IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඕස්ට්‍රේලියාවේ සර්ව නාම භාවිතය බෑ

ඉදිරියේදී ඕස්ට්‍රේලියාව තුළ ‘ඔහු’ හෝ ‘ඇය’ යන සර්ව නාම භාවිත කිරීම අධිකරණය ඉදිරියට පැමිණවීමට හේතුවක් වනු ඇතැයි එරට නීති විශාරදයෝ අනතුරු අඟවති.

ඕස්ට්‍රේලියාවේ තස්මේනියානු ප්‍රාන්ත සභාවට ඉදිරිපත් වූ ‘සංක්‍රාන්ති සමාජභාවිය (සංක්‍රාන්ති ස්ත්‍රී පුරුෂ) අයිතිවාසිකම් සංශෝධන පනත් කෙටුම්පත් නිසා එම තත්ත්වය නිර්මාණය වී තිබේ.  

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු සහ ‘ග්‍රීන්ස්’  යන පක්ෂ විසින් මෙම ඓතිහාසික ප්‍රතිසංස්කරණ ඇතුළත් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනු ලැබ තිබේ. 

මෙම ප්‍රතිසංස්කරණ ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙන අතර ඔහු මෙම ප්‍රතිසංස්කරණ හාස්‍යයට ලක් කර ඇත. 

කැමැති සර්ව නාමයකින් තමන් හැඳින්වීම ප්‍රතික්ෂේප කිරීම, ‘නීතිවිරෝධි’ යැයි සඳහන් කරමින් මෙම ප්‍රතිසංස්කරණවලට වගන්තියක් ඇතුළත් කර ඇත. 

මෙම යෝජිත නීතිවලට අනුව තස්මේනියා ප්‍රාන්තයේ මාපියන්ට ඔවුන්ගේ උප්පැන්න සහතිකයේ ස්ත්‍රී පුරුෂ බව හෝ ලිංගිකත්වය හෝ සඳහන් කරන්නේ ද නැද්ද යන තීරණය කිරීමට යන්න අවස්ථාවක් ලැබෙන අතර අවුරුදු 16 ඊට වැඩි සියලු දෙනාට නෛතිකව ඔවුන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීමට අවස්ථාව උදා වේ. 

මෙම පනත් කෙටුම්පත තස්මේනියානු ප්‍රාන්තයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ අතර පනත් කෙට්මුපත නීතියක් බවට පත්වන්නේ ප්‍රාන්තයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වුවහොත් පමණි. ප්‍රාන්තයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය මන්ත්‍රී ආසන 15කින් සමන්විත අතර එම මන්ත්‍රීවරුන් 15 දෙනාගෙන් නවදෙනෙක් ස්වාධීන මන්ත්‍රීවරු වෙති. 

ඬේලිමේල් ඇසුරිනි

055

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ සර්ව නාම භාවිතය බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site