වෙලාවේදී පොරොන්දු වුණු කිලෝවට රුපියල් 80 දුන්නද? මේ හදන්නේ තේ වතු ටිකත් ඉවර කරලා ඉන්දියාවෙන් තේ ගෙන්නන්න. එතකොට මේ අයට එ්කෙනුත් කොමිස් ගහන්න පුළුවන්නේ.

:       268       535

මම1Wednesday, 09 August 2017 05:29 PM

තේරුම් ගන්න බැරි, පුළුවන් හැම එකකටම බයි කමෙන්ට් දැම්මම හරි යනවද? ඔය කියපු ටික තේරුම් ගන්න පුළුවන් නම් තේ කර්මාන්තයෙන් රටට ලැබෙන මුදල් දෙගුණයක් කරන්න පුළුවන්. ඒත් ඒ දේ රජයෙන් කරන්න බැහැ. එය කලයුත්තේ වැවිලිකාර සමාගම්. ඒ ගොල්ලෝ බලන්නේ කොළඹ තේ වෙන්දේසියේ ඉහල මිලක් ගන්න විතරයි. ලෝකය වෙළඳ පොළ කියලා ගත්තොත් අවසාන පාරිභෝගිකයාට ඉහල ස්ථරයට වෙනකන් විකුණන්න පුළුවන්.

:       51       0

මම1 Wednesday, 09 August 2017 05:34 PM

1900 ගණන් වල තිබ්බ සන්නිවේදන, බෙදාහැරීම්, ක්‍රමයෙන් එහාට යන්න ලංකාවේ තේ කර්මාන්තය සමත් වෙලා නැහැ. ඩිල්මා සහ අක්බාර් වගේ සමාගම් සෑහෙන දුර ගිහින් තියෙනවා. ඒත් වැඩි තේ ප්‍රමාණයක් යන්නේ අවසන් ප්‍රඩක්ට් එක විදිහට නෙවෙයි. තේ බ්ලෙන්ඩ් කිරීමේ වෙන ඔරිජින් තේ රටට ගෙන්වීමේ අවධානමෙන් මිදෙන්න විදේශ බිමකදී හෝ ලංකා තේ වෙළඳ නාමය යොදාගෙන බ්ලෙන්ඩ් කිරීමට සහ අවසන් පාර්භෝගිකයාගේ මට්ටමින් ස්ථර 1,2 උඩටවත් යාමට වැවිලිකාර සමාගම් තල්ලු කලයුතුයි.

:       23       0

Sampath Monday, 14 August 2017 04:43 AM

ඔබගේ ජාත්‍යන්තර වෙළද උපායන් පිලිබදව තිබෙන දැනුම බින්දුවටත් අඩු අගයක්. ඔබ කියන විදියට කලොත් නිෂ්පාදන වියදම වැඩි වීමෙන් ජාත්‍යන්තර වෙලදපොලේ සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට අපේ තේ විකුනන්න වෙනවා. එතකොට අපි කොහොමද තරග කරන්නේ? ඔබ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය ගැන දැනුමක් ඇතුව අදහස් පල කරන්න. අපේ අගමැති තුමාගේ හැම දේම කටින් විතරමයි

:       0       103

මම1Monday, 14 August 2017 05:10 AM

අද වැඩිපුර විකුණන්නේ තොග තේ. ඒවාට ලැබෙන්නේ අඩු මිලක්. ඒතේ මිලදී ගන්නා සමාගම් තමයි ඒවගේ කීප ගුණයකට ඔවුන්ගේ ලේබල් යටතේ අලෙවි කරන්නේ. ඩිල්මා සහ අක්බාර් ඒ වෙනුවට අවසන් භාරිභෝගිකයාට යවන තේ හදනවා. ලන්කාවේ තේ වලින් වැඩි ප්‍රමාණයක් අවසන් පාරිභෝගික තත්ත්වයෙන් අපේ ලේබල් වලින් යවන්න කියන එක තේරෙන්නෙ නැති මෝඩයෙක් මගේ දැනීම ගැන කියවනවා.

:       0       58

මම1 Wednesday, 09 August 2017 05:38 PM

රාජපක්ෂලා, වෙල්ගමලා, අළුත්ගමගේලා, රත්තරන්ලා වගේ අයගේ ලෝකය සහ වෙලඳපොලවල් ක්‍රියාකිරීම ගැන ඇති දැනුමෙන් නම් මේ වගේ ක්ෂේත්‍ර වලට නායකත්වයන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක නම් සහතිකයි.

:       24       0

lalith Wednesday, 09 August 2017 08:33 PM

කතාව ඇත්ත. එක්කෝ ඔළුවෙන් හිටගෙන බලන්න වෙනවා. නැතිනම් තේ ගස් ටික ගලවල මුල් උඩට හිටින්න ඉඳන්න වෙනවා ලිච්ඡවි ක්‍රමයට. කයිවාරුව විතරයි. කරපු අටමඟලයක් තවම නම් නැහැ. අන්තිමට භාණ්ඩාගාරේ තිබුණු සල්ලි ටිකත් නැහැ. අනේ අම්මප දැන්වත් මේ ටයි කොට් කාරයින්ට තේරෙන්නේ නැතිද මේ ඉන්නේ දොරටුපාලයා කියලා. කොහේද? ඒ අයත් ඉංග්‍රීසියෙන් වචන දෙකක් කතාකළාම කැරකිලා වැටිලා වශීවෙලා ඉන්නේ? ඉන්දියන් කාරයෝ නම් වැඩේ තේරුම් අරන් අත්සන අරන් ලංකාව අයගේ බූදලේට ලියාගත්තා. රටට හුළං තමයි. අවුරුදු දෙක හමාරක් ගිහින් දැනුයි දැක්ම ගැන කතාකරන්නේ. ඒ කියන්නේ එද්දී කිසිම දැක්මක් නැතුව තමයි ඇවිත් තියෙන්නේ.

:       0       101

Raawana Thursday, 10 August 2017 01:39 PM

නව දැක්මක් අවශ්‍ය බව අපටත් පේනවා.ඒ නිසා මේ ටික කරන්න. 1) වහාම පිටරටින් තේ ආනයනය නතර කරන්න. 2) කසල තේ හදන අය අවු.20 කට හිරේ දමන්න. 3) ප්‍රමිතියෙන් යුත් පොහොර ලබා දෙන්න 4) විදේශීය වෙළඳපොළ ශක්තිමත් කරන්න. 5) කර්මාන්තකරුවන් විසින් තේ ගොවියා සූරා කෑමෙන් වලකන්න.

:       0       65

senarath Saturday, 26 August 2017 04:37 AM

නව දැක්මක් අවශ්‍ය බව අපටත් පේනවා.ඒ නිසා මේ ටික කරන්න. 1) වහාම පිටරටින් තේ ආනයනය නතර කරන්න. 2) කසල තේ හදන අය අවු.20 කට හිරේ දමන්න. 3) ප්‍රමිතියෙන් යුත් පොහොර ලබා දෙන්න 4) විදේශීය වෙළඳපොළ ශක්තිමත් කරන්න. 5) කර්මාන්තකරුවන් විසින් තේ ගොවියා සූරා කෑමෙන් වලකන්න.(

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 83 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 144 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 110 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site