මත්පැන් වෙනුවට සබන් දියරයක් පානය කිරීම නිසා සයිබීරියාවේ අර්කුට්සක් නගරයේ 48දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් අසාධ්‍යව රෝහල් ගතකර ඇති බව රුසියා මාධ්‍ය වාර්තා කරයි.
මෙම දියරය පානය කිරීමට නුසුදුසු බවට සඳහන් කර ඇති නමුත් එම උපදෙස් නොසලකා මත්පැන් වලට ආදේශක පානයක් ලෙස මෙය භාවිත කරන බවත් රුසියාවේ දුප්පත් ජනයා අතර මෙය ප්‍රසිද්ධ බවත් රුසියා මාධ්‍ය පවසයි.
ප්‍රදේශයේ හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇති අතර පොලීසිය වෙළඳසැල් වලින් මෙම දියරය අඩංගු බෝතල් ඉවත් කරමින් සිටියි.
ශාකසාර නිස්සාරනය කර මේ දියරය නිෂ්පාදනය කරන බවත් එයට මෙතනෝල් යොදා ඇති බවත් බලධාරීහු කියති.

COMMENTS
මට මතකයි හැත්තෑ ගණන් වලදී බොරලැස්ගමුවේ කසිප්පු බීලා දොළොස් දෙනෙක් එකවර මියගියා (නි)
මේක වෙලා තියෙන්නේ ඔය කියන ක්ලීනිං ලික්විඩ් එක හොරට හදලා කඩවලට දාපු තොගයක් නිසයි. නියම දියරය දිනකට ලක්ෂ ගණනක් ජනයා මත්පැන් ආදේශකයක් හැටියට බොනවාලු. (නි)
ලංකාවෙත් ඔය වගේ දේවල් බිලා ජනතාව එක දවසට දුසිම් ගණනින් මියයන දිනය ඈතක නොවේ (නි)