IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කොළඹ බහාලුම් පර්යන්ත තුන එකට වැඩ කරන්න ගිවිසුමක

(විනීතා ගමගේ )

කොළඹ වරායේ ක‍්‍රියාත්මක ප‍්‍රධාන පර්යන්ත තුන වන ජයබහලූ පර්යන්තය, සී අයි සී ටී පර්යන්තය හා එස් ඒ ජී ටී පර්යන්තය යන පර්යන්ත තුන සාමූහිකව ක‍්‍රියාත්මක වීම සඳහා සාමුහික ගිවිසුමකට එලැඹියේය. 

වරාය තවදුරටත් සංවර්ධන කිරීමේ අරමුණින් ඉකුත් (14) මෙම ගිවිසුමට එළැඹි බවත්, බහලූ මෙහෙයුම් සිදුවනතුරු වරායෙන් පිටත නවතා තැබෙන නැව් ඉදිරියේ දී එසේ රඳවා තැබීමට සිදුනොවනු ඇතැයි ගිවිසුම අත්සන්  කිරීමෙන්  පසු මාධ්‍ය ඇමතූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය. 

මේ තුළින් වරායේ කාර්යක්ෂමතාව වැඩිවනු ඇති බවත් දැනට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ලොව ප‍්‍රධානතම වරායන් පනහෙන් 23 වන ස්ථානයේ සිටින කොළඹ වරායට තවත් ඉහළට එන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

ජයබහ, පර්යන්ත මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා, සී අයි සී ටී පර්යන්තයේ වාණිජ මෙහෙයුම් සාමාන්‍යධිකාරී කැප්රියෝනා ජයසුන්දර සහ එස් ඒ ජී ටී මෙහෙයුම් අධ්‍යක්ෂ උපාලි ජිනදාස යන මහත්වරුන් විසින් සාමුහික ගිවිසුමට අස්සන් තැබීමෙන් පසු මාධ්‍ය ඇමතූ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘මේ ගිවිසුම ඉතිහාසගත ගිවිසුමක් වනු ඇති. මෙහි දී සිදුවන්නේ සාමුහිකව වැඩ කිරීමට ගිවිසුම් ගත විමයි. සමහර අවස්ථාවලදී එක් පර්යන්තයක බහලූ මෙහෙයුම් අධිකව පවතිද්දී තවත් පර්යන්තයක මෙහෙයුම් කටයුතු අඩුවෙන්  පවතිනවා. එවැනි අවස්ථාවක මෙහෙයුම් අධික පර්යන්තයෙන් අඩු මෙහෙයුම් ඇති පර්යන්තයට නැව් එවීම මේ ගිවිසුම හේතුවෙන් සිදුවෙනවා. 

මෙහි දී ජාත්‍යන්තරයේ දී එකට ප‍්‍රචලිත කිරීමත් මෙයින් සිදුවෙනවා. මේ නිසාම අපේ රටේ ආර්ථිකයට ශක්තියක් ලැබෙනවා ඇති.

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ඇරඹුණත් එය කොළඹ වරායට අභීයෝගයක් බවට පත්වෙන්න තව අවුරුදු 10 ක් වත් යාවි. හම්බන්තොට කර්මාන්ත ආශි‍්‍රතව කටයුතු කෙරෙන වරායක්. නමුත් කොළඹ වරාය මෙහෙයුම් කටයුතු වලට ප‍්‍රසිද්ධයි. මේ නිසා හම්බන්තොට වරාය කොළඹට අභියෝගයක් වෙන්නේ නැහැ. ’’ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් එල් පී ජයම්පති, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක යන මහත්වරුද ප‍්‍රධාන පෙලේ නැව් සමාගම් නියෝජිතයෝ රැසක් ද සහභාගි වූහ.

 



අදහස් (3)

කොළඹ බහාලුම් පර්යන්ත තුන එකට වැඩ කරන්න ගිවිසුමක

nimal Monday, 19 March 2018 12:48 AM

ඔව් එතකොට , ඉස්ට්‍රයික් එකක් කලත් ඔක්කොම එකටනේ එතකොට ඔක්කොම වැහිලනේ, එකත් එහෙමයි අනික ඔය පර්යන්තවලින් , පිටතට රැගෙනයන , රථ විශේෂයෙන් ඔරුගොඩ වත්තට රැගෙනයාමේදී එම රියදුරු මහතුන් හා එම මාර්ගයේ ගමන්ගන්න අනෙකුත් වාහන හේතුවෙන් ඇතිවන තදබදයයට පිලියමක් හොයන්න අදහසක් නැද්ද ?

:       81       1

Nimal Monday, 19 March 2018 01:09 AM

අනික් කාරණය තමයි, වරායෙන් පිටතට රැගෙන එන රථ පරිෂණයට ලක්කිරීමේදී එම රිඅදුරු මහතුන් පත්වන අපහසුතාවයන් ගැන කවුද හොයල බලන්නේ? දින කියක් ගතවෙනවද එම රථයක් එලියට දාගන්න ? එතනින් කීදෙනෙකුට පගාව දෙන්න ඕනෙද? වෙලාවට වැඩකරගන්න අධිබලැති ෆොක්ලිෆ්ට් එකක් තියෙනවද ? ක්‍රෛන් එකක් තියෙනවද තියෙන ඒවත් පරණ ලදරන් උපකරණ , අයි මේවා විධිමත් කරන්න හොද කොම්පැනියකට බාරදෙන්නේ නැත්තේ.?

:       5       0

සුමුදු Monday, 19 March 2018 06:36 AM

වරායෙන් පිටතට රැගෙන එන රථ පරිෂණයට ලක්කිරීමේදී එම රිඅදුරු මහතුන් පත්වන අපහසුතාවයන් ගැන කවුද හොයල බලන්නේ? දින කියක් ගතවෙනවද එම රථයක් එලියට දාගන්න. රෑ එළිවනතුරු වාහනය තුළ රියදුරු මහතුන්. පුදුම කට්ටක් කනවා , එය පිළිබඳ හායල බලන්න මහත්වරුනි.......

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 85 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 144 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 111 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site