IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඇමතිත් අඩු මිල බිත්තර ගනී

(අංජුල මහික වීරරත්න)

රුපියල් 55ට බිත්තර අලෙවි කිරීමේ වැඩසටහන කොළඹ සහ ගම්පහ දී අද ආරම්භ කෙරුණු අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තරමුල්ලේ දී අඩු මිල බිත්තර මල්ලක් මිලදී ගත්තේය.

වෙළෙඳ පොළේ බිත්තර මිල රුපියල් 65-70 දක්වා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් පාරිභෝගිකයින්ට රුපියල් 55ක මිලක් යටතේ බිත්තර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම්වලින් ඉල්ලිමක් කළේය.

ඒ අනුව කොළඹ හා ගම්පහ ප්‍රදේශ කිහිපයක බිත්තර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළ අද  (28) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආරම්භ විය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය  ලොරි රථ 10කින් ස්ථාන 10ක බිත්තර ලක්ෂ 04ක් අලෙවි කිරීමට අපේක්ෂිත බව එම සංගමය පැවසීය.

මීට අමතරව මෙම මස 30 දින ගාල්ල හා මහනුවර නාගරික ප්‍රදේශ තුළ බිත්තර අලෙවි කිරීම සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අදහස් (9)

ඇමතිත් අඩු මිල බිත්තර ගනී

fairoos Wednesday, 28 December 2022 05:37 PM

අනේ පවු... ආර්ථික ප්‍රශ්නවලින් බැටකන මනුස්සයෙක්...

:       0       15

විජිත් Wednesday, 28 December 2022 06:13 PM

"මුදලාලි මහත්තයෝ, ඔතැන කුණු බිත්තර තියෙනවා නම් දෙගුණයක් ගෙවලා මම මේ දැන් ගන්නවා. ගොදුර කඩේ ළඟටම ඇවිල්ලා. මට හරි ආසාවක් තිබෙනවා මේ දූෂිත දේශකාපාලුවන්ගේ ඔලුව කුණු බිත්තර වලින් නාවන්න..".. රට වනසලා තවත් වනසමින් ... කැලෑ කපන්න මේ දැනුත් මෙයා අවසර දෙනවා. දැන් දන්නවා අනාගතයක් නැහැ කියලා. ඒනිසා සූරාගෙනම කනවා. අමරවීර මේ අහනවා ආණ්ඩුව වැටුණු දාට ඔයාගේ වටේ ඉන්න සෙකියුරිටි බට්ටන් ආපහු පොලිසිවලට යන්න ඕනෑ. මිනිස්සුන්ට අහුවුණොත් තමන්ව සම්බෝල තමයි.

:       0       19

Perera Wednesday, 28 December 2022 07:35 PM

මෝඩයින්ව රවටන බොරු ජවනිකා මේවා...

:       0       3

සුරංග Thursday, 29 December 2022 05:36 AM

ඇමති බිත්තරයක් ගන්නවා වගේ කිසිම වැදගත් කමක් නැති පුවත් පත්තරේට ලියන පිරිස් හා ඒවා පලකරන මහත්වරු අහිංසක මිනිස්සු කෑමට යමක් කමක් මිලට ගන්න විදින දුක පත්තරේ නොදාන්නෙ මොකද කියලා අහන්න කැමතියි

:       0       5

වාසුදේව Thursday, 29 December 2022 07:36 AM

මේ ඇමතියා නම් හැමදාම රටට විහිළු සපයන්නෙක්... යකෝ දෙන ඛිත්තරයක් මුලුරටම දෙන්නකෝ... ජනතාව ගොනාට අන්දන්නේ නැතිව...

:       0       4

විජිත් Thursday, 29 December 2022 07:41 AM

"ගන්න සර් මේ ලොකුම බිත්තර , මෙතන බිත්තර 15 ක් තියෙනවා ..." " හොඳයි..හොඳයි..හි හි බොහොම ඉස්තුතියි.. " "..සර්...සල්ලි..? " " ආ ..ඒවා අපිට කොහොම කරගන්න බැරිද..? අපි අඳුරන්නේ නැති අය නොවෙයිනේ...හි...හි " " ඔහේව හොඳට අඳුරන නිසා තමයි අත්පිට මුදල් ඉල්ලන්නේ.. අද සල්ලි ඕනෑමයි. අපි සල්ලි ඉල්ලාගෙන ඔහේගේ ගෙදරට ආවොත් උසි ගන්වනවා. එහෙම නැතිනම් සෙකියුරිටි අයව උසි ගන්වනවා... ඒ සෙල්ලම් වලට අපි අහුවෙන්නේ නැහැ දැන්. කන පලාගන්නේ නැතිව දෙන්න බිත්තර මල්ල ආපහු.. බිත්තර ඕනෑනම් දෙන්න සල්ලි...!!!

:       0       5

sharm warn Thursday, 29 December 2022 10:43 AM

රුපියල් 16-18 වගේ තිබිච්ච බිත්තර 60 වෙනකල් යන්න ඇරලා, රුපියල් 5ක් අඩුකරලා, ජනතාවට සහන දෙන ගොබ්බයින්ගේ ඇමැතිලා.. ජනතාවනි, මෙයාලාට සාධාරණයක් කළා නම්...!

:       0       2

Ajantha Thursday, 29 December 2022 11:14 AM

දැන් එතකොට බස්නාහිර පළාතේ අයට විතරද අඩුමිලට බිත්තර කන්න පුළුවන්..? මුළු රටටම අඩුමිලට ගන්න පුළුවන් විදිහක් හදන්න...

:       0       2

ක්‍රිෂාන් Saturday, 31 December 2022 08:59 AM

මහරගම : රු 62 /- දිනය 30/12/2022. අනික් නගර කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන




ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2324 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 968 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1207 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site