IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලංකාව සංචාරක පාරාදීසයක් කරන්න සීඑන්එන් හරහා ප්‍රචාරණ ව්‍යාපාරයක්


 
( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ලොව ප්‍රකට රූපවාහිනී නාලිකාවක් වන සී.එන්.එන් නාලිකාව (CNN) හරහා නව විද්‍යුත් ප්‍රචාරණ ව්‍යාපාරයක්  දියත් කිරීමට නියමිත බව  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන කාර්යාංශය කියා සිටී.
 
යුරෝපය, මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව, චීනය හා ඉන්දියාව වැනි ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කරගෙන මෙම ප්‍රචාරන ව්‍යාපාරය දියත් කෙරෙන බවද එම කාර්යාංශය කියා සිටී.
 
සී.එන්.එන් (CNN) රූපවාහිනී නාලිකාව හරහා මාස තුනක කාලයකට මෙම ප්‍රචාරණ හා දැන්වීම් ව්‍යාපාරය සිදු කෙරෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 
නව විද්‍යුත් ප්‍රචාරණ ව්‍යාපාරයට අදාළ ඇගයීම් ක්‍රියාවලිය වෙනුවෙන්  අනුමැතිය ලබා ගැනීමට එය සංචාරක අමාත්‍යාංශය වෙතට ඉදිරිපත් කිරීමට නියමිත බවද සංචාරක සංවර්ධන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
 
ඉකුත් වසරේ මැයි මස සිට පසුගිය අප්‍රේල් මස දක්වා සමාජ මාධ්‍ය සංචාරක ප්‍රවර්ධකයින් 30කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්තය  පිලිබඳ තොරතුරු මිලියන 65කට අධික සමාජ ජාල භාවිතා කරන්නන් වෙත ළගා වී ඇතැයි සංචාරක සංවර්ධන කාර්යාංශය කියා සිටී.



අදහස් (3)

ලංකාව සංචාරක පාරාදීසයක් කරන්න සීඑන්එන් හරහා ප්‍රචාරණ ව්‍යාපාරයක්

rasika Monday, 09 July 2018 10:39 PM

විනෝදෙට නම් පෙන්නන්න තියෙන්නේ අපේ පාර්ලිමේන්තුව තමයි.. එ්කේ වේදිකා නාටක ටික පෙන්නුවා නම් හරි..

:       0       142

lanki Wednesday, 11 July 2018 10:49 PM

හොඳ දෙයක්. නමුත් ඔය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන කාර්යාංශයේ අලෙවි අංශයේ ඉන්නේ 85% ම කිසිම විදේශ භාෂාවක් කතා කරගන්න බැරි පන්දම් අල්ලන කට්ටියක්. මේක හදන්න නම් ඒක වෙනස් කල යුතුයි.

:       6       6

Chaminda Friday, 13 July 2018 06:20 AM

මෙයිට වැඩිය හොද නැද්ද සමාජ ජාල හරහා මාකටින් කලානම් මේක තමයි දැන් ට්‍රෙන්ඩ් එක .අපි හැමදාම කරන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වසා දැමීමේ ක්‍රමයි.මේ ක්‍රමය හොදයි මීට අවරුදු 10 කට ඉස්සෙල්ල.සමාජ ජාල වලින් අපි ටාගට් කරන අයටම ඇඩ්වටිස්මෙන්ට් පෙන්නන පුළුවන් වගේම ගානත් අඩු වගේම මේ හින්ද අපිට වෙච්ච ලාබයත් බලාගන්න පුළුවන් විදියට දියුණු වෙලා තියන්නේ. ගගේ මුහුදේ සල්ලි දැම්ම වගේ වැඩක් තමයි TV චැනල් වල ඩ්වටිස්මෙන්ට් දැමීම .ඇඩ්වටිස්මෙන්ට් නම් යයි හැබයි මේකෙන් ලාබය හොයන්න බැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 83 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 109 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site