
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සංස්ථාව දැරූ මුදල රුපියල් කෝටි හතරකට වැඩිය.
රුපියල් කෝටියකට වඩා වටිනා නව බෝට්ටුවක්ද මෙම ව්‍යාපෘතිය සඳහා යොදවාගෙන තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.
නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සංස්ථාව මෙම බෝට්ටු සේවාව ආරම්භ කර තිබූ බව විගණන අංශ පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd