
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අනිවාර්ය යැයි කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සොම් පවසයි. ඒ අනුව, ඇමෙරිකාවේ ප්‍රාන්තයක ගුරුවරුන් සඳහා එන්නත් අනිවාර්ය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
'කොවිඩ් 19 නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වෙන්න දෙන්න බැහැ. වයිරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට ද ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ. ඒ නිසා ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකායන් එන්නත ලබා ගැනීම අනිවාර්යයි. නැතිනම් දිනපතා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු වෙන්න සිදුවේවි.' යැයි කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සොම් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd