ඉරානයේ චබහාර් වරායට ඉන්දියාව තවත් උපකරණ තොගයක් යවා ඇත.
ඉන්දියාව ඉකුත් ජනවාරි මාසයේ දී ඉරානයේ චබහාර් නගරයේ පිහිටි චබහාර් වරායට ජංගම දොඹකර දෙකක් යැවූ අතර ඒවායේ කොන්ත්‍රාත් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් විය.
චබාහාර් වරාය ඉරානයේ සිස්තාන්-බලුකිස්තාන් පළාතේ චබාහාර් නගරයේ පිහිටා ඇත.
වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දියාව, ඉරානය සහ ඇෆ්ගනිස්තානය එක්ව මෙම වරාය සංවර්ධනය කරයි.
‘‘අපි චබාහාර් වරාය සංවර්ධනය කිරීමට කැප වී සිටිනවා. වරායේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය දෙවැනි තොගයත් අපි යැව්වා. එය වරායේ ෂහීද් බෙහෙස්ති පර්යන්තයට ළඟා වෙනවා’’ යැයි ඉන්දියාවේ වරාය, නාවික සහ ජලමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මනුෂ්ක් මන්ද්වියා පැවැසීය.
ජූනි මාසය අගය වනවිට තවත් දොඹකර දෙකක් ඉරානයේ චබාහාර් වරායට යවන බව ද හෙතෙම කීය.
ඉරානය සහ ඉන්දියාව මෙම වරායට අදාළ කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබුවේ 2016 වසරේ මැයි 23 වැනිදා ය. පළමු අදියර යටතේ උපකරණ, යාන්ත්‍රිකකරණය සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා එම ගිවිසුමට අත්සන් කළ අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 85ක් වේ.
ද ඉකොනොමික් ටයිම්ස්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වරායට හයි කරන්න කළින් වැඩකරනවද බලන්න.. එහෙ සවි කරලා කරලා බලනවා වෙන්න ඇති...