IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජීවත් වෙන්න ආමරුයි: ඉරාන වැසියෝ පාරට

ඉරාන රියාල් මුදල් ඒකකය ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව විවෘත වෙළඳපොලේ දරුණු ලෙස කඩාවැටීම, ජීවන වියදම දිනෙන් දින ඉහළ යෑමත් සමඟ ඉරානයේ ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වෙයි. 

පසුගිය සති අනතයේ මෙම විරෝධතා සංවිධානය කර ඇත්තේ ඉරාන විශ්ව විද්‍යාල සිසුන්ය. විරෝධතා ආරම්භ වූයේ තෙහෙරාන් අගනුවරිනි. මේ වනවිට, රට පුරා පැවැත්වෙන විරෝධතා සඳහා දස දහස් ගණනක් ඉරාන වැසියෝ එක් වී සිටිති. 

දකුණු දිග ෆාර්ස් පළාතේ, විරෝධතාකරුවෝ ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින්, ප්‍රාදේශීය රජයේ ගොඩනැගිල්ලකට කඩා වැදීමට උත්සාහ කළ බව පැවැසෙයි.

ෆාසා නගරයේ විරෝධතාකරුවන් සහ ඔවුන් මර්දනයට යෙදවුණු ආරක්ෂක අංශ සාමාජිකයන් අතරේ දරුණු ගැටුම් හටගත් බව පැවැසෙයි. එම ගැටුම්වලින් එක් ආරක්ෂක අංශ නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ ගණන 3 කි.

ඊට අමතරව බටහිර හමේදාන් සහ ලොරෙස්තාන්පළාත්වලින් ද දරුණු ගැටුම් වාර්තා විය. පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමේ අරමුණින්, බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඉරාන රජය පියවර ගත්තේය.

ෆාසා නගරයේ ආණ්ඩුකාර කාර්යාලයේ ගේට්ටුව බිඳ දමමින් කලහකාරීන් ඊට කඩා වදින ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. ඉරාන ආරක්ෂක අංශ කලහකාරී විරෝධතාකරුවන්ට වෙඩි තබන දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී ඇත. ​පොලිසිය සහ ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන දසුන් ද  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ජාතිය අමතමින්, ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ සාමකාමීව හැසිරෙන ලෙසටය. ජනතාවගේ ‘සාධාරණ ඉල්ලීම්’ වලට ඉරාන රජය සැමවිටම කන් දෙන බවත් සාමකාමීව හැසිරෙන ලෙසත්, ජනාධිපති පෙසෙෂ්කියන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම විරෝධතා පසුපස ඇමෙරිකාව සහ බටහිර හිතවාදීන් සිටින බවට ඉරාන ජනාධිපතිවරයා චෝදනා නගා ඇත. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, මධ්‍යස්ථමතධාරියෙකි. ඉරාන නීතිපති මොහොමඩ් මොවහෙඩි-අසාද්, පවසා ඇත්තේ දේපොළ හානි සිදු කරන ඕනෑම අයකුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාවට නංවන බවය.



අදහස් (1)

ජීවත් වෙන්න ආමරුයි: ඉරාන වැසියෝ පාරට

වින්සන්ට් කජ්ජා Thursday, 01 January 2026 03:03 PM

ශ්‍රී ලංකාවේ ජනතාවට 2021 - 2024 දී හමුවූ ශක්තිය, ධෛර්යය ඔබටද හමුවේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site