(ඩයනා උදයංගනී)
ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා පනවා ඇති බද්ද රුපියල් 20 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
මේ වන විටත් ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 20 ක බද්දක් පනවා ඇති අතර ඉදිරියේ දී එය රුපියල් 40 දක්වා ඉහළ යනු ඇතැයි කී අමාත්‍යවරයා දේශීය ලොකු ලූනු ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇතැයි ද සඳහන් කළේය.
සාමාන්‍යයෙන් ලොකු ලූනු සඳහා ආනයන බද්දක් පනවන්නේ ලොකු ලූනු අස්වනු නෙලන කාලයේදී ඉදිරියේ දී වගාව ආරම්භ කරන කාලයේදී ම මෙම බද්ද පැනවීමට ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ඇමැතිවරයා කීවේය.
ආනයනකරුවන් බද්ද පැනවීමට පෙරම ලොකු ලූනු ආනයනය කර ගබඩා කර තබාගන්නා බැවින් මෙම තීරණය ගත් බව ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.
ලොකු ලූනු මාස තුනකට වඩා ගබඩා කර තබාගත නොහැකි බැවින් වගාව ආරම්භයේදීම ආනයනික බද්ද ඉහළ දැමීමෙන් ගොවියාට වැඩි සාධාරණයක් වනු ඇතැයි ද අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
මෙරට ලොකු ලූනු අස්වැන්න, ආනයනය කරන ප‍්‍රමාණය හා ආනයනය කළ යුතු ප‍්‍රමාණය ගැන දත්ත පද්ධතියක් මින් පෙර නොතිබීම හේතුවෙන් ගොවියාට ගැටලූ මතු වූ බව කී ඇමතිවරයා ඉදිරියේදී එම තත්ත්වය වෙනස් කරන බව ද කියා සිටියේය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආනයනික ලොකු ලූනු බද්ද ඉහළට
ලසන්ත Sunday, 19 May 2019 01:34 PM
ලංකාවේ ලොකුළුෑණු ගොවීන් අස්වනු නෙලන්නේ කොළ වේලෙන්නටත් පෙර නිසා එම ළුෑණු රසත් නැහැ. දින දෙක තුනකට වඩා තබාගන්නත් අමාරුයි. අලත් ඉතාම කුඩායි. ටිකක් හෝ ගස් වේලුණාම ළුෑණු ගලවනවා නම් ලංකා ළුෑණුත් හොඳවේවි...!!!
Perakum Monday, 20 May 2019 07:38 AM
අපේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි දියුණු කිරීම වෙනුවට මේ වගේ ගැලවිජ්ජා කරන දේශපාලකයන්ගෙන් වෙන සේවයක් නැත. කෘෂි කර්මාන්තය නංවාලීම වෙනුවෙන් ආයතන කොපමණක් මේ රටේ ඇත්ද? ඒවායින් කෙරෙන්නේ එම ආයතනවල නිලධාරීන්ගේ සුඛ විහරණය නංවාලීම පමණයි. ගොවියා දැනුවත් කිරීමට මග පෙන්වීමට කිසිවක් නොකෙරේ.
samurai Monday, 20 May 2019 05:27 PM
මේවා බොරු , ළූණු රටට ගෙන්නන්නේ කවුද කියල අපි දන්නවා , සතොසේ හුඟක් බඩුවල මිල නිකම්ම වැඩිවෙලා. පාඩුව අපෙන් ගන්නයි හදන්නේ ,
chaminda Tuesday, 21 May 2019 03:07 PM
පොල් මිල සීඝ්‍රයෙන් පහළ යනවා. වගාකරුවන් අසරණයි. පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට සීමා පැනවිය යුතුයි. ගොවියා අනතුරේ, විදේශ විනිමය ඉතිරිකර ගැනීමට හොඳ අවස්ථාවක්... පොල්වතු වලින් මිලදී ගන්නේ ගෙඩියක් රුපියල් 20/= ට...