IMG-LOGO

කොටහේනේ වෙඩි තැබීමක්

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටහේන, සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසකට පැමිණි නාදුනන වෙඩික්කරුවෙකු විසින් අද (16) සවස  කළ වෙඩි තැබීමකින්  පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කොටහේන පොලිසිය පවසයි.

තුවාල ලැබූ පිරිමි පුද්ගලයා පූකුඩි කන්නා නැමති මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කරුගේ සමීප තමයකු බව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

තුවාල ලැබූ කාන්තාව එම පුද්ගලයාගේ ලොකු අම්මා බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පලකරයි.

වෙඩික්කරු සුමිත්තාරාම පාර ප්‍රදේශයේ නිවසට  යතුරු පැදිය මගනවතා   පයින් පැමිණ වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය දැනට කළ විමර්ශනවලදී අනාවරණයය වී ඇත. 

කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියන ආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති



අදහස් (0)

කොටහේනේ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site