ලබන ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂයට අදාළ අයවැය වියදම් පිළිබඳ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය අනාවරණය කර තිබේ.
ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 705 ක මුදලක් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙන්කර ඇති බැවින් ආරක්ෂක වියදම් ඉහළ යනු ඇත.
රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහ විදේශ ආධාර සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 11.7 කින් කපා හැර ඇති අතර එය සියයට 22 ක අඩුවීමකි.
ළමා සෞඛ්‍ය රක්ෂණයට අදාළ වියදම් ද මෙම අයවැය යෝජනා මගින් කපා හැර තිබේ.
සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුවට අදාළ වියදම් සියයට 9 කින් අඩු කර ඇත.
මැතිවරණ වර්ෂයක් වන මෙම වසර සඳහා අයවැයෙන් යෝජනා කර ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.8 කි.
-226-
(එන්.එච්.කේ. සහ වොෂිංටන්පෝස්ට් ඇසුරෙනි)
COMMENTS
ලංකාවටත් ඩොලර් මිලියන 48 ක් තිබෙනවා කියනවා නේද ? මේ මුදල් ප්‍රමාණයට චෙක් පතක් එවන්නේ නැහැ. ඒ මුදලේ වටිනාකමට තිරිගු හරි වැඩි මුදලක් වැයකර NGO සේවය ලබාගන්න වෙනවා.