IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලිබියාවේ තෙල් වරාය යළි ඇරේ

ලිබියා සිවිල් අරගලය හමුවේ වසා දැමුණු රාස් ලනූෆ්  ‘අල් සදාර්’ තෙල් ප‍්‍රවාහන වරාය නගරය ඊයේ (2) සිය වැඩ කටයුතු නැවතත් ආරම්භ කළේය. ලිබියාවේ තෙල් නිෂ්පාදනයෙන් බොහෝ ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කරන්නේ ‘අල් සදාර්’ වරාය නගරයෙනි. ලිබියා කැරැල්ල හටගත් අවස්ථාවේදී ගඩාෆිගේ පාලනයෙන් ‘අල් සදාර්’ වරාය නගරය තමන් අතට ගැනීමට කැරැලිකරුවෝ සමත් වූහ. එම අවස්ථාවේදී ගඩාෆි හමුදා එල්ල කළ ප‍්‍රහාරවලින් වරාය නගරයට මුළුමනින්ම හානි සිදුවිය. ‘අල් සදාර්’ වරාය කැරැලිකරුවන් අතට පත්වීම වළක්වමින් ලිබියා නායක ගඩාෆි, හමුදාව යොදා නගරයට පහර දුන් බවට එම අවස්ථාවේදී කැරැුලිකරුවෝ1 චෝදනා කළහ. ගඩාෆි මරා ලිබියාවේ පාලනය අතට ගෙන සිටින කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය ප‍්‍රකාශ කළේ ඔවුන්ට ‘අල් සදාර්’ වරායේ කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවූයේ ඇමෙරිකන් තෙල් සමාගමක් සමඟ එක්වෙමින් බවය



අදහස් (0)

ලිබියාවේ තෙල් වරාය යළි ඇරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site