IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ගර්භිනී මව්වරුන් ඩෙංගු ගැන දැනගත යුතුම දේ

 

රට පුරා අධි වසංගත තත්ත්වයකට ගමන් කරමින් පවතින ඩෙංගු රෝගය, හෙට උපදින පුංචි දරවන්ගේ ජිවිත පවා උදුරා ගන්නා තරමට සැහැසි වන රුදුරු  ලකුණු පෙනෙන්නට ඇත.


මේ දිනවල පැතිර යන ඩෙංගු හා ඉන්ෆ්ළුවෙන්සා රෝග වැලඳුණු ගර්භිණී මව්වරුන් අනෙක් අයට වඩා අවදානම් තත්ත්වයට පත් විය හැකි බවත්, විශේෂයෙන්ම ඩෙංගු රෝගි තත්ත්වය මත ඇතිවන උග්‍ර සංකුලතා හේතුවෙන් දරු ප්‍රසූතියේ දි වඩාත් අවදානම්කාරි තත්ත්වයක් මතුවිය හැකි බවත් පවසන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහතා ය.

උණ වැලඳුණු ගර්භිණී හෝ පසු ප්‍රසව මව්වරුන් පළමු දිනයේදී ම රෝහල්ගත කිරීමෙන් ඔවුන්ට විශේෂිත ප්‍රතිකාර ලබා දිය හැකි බවත්, එවැනි මව්වරුන් පළමු දිනයේදීම රෝහල් ගතවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙයට පෙර දැනුම් දි තිබිණ.


විශේෂයෙන්ම ගර්භිණී මව්වරුන්ට අධික ලෙස උණ පවතීනම්, රෝගි වු පළමු දිනයේදී ම රෝහල්ගත කිරීමට කටයුතු කරන ලෙසට වෛද්‍ය ආයතනවලට, රජයේ සහ පුද්ගලික වෛද්‍යවරුන්ට, බාහිර රෝගි අංශවලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට උපදෙස් ද නිකුත් කර තිබිණ. 


කෙසේ වුව ද පවතින මෙම අවදානම්කාරි තත්ත්වයන් නොසලකා සිටියහොත් ඇතිවන තත්ත්වයන් අවාසනාවන්ත මෙන්ම සෝචනීය බැවින් මේ පිළිබඳව දැඩි අවධානයකින් යුතුව සෞඛ්‍ය ආරක්ෂිතව වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසට ගර්භිණී මව්වරුන්ගෙන් ඉල්ලා සිටින බව විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලා සිටින්නේ මෙම පසුබිම තුළ ය. 
තමන්ට ඩෙංගු රෝග ලක්ෂණ පවතින්නේ නම්, තමන් ජිවත් වෙන ප්‍රදේශයේ ඩෙංගු අවදානම අධිකව පවතින්නේ නම් එම ගර්භණී මව්වරුන් ඩෙංගු සඳහා රුධිර පරික්ෂාවක් අනිවායයෙන්ම  කරගැනීම මෙන්ම කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු වි අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා ගත යුතුව තිඛෙන බව ද ඒ මහතා පවසයි.
ගර්භිණී සමයේ දී හෝ දරු ප්‍රසූතියෙන් පසු මුල් කාලයේ දී තමන්ට අධික ලෙස උණ පවතී නම්, ඩෙංගු රෝග ලක්ෂණ පවතී නම් තමන් වහාම රුධිර පරික්ෂණයක් කර ගත යුතුව  ඇති බව ද ඒ මහතා අවධාරණය කර සිටි. 


ඩෙංගු රෝගය වැලඳුණු කෙනෙකුට තමන්ට උණ රෝගය වැලඳුණු ප්‍රථම දිනයේ සිට දින 3-4-5 යන කාලයේ දි රුධිර පට්ටිකා අඩුවිමත් සමගම වාගේ බොහෝ දුරට රුධිර නාළවලින් පිටතට එම රුධිර නාළවල ඇති තරල පැමිණීම නිසා ගැටලු ගණනාවක් ඇති වෙනවා. මෙයට කියන්නේ  Dengue Shock Syndrome කියලයි. රුධිර නාළවලින් පිටතට රුධිරයේ ඇති තරල පිටතට ගිය විට රුධිර පරිමාව අඩුවෙලා (Leaking face) තත්ත්වය මත රෝගියාගේ රුධිර පීඩනය අඩුවිම නිසා එය රෝගියාගේ ජීවිතයට විශාල අනතුරුදායක වන්නට පුළුවන්. රුධිර පීඩනය අඩුවෙලා ලේ ගමනාගමනය අඩුවිම නිසා අක්මාව,  වකුගඩු වැනි ශරිරයේ වැදගත් ඉන්ද්‍රියන්ට රුධිර සැපැයීම නැති වෙන්න පුළුවන්. එහිදි සෛලවලට ඇතිවන බලපෑම නිසා එම ඉන්ද්‍රියන් තාවකාලිකව අකර්මණ්‍යවන්න පුළුවන්. මේ අවස්ථාවේ දි සිදුවිය හැකි අවාසනාවන්තම තත්ත්වය තමයි රුධිර පීඩනය අඩුවු විට වැදෑමහ හරහා කුසයේ සිටින දරුවාට රුධිරය ගමන් කිරීමක් සිදු නොවීම නිසා දරුවාගේ ජීවිතය දැඩි අවදානමකට ලක්වී සමහර විට දරුවා ජීවිතක්ෂයට පවා යාමට ඉඩ තිඛෙනවා. විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහතා පැහැදිලි කර සිටියේ එසේ ය.


ඔහු මෙහිද දැඩිව අවධාරණය කරමින් කියා සිටින්නේ මේ තත්ත්වය සරල නොවන බවත් එය අතිශය බියකරු සහ අවාසනාවන්ත තත්ත්වයක් බැවින් තමන්ට ඩෙංගු වෛරසය ශරිරගතවී ඇත්නම්, ඩෙංගු වැලඳී ඇත්නම් වහාම එම  ගර්භිණි මව කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවි සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීම මෙන්ම රෝහල් ගතවීම අවශ්‍ය බව ය.


වෛද්‍යවරුන් විසින් රෝගියාගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීම, මුත්‍රා පිටවීම නිවැරැදිව පරීක්ෂා කිරීම, රුධිර පරිමාව නිසි ලෙස පවතින්නේ දැයි පරීක්ෂා කිරීම ඇතුළු එම මව්වරුන්ට අදාළ විශේෂිත ප්‍රතිකාර ලබා දීම කෙරෙන හෙයින් මවත් දරුවත් ආරක්ෂා වෙන බවයි.


ගර්භිණී මවකට  ඩෙංගු රෝගය වැලඳුණු නිසා ඇතිවන තත්ත්වය ගැන මෙන්ම  දරුවාට ඉන් ඇතිවන හානිදයක තත්ත්වය ගැන මෙන්ම තමන් ඩෙංගු සඳහා ගන්න ඖෂධ හේතුවෙන් දරුවාට කිසියම් හානියක් සිදුවේ ද යන්න පිළිබඳව අප වැඩිදුරටත් වෛද්‍ය විජිත් විද්‍යාභුෂණ මහතා විමසුවෙමු.
මම මුලින් සඳහන් කළා වගේ ගර්භිණී මවකට  ඩෙංගු උණ හැදුනොත් තියෙන අවදානම තමයි ප්‍රසූතියේදි සංකුලතා ඇතිවිය හැකියි. ප්‍රසූතිය ආසන්න අන්තිම සති ගාණට හැදුනොත් ප්‍රශ්න ඇතිවිය හැකියි.  මොකද එහිදි  රුධිර පට්ටිකා අඩු වෙනවා. සාමන්‍ය කෙනෙකුගේ  රුධිර පට්ටිකා 10000 වුණත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.නමුත් ගර්භිණී භාවයේ දි ඒක ප්‍රශ්නයක් ඇති වන්නේ  ප්‍රසුතියේදි එක්කො සිසේරියන් සැත්කමදි සාමන්‍ය දරු ප්‍රසූතියක දි අධික රුධිර වහනය ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඩෙංගු රෝගයක් තිබියදි ප්‍රසූතියක් කිරිමේදී සංකුලතා ඇතිවිය හැකි නිසා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ.


ගර්භිණී කාලය තුළ ඩෙංගු වෛරසය දරුවට ගිහිල්ලා ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ .නමුත් දරු ප්‍රසූතිය ආසන්නයේදී දරැවා බිහිවන විට, සමහර දරුවන්ට මේ ඩෙංගු වෛරසය ගිහින් තිබුණු අවස්ථා තියෙනවා. නමුත්  ඒක සුලබ තත්ත්වයක් නෙමෙයි.


ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලෙස ගන්නා ඖෂධ හේතුවෙන් ගර්භිණී මවගේ කළලයට කිසියම් හානියක් විය හැකිද


ගොඩාක් මව්වරුන් බය වෙනවා ඩෙංගු හැදෙනකොට ඒ වෛරසය දරුවාට ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙනවා කියලා. ඇත්තටම මේක සිදුවන්නේ ඩෙංගු වෛරසයෙන් නෙමෙයි. ඩෙංගු හැදෙනකොට රුධිර නාළවලින් පිටතට රුධිරය ගිහිල්ලා, පීඩනය අඩු වෙන නිසා තමයි ඒකෙන් ඇතිවන සංකුලතා නිසා තමයි ඩෙංගු පිළිබද ප්‍රශ්න ඇති වෙන්නේ. නිවැරිදිව තමන්ගේ රුධිර පීඩනය පවත්වා ගෙන යන විට එම ප්‍රශ්න කිසිවක් ඇතිවෙන්නේ නැහැ.


අනික් කාරණය තමයි ඩෙංගු රෝග ලක්ෂණ වලට විතරයි අපි ප්‍රතිකාර දෙන්නේ. වෙනත් ඖෂධ දෙන්නේ නැහැ ඩෙංගු ඖෂධ සහ ප්‍රතිකාර නිසා කලලයට කිසිම හානියක් සිදුවන්නේ නැහැ. 


වසංගත රෝග ඒකකයට අනුව ඉකුත් මැයි 30 වෙනිදා වන විට රටේ ඩෙංගු රෝගින් 38,639 දෙනෙකු වාර්තා වි ඇත. ඉන් 8630 ක් ම වාර්තා වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය රටේ වැඩිපුරම ජනගහනයක් සිටින ප්‍රදේශය ද වෙයි. 


පවුල් ලෙසත්, ගම්මාන හා ස්වේච්ඡා සංවිධාන ලෙසත් එකට එකතුව මුළු රටෙන්ම ඩෙංගු පළවා හැරිමට පරිසරය පිරිසිදු කරමින් ඩෙංගු මර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කළ යුතුව තිඛෙන බව බොහෝ වෛද්‍යවරුන්, සෞඛ්‍ය අංශ පැවසුව ද එය එසේ වන බවක් ද පෙනෙන්නට නැත. පවතින මෙම තත්ත්වය සැබෑ බරකින් ගෙන කටයුතු කළ යුතුව තිබේ.

 

 

■ පද්මිණී‚ මාතරගේ



අදහස් (0)

ගර්භිනී මව්වරුන් ඩෙංගු ගැන දැනගත යුතුම දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

බෙරගල කන්දේ වැඩසිටින රහතන් වහන්සේලා
2025 මැයි මස 08 31 0

ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.


ඉදිරි දහ අට මාසයේ පෙරළි බහුලයි
2025 මැයි මස 08 24 0

ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත


සූර්යවංශි, ක්‍රිකට් වංශකතාවේ යෝධයෙක් වෙයිද
2025 මැයි මස 08 22 0

මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ


වෙසක් මස ග්‍රහ ගමන ඔබේ ලග්නයට කෙරෙන බලපෑම
2025 මැයි මස 08 32 0

මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය


සඳු කේන්දරයේ පිහිටන ආකාරය අනුව ඔබේ අනාගතය ගැන කියවෙන රහස්
2025 මැයි මස 08 12 0

කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම


රජෝදර්ශන කාලයේදී ස්නානය සුදුසු ද
2025 මැයි මස 08 17 0

ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 39 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site