IMG-LOGO

LTTE යට සහාය දුන් බවට ගැරී ආනන්දසංගරීට චෝදනා

එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට කැනඩාවේ පුරවැසිභාවය ලබාගැනීමට සහාය දුන්නේ යැයි ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී ඇත.

කැනඩා මාධ්‍ය අනුව, ගැරී ආනන්දසංගරී මහතා, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික ශ්‍රී ලාංකිකයකු වන සෙන්තුරන් සෙල්වකුමාර් නමැත්තාට කැනඩාව් පුරවැසිභාවය ලබා දීමට සහාය පළ කර ඇත. ඒ, ඒ සම්බන්ධයෙන් ලිපි දෙකක් යොමු කරමිණි.

2016 දී හා 2023 දී ගැරී ආනන්දසංගරී මහතා කැනේඩියානු දේශසීමා නියෝජිත ආයතනය වෙත අදාළ එම ලිපි යොමු කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ, ගැරී ආනන්දසංගරී මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරද්දීය.

සෙන්තුරන් සෙල්වකුමාර්, සෘජුවම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ අයකු බැවින්, කැනඩා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයක දී ඔහුගේ පුරවැසිභාවය ලබා දීමේ ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මානුෂීය කරුණු සලකා බලා සෙන්තුරන් සෙල්වකුමාර් නමැත්තාට, කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය ලබා දීමට පියවර ගන්නා ලෙස ගැරී ආනන්දසංගරී මහතා එම ලිපි මගින් ඉල්ලා ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් ආනන්දසංගරී මහතා සිදුකර ඇත්තේ ත්‍රස්තවාදයට සහය පළ කිරීමක් බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් කැනේඩියානු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්දසංගරී මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වන බැවින් ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවැසිය නොහැකි බවය.

තමන් කිසිම විටෙක ත්‍රස්තවාදී සංවිධානයකට සහාය නොදක්වන බවත්, ත්‍රස්තවාදී සංවිධානයකට පක්ෂව තීරණ නොගන්නා බවත්, ආනන්දසංගරී මහතා අවධාරණය කර ඇත. 



අදහස් (2)

LTTE යට සහාය දුන් බවට ගැරී ආනන්දසංගරීට චෝදනා

පන්සිළු Thursday, 17 July 2025 02:32 PM

ඔය සේරම කොටි...

:       0       3

de silva Thursday, 17 July 2025 03:09 PM

ගැරී ආනන්ද සංගරී කොහොමත් අර ලංකාවේ මන්ත්‍රී අර්චුනා වගේ LTTE එකට සහාය දෙනවා , ඕක නොදන්නේ කවුද? කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය කොටියෙකුට බාර දෙන්න තරම් එහෙ නායකයෝ මෝඩද? අර්චුන ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ කියනවා ප්‍රභාකරන් එයාගේ නායකයා කියලා, මේවා අහගෙන අපේ පක්ෂ විපක්ෂ දේශපාලුවෝ ඉන්නවා උඩ බලාගෙන, අමු අමුවේ රටේ ව්‍යවස්ථාවට අභියෝග කරන අර්චුනට විරුධව ධෝෂභියෝගයක් ගෙනෙන්න එක්කෙක් වත් නැහැ. දැන් අපේ දේශපාලුවන්ට රට රකින්න යුද්ධයට ගිහින් දිවි පුදපු එකා නිකම්ම නිකන් හමුදා සෙබලෙක් පමණි. ඔවුන් කෙළ හලන්නේ උතුරේ ඡන්ද වලට...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site