IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කැබිනට් අමාත්‍ය පදවි 15ක් අප වැනි රටකට මදිද?

ලංකාවේ කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම දිගින් දිගටම ඇදෙන දේශපාලන ප්‍රශ්නයක් බවට හැරී තිබේ. එය දේශපාලන ප්‍රශ්නයක් වන්නේ රටේ ජනතාවට වඩාත් වැදගත් වන්නේ ආණ්ඩුවේ සිටිය යුතු අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව නොව කැබිනට් මණ්ඩලය හරහා සිදුවන කාර්යභාරය බැවිනි.

මේ වනවිට පත්කරනු ලැබ සිටින 22ක් වන කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව30 දක්වා ඉහළ දැමීමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩ සැලසී තිබේ. රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද දැනට 38කි. ඒ සංඛ්‍යාව ද ඉහළ යාමට නියමිතය. මේ පසුබිමේ ආණ්ඩුව තුළ සිටින අමාත්‍ය ධුර නොලැබූ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් බලවත් සේ විස්සෝපයට පත්ව සිටින බවක් ද පසුගිය දා මාධ්‍යවල සිරස්තල මවා තිබිණි.

රටේ දේශපාලනික සහ සමාජ ආර්ථික තොරතුරු පිළිබඳ අධ්‍යයනය කරන ස්වාධීන ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය ශ්‍රී ලංකාවට ගැළපෙන අමාත්‍යංශ සංඛ්‍යාව සහ එම අමාත්‍යංශවලට වෙන්විය යුතු කාර්යභාරය පිළිබඳ කළ සමීක්ෂණයක වාර්තාවක් පසුගියදා එළි දක්වා තිබිණි. එම වාර්තාව පදනම් වී තිබුණේ කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක වන ආණ්ඩුවක් ඇතිකර ගැනීම සඳහා නිරාකරණය කරගත යුතු ගැටලු හඳුනා ගැනීම මූලික කර ගනිමිනි.

ඒ සඳහා පසුගිය කාලය තුළ සිදුකළ පර් යේෂණ මත පදනම්ව රටට ගැළපෙන අමාත්‍යංශ 15ක ආදර්ශ නියැඳියක් වෙරිටේ රිසර්ච් ආයතනය මගින් ඉදිරිපත් කර තිබිණි. එම නියැඳියට අනුව කාර්යක්ෂම සහ ඵලදායී ලෙසට ආණ්ඩුවක් ක්‍රියාත්මක කිරීම සඳහා එක් එක් අමාත්‍යංශවලට වෙන් කෙරෙන කාර්යභාරය ද වෙන් වෙන් වශයෙන් දක්වා තිබීම ද විශේෂත්වයකි.

මෙරට බලයට පත් ආණ්ඩු කෙදිනකවත් රටේ පාලනය කාර්යක්ෂමව කිරීමේ පදනම මත කැබිනට් අමාත්‍යවරුන් පත්කර නැත. අමාත්‍යවරුන් කිහිප දෙනකුට ඇතැම් ආණ්ඩු මගින් ඒ ආකාරයට සැලසුම් කර පත්වීම් ලබාදී තිබුණත් බොහොමයක් රාජ්‍ය නායකයන් කළේ වඩාත් ජ්‍යෙෂ්ඨ සහ තමන්ගේ මතයට එරෙහිව නොයනු ඇති බවට විශ්වාස කරන පුද්ගලයන් හට කැබිනට් තනතුරු ප්‍රදානය කිරීමය.

එසේම රජය පවත්වාගෙන යාමට සහාය දක්වන සුළු පක්ෂවල නායකයන් සතුටු කිරීම වෙනුවෙන් ද ඉතා වැදගත් අමාත්‍යංශ ගණනාවක් වෙන් කිරීම ද චාරිත්‍රයක් බවට පත්ව තිබේ. මේ තීන්දු ගැනීම්වල අවසානය නිදහස ලබා වසර75ක් ගතවන විට ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් බවට පත් වීමය. 

කැබිනට් අමාත්‍ය ධුරවලින් පිදුම් ලැබූ දේශපාලනඥයන්ගෙන් මේ රටට කිසිදු සේවයක් සිදු නොවී යැයි පැවසීමට අපි ඉක්මන් නොවෙමු. ඇතැම් අමාත්‍යවරුන් ඉතා දූරදර්ශීව ක්‍රියාත්මක වෙමින් රටේ දේශපාලනික, සමාජ සහ ආර්ථික දිශානතිය වෙනස් කිරීමට ප්‍රබල දායකත්වයක් දක්වා ඇති බව සඳහන් කළ යුතුය. එහෙත් බහුතරයක් අමාත්‍යවරුන්ගේ බඩගෝස්තරවා දී තීන්දු තීරණ කාර්යක්ෂම ඵලදායී පාලනයක් ගෙන යාමට උපකාරී වී නැත. සංඛ්‍යාත්මකව අමාත්‍යංශ ප්‍රමාණය වැඩිවීම කිසිසේත් කාර්යක්ෂම පාලනයට උදව් කරන්නේ නැත.

මේ බව උපුටා දක්වා වෙරිටේ රිසර්ට් සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ 2010 සහ 2020 කාලය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල සහ අස්ථාවර කැබිනට් අමාත්‍යංශ පිහිටුවා තිබීම කාර්යක්ෂම සහ ඵලදායී ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා කිසිදු දායකත්වයක් දක්වා නොමැති බවය. ඒ හරහා ඇති වූ ගැටලු හඳුනා ගනිමින් රටට ගැළපෙන අමාත්‍යංශ 15ක ආදර්ශ නියැඳියක් ඔවුන් සකසා ඇත්තේ ඒ ඒ විෂයට වැදගත් වන අමාත්‍යංශ තෝරා බේරා ගනිමිනි.

එම වාර්තාව ගෙඩි පිටින් ආදර්ශයට ගත යුතු යැයි අප කියන්නේ නැත. එහෙත් අති විශාල කැබිනට් මණ්ඩලයක් පවත්වා ගෙනයාම රටේ ගැටලු තවත් උග්‍ර කළා මිස ඒවාට විසඳුමක් ලබා නුදුන් බව පැහැදිලිව පෙනෙන සත්‍යයයි. ඒ තත්ත්වය දැන්වත් වෙනස් විය යුතු නොවේද?

මේ රටේ කැබිනට් අමාත්‍ය ධුර වෙන්වීම අඩුම තරමින් ජනගහන අනුපාතය සමඟ හෝ සමපාත වන්නේ නැත. මිලියන 22ක ජනතාවක් සිටින අපේ රටට කැබිනට් අමාත්‍ය ධුර 30ක්ද රාජ්‍ය අමාත්‍ය ධුර 45ක් ද වෙන්වී තිබේ. එහෙත් අධික ජනගහනයක් සිටින ලොව බලවත් සහ ධනවත් රටවල් බොහොමයක අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉතා අඩුය.

කෝටි 142ක් සිටින චීනයේ කැබිනට් අමාත්‍ය ධුර 26කි. එවැනිම ජනගහනයක් සිටින ඉන්දියාවේ අමාත්‍ය ධුර29කි. අමෙරිකාවේ වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුර හා සමාන වන ලේකම් ධුර ඇත්තේ 15ක් පමණි. එසේනම් අපේ රට අපේ ආර්ථිකයට ගැළපෙන සේ කුඩා අමාත්‍ය මණ්ඩලයකින් පාලනය කළ නොහැක්කේ මන්ද?

අපේ රටේ අමාත්‍ය ධුර යනු විශාල වරප්‍රසාද සහිත පදවි වීම ඊට හේතුවය. මේ අධි වරප්‍රසාදිත ධුරය රටේ ආණ්ඩු බලය හසුරුවයි. ඒ සඳහා වාර්ෂිකව වැයවන බිලියන ගණනක මුදල් ගෙවා දමන්නේ මහජනතාවගේ බදු මුදලිනි. වෙනත් රටවල එවැනි වරප්‍රසාද කැබිනට් අමාත්‍යවරුන්ට නැත. ඒ රටවල් දියුණු වෙද්දී අපේ රට පරිහානියට පත්වීම පිළිබඳ තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.

(***)



අදහස් (0)

කැබිනට් අමාත්‍ය පදවි 15ක් අප වැනි රටකට මදිද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3849 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3722 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 10945 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1860 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 622 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 772 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1495 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site