IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


​කුරුලෑවට බායි කියන්නට නම්...

යොවුන් වියේ පසුවන ඔබේ හිතට වදයක් විය හැකි ගැටලුවක් තමයි කුරුලෑ. කළු හෝ සුදු පැහැති කුඩා බිබිලිවලට “බ්ලැක් හෙඩ්ස්” කියද්දි පොඩි රතු පැහැති බිබිලිවලට අපි “පිම්පල්ස්” නැතිනම් කුරුලෑ කියනවා. ඒ වගේම සැරව බිබිලි සේ සුදු පැහැති බිබිලි ඇති වීම නැතහොත් “පෙස්ටියුලා” විශාල බිබිලි ඇති වීම අපි කුරුලෑ ලෙස හඳුන්වනවා.

පුංචි බිබිලිවලින් ලොකු හානියක් නැතත් විශාල ප්‍රමාණයේ ඒවායින් ලප කැළැල් විශාල ලෙස මතුවන්නට පුළුවන්. ඒ වගේම මුහුණේ පැහැපත් බව නැති කරන්නටත් මේ කැළැල්වලට පුළුවන්. කොහොමද මේවා පාලනය කර ගන්නේ. මේ කියන්නේ ඒ ගැනයි.

ඕනෑම කෙනෙකුගේ සමේ තෙල් සාදන ග්‍රන්ථිය වන රෝම කූප සම්බන්ධ වන ස්ථානයේ  බිබිලක් විදිහට සමට නෙරාගිය කොටසක් පවතින අතරම ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව තරුණ වයසේදී  හෝර්මෝන ස්‍රාවය වන නිසා ඇතැම් අවස්ථාවලදී බල්බයක්  ආකාරය සම තුළ හිරවීමක් වෙන්න පුළුවන්. හෝර්මෝන ස්ටෙක්ටරන් නමින් මෙය හඳුන්වනවා. සමේ සාමාන්‍යයෙන් ඇති බැක්ටීරියා මෙම බිබිල තුළට රිංගා හෝර්මෝන වැඩියෙන් පවතිනවිට ඉතාමත් හොඳින් වර්ධනය වන්නටත් පටන් ගන්නවා. එහිදී නාලය සිරවීමක් වුවහොත්  එම බිබිල විශාල වී ඉදිමී  කුරුලෑවක් බවට පත් වෙනවා.

කුරුලෑවක් ඇති වෙන්නෙ මෙහෙම වුණත්, සමහරුන්ට කුරුලෑ ඇති වෙන්න හේතු එකිනෙකට වෙනස්. ඔබ අහලවත් නැතිව ඇති මේ හේතු නිසා කුරුලෑ වැඩිවන බව. ඒ හේතු මොනවද යන්නත් හඳුනා ගනිමු. කළු පැහැති සමක් ඇති මුහුණේ පවා රෝම වැවෙන අය, ඔසප් චක්‍රය අක්‍රමවත් හා ඩිම්බ කෝෂයන්ගේ රෝග ඇති කාන්තාවන්ට මෙන්ම මුහුණේ වැඩිපුර රෝම ඇති කාන්තාවකට, පිටියුටරි ග්‍රන්ථියේ රෝග තත්ත්වයන් ඇති අය, ස්ටීරොයිඩ වර්ගයේ ඖෂධ ගන්නා අය, මී මැස්මොරය රෝගය ඇති අය, ඇතැම් මානසික රෝගවලට දෙන ඖෂධ භාවිත කරන අය, ක්‍ෂණික ආහාර මෙන්ම අධික ලෙස කිරි ආහාර භාවිත කරන අය. ප්‍රමිතියෙන් තොර ආලේපන ගල්වන අය. චොක්ලට් වැඩිපුර ආහාරයට ගන්නා අය, සමේ පිරිසුදුකම ගැන නොසැලකිලිමත් අය, නිරන්තරයෙන් රූපලාවණ්‍ය කටයුතු කරන අය, ප්‍රමාණවත් නින්දක් නොලබන අයට සහ ඌෂ්ණ දේශගුණයක සිටින අයට වැඩිපුර කුරුලෑ මතුවෙන්න පුළුවන්. ඒත් කුරුලෑවලට දැන් නවීන ප්‍රතිකාර රාශියක් තිබෙන බැවින් බය නොවී චර්ම රෝග සායනයකට ගොස් උපදෙස් ගන්න පුළුවන්.

ඒ වගේම කිසිවිටක කුරුලෑ ඇල්ලීම හා කැඩීම කරන්න එපා, PH අගය  5-7ත් අතර මෘදු සබන් භාවිත කරන්න, හිතුමතේ ඖෂධ භාවිත නොකරන්න, නිර්දේශිත ඖෂධ නියමිත කාලයට නියම ප්‍රමාණයන්ගෙන් ගන්න, සම සුදුවීමට ගන්නා ස්ටීරොයිඩ ගණයේ ආලේපවලින් වළකින්න. මානසික ආතතීන්ගෙන් මිදෙන්න. තෙල් සහිත මාංශවලට වඩා ශාකමය ආහාරයන්ට නැඹුරු වෙන්න. විටමින් E සහ C අධික පලතුරු ආහාරයට ගන්න. හුමාලයට මුහුණ අල්ලා සතියට දින දෙකක්වත් මුහුණ පිරිසුදු කර ගැනීමෙන් අධික තෙල්  ඉවත් කර ගන්න. ඔබ කුරුලෑවලින් දැඩිව පීඩාවට පත් අයෙකු නම්,  නිසි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවන්න.

උපදෙස් - චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර



අදහස් (0)

​කුරුලෑවට බායි කියන්නට නම්...

ඔබේ අදහස් එවන්න

Tharunaya

කියවන්න කැමති අයට අලුත් App එකක්
2023 දෙසැම්බර් මස 25 4117 0

බොහෝ දෙනෙකු තවමත් පොත් කියවන්න කැමතියි. ඒත් පොත් හොයා ගන්න තමයි අමාරු.


සාපෙළින් පසු සාපයක් නොවන්නට
2023 දෙසැම්බර් මස 13 1316 1

මෙවර අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල නිකුත් වුණේ වෙනදා මෙන් නොව තරමක් ප්‍රමාදවය. එම ප්‍රතිඵල නිකුත් වන විටද විභාග ප්‍රතිඵල කෙරෙහි විශ්වාසය තැබූ ඇතැම් සිසුන් වෙද


නිරෝගිමත් කෙස් කළඹකට රහස්
2023 ඔක්තෝබර් මස 03 2093 0

කෙස් කළඹ මගින් කාන්තාවකට ලබා දෙන්නේ ඉතා අගනා සුන්දරත්වයකි. මේ නිසාම සෑම කාන්තාවක්ම නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට සිහින මවති. වර්තමානයේ කාන්තාවන් බොහෝ ද


’’අයිලයේ තැනි බිමට ආයෙ ඇව්දින් යන්න’’
2023 අගෝස්තු මස 21 1196 0

සුරංගි ලියනපතිරණ ලියූ ’’අයිලයේ තැනි බිමට ආයෙ ඇව්දින් යන්න’’ කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය රුහුණු විශ්ව විද්‍යාලයේ ධීවර හා සාගර විද්‍යා හා තාක්


​කුරුලෑවට බායි කියන්නට නම්...
2023 මාර්තු මස 23 3363 0

යොවුන් වියේ පසුවන ඔබේ හිතට වදයක් විය හැකි ගැටලුවක් තමයි කුරුලෑ. කළු හෝ සුදු පැහැති කුඩා බිබිලිවලට “බ්ලැක් හෙඩ්ස්” කියද්දි පොඩි රතු පැහැති බිබිලිවලට අප


රැකියාවක් වෙනුවෙන් යන පළමු සම්මුඛ පරීක්ෂණය සාර්ථක කරගන්න ඉඟි
2023 මාර්තු මස 23 2783 0

උසස් පෙළ විභාගය නිමා වූ සැනින් තරුණ ඔබ රැකියාවක් සොයා ගැනීමට වෙහෙස වෙනවා. වර්තමාන ආර්ථිකයත් එක්ක එය හොඳ තීරණයක්. ඉතිං ඔබේ මුල්ම සම්මුඛ පරීක්ෂණයට යන ඔබට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site