ඉරානයේ විප්ලවීය හමුදාවට අයත් කඳවුරක සිදුවූ ප‍්‍රබල පිපිරීමකින් ඉහළ පෙළේ හමුදා නිලධාරියකු ඇතුළු සෙබළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිපිරීමෙන් තුවාල ලැබූ සෙබලූන්ගේ ගණන 23 කි. පිපිරීම සිදුවූයේ බිඞ් ගානේ හමුදා කඳවුරේ ආයුධ ගබඩාවේය. පිපිරීම සිදුවූ සැණින් විදෙස් පුවත් සේවා ප‍්‍රකාශ කළේ 27 දෙනකු ඉන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය. එහෙත් ඉරාන හමුදා ආඥාපති රාමේසාන් ෂරීෆ් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මියගිය ගණන 17 ක් පමණක් කියාය. පිපිරීම සිදුවූයේ පුපුරන ද්‍රව්‍ය තොගයක් ආයුධ ගබඩාවේ අසුරමින් සිටිද්දී බවත් එය සෙබළකුගේ අත්වැරදීමක් නිසා සිදුවූවක් බවත් ෂරීෆ් වැඩි දුරටත් හෙළිකර සිටියේය. පිපිරීමත් සමඟ ලෝකයේ බොහෝ දෙනා කලබලයට පත් වූයේ ඇමෙරිකාවෙන් හෝ ඊශ‍්‍රායලයෙන් හෝ ඉරානයට හමුදා ප‍්‍රහාරයක් එල්ල වෙන්න ඇති කියාය. 1979 වසරේදී ඉරානයේ විප්ලවීය හමුදාව පිහිටුවනු ලැබුවේ දේශීය වශයෙන් හෝ විදේශීය හෝ වශයෙන් හට ගන්නා ඕනෑම සතුරු ප‍්‍රහාරයකට සාර්ථකව මුහුණ දිය හැකි ලෙසිනි. පසුගිය වසර කිහිපය පුරාවටම ඉරානයේ හමුදා ශක්තිය වැඩි කිරීමට විප්ලවීය හමුදා සෙබළු සමත් වූහ. ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවත් එය ලෝකයට තර්ජනයක් බවත් චෝදනා කරමින් ඇමෙරිකාව, ඊශ‍්‍රායලය සහ බි‍්‍රතාන්‍ය ඉරානයට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටියි. කෙසේ නමුත් ඔබාමා පරිපාලනය අවධාරණය කර ඇත්තේ රාජතාන්ති‍්‍රක මට්ටමින් සම්බාධක පනවා ඉරානයේ විනාශකාරී න්‍යෂ්ටික වැඩසටහනට බාධා කරනවා මිසක් හමුදා ප‍්‍රහාරයක් සැලැසුම් නොකරන බවය.
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉරානයේ හමුදා මූලස්ථානයක ප‍්‍රබල පිපිරීමක්