IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්දියානු සාගර කලාපයට එන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ශ්‍රී ලංකන්

ශ්‍රී ලංකන් ගුවන්  සමාගම  ඉන්දියානු  සාගර කලාපය වෙත පියාසර කරන  ලොව  ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස  ලෝක සංචාරක සම්මාන උළෙලෙහි  නැවත වරක් පිදුම් ලැබීය.


මෙම සම්මාන උළෙල  පෘතුගාලයේ  ලිස්බන් නුවරදී  පසුගියදා    මෙම සම්මාන උළෙල පැවැත්විණි.


ශ්‍රී ලංකන් ගුවන්  සමාගම   වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජිකත්වය දරනු ලබයි.


 මෙම සම්මාන උළෙලෙහි නිර්මාතෘ ග්‍රැහැම් කුක් මහතා  සම්මාන උළෙලේදි  ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිය සුබ පැතුම් එක් කළේය.

ශ්‍රී ලන්කන් ශ්‍රීලංකන් එයාර්ලයින් තම සේවා ඉටුකිරීම ඉතාමත් නිර්භිත අයුරින්  ප්‍රදර්ශනය කර ඇති බවත් මේ හේතුවෙන්  සංචාරක ව්‍යාපාරයේ සහ මගී ජනතාවගේ  ප්‍රසාදය ලබා ගනිමින් ඉන්දියානු කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස  සම්මානය හිමි කර ගැනීමට සමත්වීම ඉතාමත් සතුටට කරුණක් බවත් ඔහු එහිදී පැවසීය. 


ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර  සමින්ද පෙරේරා මහතා  අදහස් දක්වමින් සහන් කළේ  මෙවැනි සම්මානයක්  සිය ආයතනයට හිමි වීම තුළින්  ගුවන් සේවයේ උදයෝගය සහ ඉන්දියානු  සාගර කළාපය තුල  ස්ථාවර පැවැත්ම පිළිබ විශ්වාසයක් ඇති වී ඇති බවයි. ගුවන් සේවයේ වැඩි දියුණු කිරීම්  සහ නව ප්‍රයත්නයන්  වෙළෙදපොල ඉල්ලුම සමඟ මනාව ගැලපෙන බවද සඳහන් කළේය.
ඉදිරියේදී මගීන්ගේ ඉල්ලීම පරිදි ජනප්‍රිය ගමනාන්ත සඳහා ගුවන් මෙහෙයුම්  වැඩි කිරීමට සහ අද්විතීය  සංචාරක අත්දැකීම්  ලබා දෙමින්  නිෂ්පාදන වැඩි කිරීමටත් නිරන්තර උත්සාහ කරන බවද හෙතෙම සඳහන් කළේය.


පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකන්  ගුවන් සමාගම ආසියා සහ ඕස්ට්‍රෙල්ෂියා ලෝක සංචාරක සම්මාන  සංචාරක සම්මාන උළෙලේදී  2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි  ව්‍යාපාරය ලෙස සම්මානයක් හිමිකර ගත් අතර ,  2108 වසරේ ඉන්දියානු  සාගර කලාපය වෙත මෙහෙයුම් සිදු කරන  ආසියාවේ   ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස  දෙවැනි වතාවටත් සම්මාන ද්විත්වයක්  හිමි කර ගැනීමට සමත් විය.


මෙම සම්මානය දකුණු ආසියාතික කලාපය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශක්තිමත් බව  හා ස්ථාවරත්වය පෙන්නුම් කිරීමක් වන අතර  ඉන්දියාවේ ගමනාන්ත 13 ක් වෙත සතියකට ගුවන් මෙහෙයුම් 119 ක් (දඹදිව වන්දනා සමයේ දී බද්ධගයා සහ වරනාසී වෙත සිදු කරන ගුවන් ගමන් සමඟ ) මෙහෙයුම් සිදු කරමින්  කලාපයතුළ විශාල   සේවයක් ඉටු කරයි.


අනෙකුත් ගමනාන්ත වන ඩකා,කරච්චි,ලාහෝර් වෙතද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන්  සිදුකෙරේ. එසේම මාලදිවයින සඳහා සතියකට ගුවන් ගමන් 21 ක්   සිදු කරයි.


එමෙන්ම  විවේකීව ගතකිරීම සඳහා   පහසුකම් සැලසීම වෙනුවෙන්  මැදපෙරදිග ,යුරෝපය, මැදපෙරදිග සහ ඕස්ට්‍රේලියාවයාව වෙත ඔවුන්ගේ  ශාඛා ජාලය ව්‍යාප්ත කර තිබේ. මාලදිවයිනේ ‘ගැන් දුපත‘ වෙත පියාසර කර  ප්‍රථම  මෙන්ම එකම අන්තර්ජාතික ගුවන්  සේවය බවටද ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන්සේවය පත්ව සිටී.


  එයාර් ෆ්රාන්ස් , එයාර් ඉන්දියා, එයාර් හොස්ට්‍රල්, එයාර්  සයිෂෙල්ස්, එයාර් වේස්,එමිරේට්ස්, එටිහාඩ් එයාර්වේස්, කේ එල් එම් රෝයල් ඩඡ්, ගුවන් සේවය, ලුෆ්තන්සා,කටාර් එයාවේස් සහ තුර්කි එයාර්ලයින්ස් යන සමාගම් ද මෙම සම්මානය තරග කළ සෙසු කරගකරුවෝය.


වන්වර්ල්ඩි ගුවන් සන්ධානය, චැංගි ජාත්‍යන්තර ගුවන්ගොටුපොළ, හිල්ටන් ලන්ඩන් හීත්රෝ ගුවන්ගොටුපොල, ලිස්බන් ,පෘතුගාලය, රෝයල් කැබ්රියන් ඉන්ටර් නැෂනල්  සහ ඩුබායි  අර්මානී  හෝටලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය  සම්මාන ලැබු සෙසු ජයග්‍රාහකයින්ය.
 
 ලෝක සංචාරක සම්මාන උළෙල මෙවර පැවැත්වුයේ 25 වතාවටය. සංචාරක ක්ෂේත්‍රයේ විවිධ අංශ හඳුනාගැනීමටත්,  සංචාර ඇතුළු විශිෂ්ටතා ඇගයීමටත්  1993 වසරේදී    මෙය පිහිටුවා තිබේ. මෙම ලෝක සංචාරක සම්මාන ප්‍රධානෝත්සවය ලොව විශිෂ්ඨතම වෙළෙනාම විශිෂ්ඨත්වය අගයනු ලබන සම්මාන උළෙලක් බව ගෝලීයව පිළිගනු ලබයි. 
     
 (36698)



අදහස් (8)

ඉන්දියානු සාගර කලාපයට එන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ශ්‍රී ලංකන්

lanka Thursday, 20 December 2018 11:43 AM

මේවා අපි, අපිවම සනසා ගන්නට කියන කතා.

:       3       8

sanjeewa Thursday, 20 December 2018 12:26 PM

සුභපැතුම් එක් කරමි

:       0       21

menna Thursday, 20 December 2018 01:12 PM

ජනාධිපති කොමිසමකින් වැරදි හොයන හින්දවත්ද? සම්මාන පිට සම්මාන!! එත් කජු බලේක්ටවත් කන්න බැහැලු. මේ සම්මාන ගන්නේ සල්ලි දීලවත්ද? අපේ හිටපු මුදල් ඇමතිකෙනෙකුත් සම්මාන අරගත්තා මතකයි. හිටපු කලේ බැඳුම්කර වල පාඩුව මිල කල නොහැකියිලු. ලංකාවේ වෙන දේවල් සාමාන්‍ය මනුස්සයන්ට දිරවන කතා නොවේ.

:       1       197

Chandawimala himi Thursday, 20 December 2018 02:21 PM

සම්මාන නම් ගන්නවා හැමදාම එත් හැම අවුරුද්දෙම පාඩු ලබන ආයතනයක් වෙන්නේ කොහොමද ශ්‍රී ලන්කන් එයාර් ලයින් එක? කාගේද ද, කොතනද වරද?

:       0       122

Kumar (Gulf) Thursday, 20 December 2018 06:39 PM

දෙන කෑම ජරාව, ඒ වගේම ආඩම්බර සේවාව....

:       14       11

Raveendra Friday, 21 December 2018 05:46 AM

මේ තරගෙට අපි විතරක් හිටියද දන්නෙත් නැහැ...

:       41       5

rohana kumara mendis Friday, 21 December 2018 07:57 AM

සම්මාන ගන්නවට අපේ තරහක් නැහැ ඇත්තටම. එතකොට අපිට ආඩම්බරයි. අපි පිටරටවල ඉන්න නිසා. එ්ත් අපි ඕකේ ගිය අය නිසා ඇත්ත තත්වේ දන්නවා නේ. දැන් පැරිසියට එන්නෙම නැහැ. එ්ක කමක් නැ කියමුකෝ... එක කිලෝ එකට පුම්බන ගෙවන්න කියන මුණ බලන්නේ නැති ජාතියක් තමයි ශ්‍රීලන්කන් එකෙත් ඉන්නේ...

:       1       10

නිදුල චිත්මල් Sunday, 23 December 2018 07:39 PM

හරිම ආඩම්බරයක් මේක අපිට

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 33 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 111 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 76 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site